17 : 55
وَرَبُّكَ أَعۡلَمُ بِمَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۗ وَلَقَدۡ فَضَّلۡنَا بَعۡضَ ٱلنَّبِيِّـۧنَ عَلَىٰ بَعۡضٖۖ وَءَاتَيۡنَا دَاوُۥدَ زَبُورٗا
තවද අහස්හි හා මහපොළොවේ සිටින අය පිළිබඳව මැනවින් දන්නා නුඹගේ පරමාධිපති ය. නබිවරුන්ගෙන් ඇතැමෙකුට වඩා ඇතැමෙකුව සැබැවින් ම අපි උසස් කළෙමු. තවද අපි දාවූද්ට සබූර් (ග්‍රන්ථය) පිරිනැමුවෙමු.