Skip to content
සූරා ලැයිස්තුව /

الإسرَاء

الإسرَاء is chapter 17 of the Quran and has 111 verses. This page presents it in full in the Uthmani script, with a verse-by-verse translation of its meaning.

111 වැකි සූරා අංකය 17
වැකියට යන්න
සිංහල · Mahir
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

سُبۡحَٰنَ ٱلَّذِيٓ أَسۡرَىٰ بِعَبۡدِهِۦ لَيۡلٗا مِّنَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ إِلَى ٱلۡمَسۡجِدِ ٱلۡأَقۡصَا ٱلَّذِي بَٰرَكۡنَا حَوۡلَهُۥ لِنُرِيَهُۥ مِنۡ ءَايَٰتِنَآۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ

අපගේ සංඥාවන් ඔහුට පෙන්වනු පිණිස (මක්කාහ්වේ පිහිටි) මස්ජිදුල් හරාම්හි සිට ඒ අවට අපි සමෘද්ධිමත් කළ (ජෙරුසලමේ පිහිටි) මස්ජිදුල් අක්සා දක්වා තම ගැත්තාව එක් රාත්‍රියක ගමන් කෙරෙව්වා වූ ඔහු (අල්ලාහ්) සුවිශුද්ධ ය. නියත වශයෙන් ම ඔහු මය සර්ව ශ්‍රාවක. සර්ව නිරීක්ෂක.

وَءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ وَجَعَلۡنَٰهُ هُدٗى لِّبَنِيٓ إِسۡرَٰٓءِيلَ أَلَّا تَتَّخِذُواْ مِن دُونِي وَكِيلٗا

තවද අපි මූසාට ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු. නුඹලා මගෙන් තොරව භාරකරුවකු නො ගනු යැයි පවසා ඉස්රාඊල්ගේ දරුවන්ට එය මග පෙන්වීමක් බවට පත් කළෙමු.

ذُرِّيَّةَ مَنۡ حَمَلۡنَا مَعَ نُوحٍۚ إِنَّهُۥ كَانَ عَبۡدٗا شَكُورٗا

(නුඹලා) නූහ් සමඟ අප (නැවෙහි) ඉසිලූ අයගේ පරපුරයි. නියත වශයෙන් ම ඔහු කෘතවේදී ගැත්තෙකු විය.

وَقَضَيۡنَآ إِلَىٰ بَنِيٓ إِسۡرَٰٓءِيلَ فِي ٱلۡكِتَٰبِ لَتُفۡسِدُنَّ فِي ٱلۡأَرۡضِ مَرَّتَيۡنِ وَلَتَعۡلُنَّ عُلُوّٗا كَبِيرٗا

තවද "නියත වශයෙන් ම, නුඹලා මහපොළොවේ දෙවරක් කලහකම් කරනු ඇතැයි ද නුඹලා මහත් උදම්වීමකින් (අපරාධ ක්‍රියා කරමින්) උදම් වනු ඇතැයි ද ඉස්රාඊල් දරුවන්ට අපේ ධර්ම ග්‍රන්ථයේ තීන්දු කළෙමු.

فَإِذَا جَآءَ وَعۡدُ أُولَىٰهُمَا بَعَثۡنَا عَلَيۡكُمۡ عِبَادٗا لَّنَآ أُوْلِي بَأۡسٖ شَدِيدٖ فَجَاسُواْ خِلَٰلَ ٱلدِّيَارِۚ وَكَانَ وَعۡدٗا مَّفۡعُولٗا

ඒ දෙකින් පළමු ප්‍රතිඥාව පැමිණි විට අප සතු වඩාත් බලවත් ගැත්තන් නුඹලාට එරෙහිව අපි එව්වෙමු. එවිට ඔවුහු නිවෙස් අතරට රිංගා ගියෝ ය. එය සිදු කරනු ලබන ප්‍රතිඥාවක් විය.