17 : 7
إِنۡ أَحۡسَنتُمۡ أَحۡسَنتُمۡ لِأَنفُسِكُمۡۖ وَإِنۡ أَسَأۡتُمۡ فَلَهَاۚ فَإِذَا جَآءَ وَعۡدُ ٱلۡأٓخِرَةِ لِيَسُـُٔواْ وُجُوهَكُمۡ وَلِيَدۡخُلُواْ ٱلۡمَسۡجِدَ كَمَا دَخَلُوهُ أَوَّلَ مَرَّةٖ وَلِيُتَبِّرُواْ مَا عَلَوۡاْ تَتۡبِيرًا
නුඹලා යහපත කර ඇත්නම් (එසේ) නුඹලා යහපත කර ඇත්තේ නුඹලාගේ ආත්මාවන්ට ය. තවද නුඹලා නපුරක් කර ඇත්නම් එය ද එයට ම ය. එහෙයින් අවසන් ප්‍රතිඥාව පැමිණි විට නුඹලාගේ මුහුණු ඔවුන් අවමන් කිරීමටත්, ඔවුන් එහි මුල්වරට පිවිසුණාක් මෙන් මස්ජිදයට පිවිසීමටත්, ඔවුහු උදම් වූ දෑ දැඩි ලෙස විනාශ කර දැමීමටත් (අපි ඔවුන්ව එව්වෙමු.)