Skip to content
සූරා ලැයිස්තුව /

النِّسَاء

النِّسَاء is chapter 4 of the Quran and has 176 verses. This page presents it in full in the Uthmani script, with a verse-by-verse translation of its meaning.

176 වැකි සූරා අංකය 4
වැකියට යන්න
සිංහල · Mahir
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

يَٰٓأَيُّهَا ٱلنَّاسُ ٱتَّقُواْ رَبَّكُمُ ٱلَّذِي خَلَقَكُم مِّن نَّفۡسٖ وَٰحِدَةٖ وَخَلَقَ مِنۡهَا زَوۡجَهَا وَبَثَّ مِنۡهُمَا رِجَالٗا كَثِيرٗا وَنِسَآءٗۚ وَٱتَّقُواْ ٱللَّهَ ٱلَّذِي تَسَآءَلُونَ بِهِۦ وَٱلۡأَرۡحَامَۚ إِنَّ ٱللَّهَ كَانَ عَلَيۡكُمۡ رَقِيبٗا

අහෝ මිනිසුනි! නුඹලා නුඹලාගේ පරමාධිපතිට බිය බැතිමත් වනු. ඔහු වනාහි නුඹලාව එක ම ආත්මයකින් නිර්මාණය කළේ ය. තවද එහි සහකාරිය ද ඉන් නිර්මාණය කළේ ය. ඒ දෙදෙනාගෙන් අධික වශයෙන් පිරිමින් හා ගැහැණුන් ව්‍යාප්ත කළේ ය. තවද නුඹලා එකිනෙකා කවර කරුණක (අයිතියක්) ඉල්ලා සිටින්නේ ද ඒ ගැන ද ලේ ඥාතීත්වය (බිඳ දැමීම) ගැන ද අල්ලාහ්ට බිය වනු. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා කෙරෙහි සර්ව නිරීක්ෂකයා විය.

وَءَاتُواْ ٱلۡيَتَٰمَىٰٓ أَمۡوَٰلَهُمۡۖ وَلَا تَتَبَدَّلُواْ ٱلۡخَبِيثَ بِٱلطَّيِّبِۖ وَلَا تَأۡكُلُوٓاْ أَمۡوَٰلَهُمۡ إِلَىٰٓ أَمۡوَٰلِكُمۡۚ إِنَّهُۥ كَانَ حُوبٗا كَبِيرٗا

තවද අනාථයින්ට ඔවුන්ගේ වස්තුව දෙනු. තවද නුඹලා පිවිතුරු දෑ වෙනුවට කිලිටි දෑ හුවමාරු නො කරනු. තවද ඔවුන්ගේ වස්තුව නුඹලාගේ වස්තුව සමඟ එකතු කර කා නො දමනු. සැබැවින් ම එය මහත් වූ පාපයකි.

وَإِنۡ خِفۡتُمۡ أَلَّا تُقۡسِطُواْ فِي ٱلۡيَتَٰمَىٰ فَٱنكِحُواْ مَا طَابَ لَكُم مِّنَ ٱلنِّسَآءِ مَثۡنَىٰ وَثُلَٰثَ وَرُبَٰعَۖ فَإِنۡ خِفۡتُمۡ أَلَّا تَعۡدِلُواْ فَوَٰحِدَةً أَوۡ مَا مَلَكَتۡ أَيۡمَٰنُكُمۡۚ ذَٰلِكَ أَدۡنَىٰٓ أَلَّا تَعُولُواْ

අනාථයින් විෂයෙහි නුඹලා යුක්තිය ඉටු කිරීමට නොහැකි වනු ඇතැයි නුඹලා බිය වූයෙහු නම් (ඔවුන් හැර වෙනත්) කාන්තාවන්ගෙන් නුඹලාට ප්‍රිය මනාප දෙදෙනෙක හෝ තිදෙනෙක හෝ සිව් දෙනෙක හෝ නුඹලා විවාහ කර ගනු. එනමුත් (ඔවුන් අතර) යුක්ති සහගතව කටයුතු කිරීමට නොහැකි වේ යැයි නුඹලා බිය වූයෙහු නම් එක් තැනැත්තියක් හෝ නුඹලාගේ දකුණත හිමි (වහල්) කතක් හෝ පමණක් විය යුතු ය. නුඹලා අයුක්තිය ඉටු නො කිරීමට එය වඩා සමීප මාර්ගයයි.

وَءَاتُواْ ٱلنِّسَآءَ صَدُقَٰتِهِنَّ نِحۡلَةٗۚ فَإِن طِبۡنَ لَكُمۡ عَن شَيۡءٖ مِّنۡهُ نَفۡسٗا فَكُلُوهُ هَنِيٓـٔٗا مَّرِيٓـٔٗا

තවද නුඹලා (විවාහ වන) කාන්තාවන්ට ඔවුන්ගේ (මහර් හෙවත් යුතුකමක් වශයෙන් පිරිනමන විවාහ) පරිත්‍යාග සිත් මනාපයෙන් පිරිනමනු. පසුව ඔවුන් ඉන් කිසිවක් නුඹලාට ස්වකැමැත්තෙන් පිරිනැමුවේ නම් එවිට නුඹලා එය සතුටින් හා (කිසිදු පීඩාවකින් තොරව) පහසුවෙන් අනුභව කරනු.

وَلَا تُؤۡتُواْ ٱلسُّفَهَآءَ أَمۡوَٰلَكُمُ ٱلَّتِي جَعَلَ ٱللَّهُ لَكُمۡ قِيَٰمٗا وَٱرۡزُقُوهُمۡ فِيهَا وَٱكۡسُوهُمۡ وَقُولُواْ لَهُمۡ قَوۡلٗا مَّعۡرُوفٗا

තවද නඩත්තුව පිණිස අල්ලාහ් නුඹලාට පැවැරූ නුඹලාගේ ධන සම්පත් බුද්ධි හීන වූ අයට නො දෙනු. තවද ඒවායෙන් ඔවුනට පෝෂණය ලබා දෙනු. තවද වස්ත්‍ර ද ලබා දෙනු. තවද ඔවුනට ප්‍රිය වදනින් කතා කරනු.