17 : 1
سُبۡحَٰنَ ٱلَّذِيٓ أَسۡرَىٰ بِعَبۡدِهِۦ لَيۡلٗا مِّنَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ إِلَى ٱلۡمَسۡجِدِ ٱلۡأَقۡصَا ٱلَّذِي بَٰرَكۡنَا حَوۡلَهُۥ لِنُرِيَهُۥ مِنۡ ءَايَٰتِنَآۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ
අපගේ සංඥාවන් ඔහුට පෙන්වනු පිණිස (මක්කාහ්වේ පිහිටි) මස්ජිදුල් හරාම්හි සිට ඒ අවට අපි සමෘද්ධිමත් කළ (ජෙරුසලමේ පිහිටි) මස්ජිදුල් අක්සා දක්වා තම ගැත්තාව එක් රාත්‍රියක ගමන් කෙරෙව්වා වූ ඔහු (අල්ලාහ්) සුවිශුද්ධ ය. නියත වශයෙන් ම ඔහු මය සර්ව ශ්‍රාවක. සර්ව නිරීක්ෂක.