Skip to content

අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සඃද්ගේ මව මිය ගොස් ඇත. වඩාත් උතුම් වන දානය කුමක් දැ?"යි විමසා සිටි විට, එතුමාණෝ "ජලය" වේ යැයි පැවසූහ. පසුව ඔහු ළිදක් හාරා දී "මෙය සඃද්ගේ මව වෙනුවෙන්" යැයි පවසා සිටියේය

සඃද් ඉබ්නු උබාදා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

"අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සඃද්ගේ මව මිය ගොස් ඇත. වඩාත් උතුම් වන දානය කුමක් දැ?"යි විමසා සිටි විට, එතුමාණෝ "ජලය" වේ යැයි පැවසූහ. පසුව ඔහු ළිදක් හාරා දී "මෙය සඃද්ගේ මව වෙනුවෙන්" යැයි පවසා සිටියේය.

يَا رَسُولَ اللَّهِ، إِنَّ أُمَّ سَعْدٍ مَاتَتْ، فَأَيُّ الصَّدَقَةِ أَفْضَلُ؟، قَالَ: «الْمَاءُ»، قَالَ: فَحَفَرَ بِئْرًا، وَقَالَ: هَذِهِ لِأُمِّ سَعْدٍ.

මෙය අබූ දාවුද්, නසාඊ හා ඉබ්නු මාජහ් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
සියලුම සම්ප්‍රේෂණ දාමයන් හරහා හසන් ගණයට අයත් හදීසයකි.
විවරණය

සඃද් ඉබ්නු උබාදා (රළියල්ලාහු අන්හු) තුමාගේ මව අභාවයට පත් වූවාය. එවිට තම මව වෙනුවෙන් දානයක් ලෙස පිළිගැන්විය හැකි උතුම්ම දානමය වර්ගය කුමක් දැ?යි හෙතෙම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසා සිටියේය. වඩාත් උතුම්ම දානය වනුයේ ජලය බව එතුමාණෝ පවසා සිටියහ. පසුව ඔහු ළිඳක් හාරා එය තම මවට දානයක් ලෙස පිළිගැන්වීය.

හදීසයෙන් උගත හැකි පාඩම්

ඇත්තෙන්ම ජලය සියලුම සදකා (දානමය) කටයුතු අතරින් උතුම්ම දානය වන බව පැහැදිලි කිරීම.

ජලය දන් දීමට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා‌ණෝ සඃද් තුමාට මඟ පෙන්වූහ. සැබැවින්ම එය ආගමික මෙන්ම ලෞකික කටයුතුවල දී පවා එහි ප්‍රයෝජනයන් ආවරණය වන බැවින් හා දැඩි උණුසුමක් පැවතීම, අවශ්‍යතාවක් පැවතීම සහ ජලය නොමැතිකම හේතුවෙනි.

දානයේ ප්‍රතිඵල මිය ගිය ඇත්තන් හට සේන්දු වන බව පෙන්වා දීම.

සඃද් ඉබ්නු උබාදා (රළියල්ලාහු අන්හු) තුමා තම දෙමව්පියන් සමග උපකාරශීලීව කටයුතු කළ අයුරු.

මූලාශ්‍ර

සුනන් අබූ දාවූද් (3/ 109) (1681).

සුනන් අන් නසාඊ (6/ 254) (3664).

සුනන් ඉබ්නු මාජහ් (4/ 643) (3684).

තවත් බලන්න (1)

شرح سنن أبي داود للعباد (204/ 19).