Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 8 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“ඔබ මලපහ කිරීමට පැමිණෙන විට, කිබ්ලා දිසාවට මුහුණලා ‌නො සිටින්න. තවද එයට පසුපසලා ද නො සිටින්න. නමුත් නැගෙනහිර දෙසට හෝ බටහිර දෙසට හෝ හැරෙන්න.” අබූ අය්යූබ් තුමා තවදුරටත්: “අපි සිරියාවට පැමිණියෙමු. එහි කඃබා දෙසට මුහුණ ලා තනන ලද වැසිකිළි අපි දුටුවෙමු.‍ එවිට අපි අපගේ ශරීර කිබ්ලා දිශාවෙන් වෙනතකට හරවා සිටියෙමු. තවද අල්ලාහ්ගෙන් සමාව අයැද සිටියෙමු.” යැයි පැවසීය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“කෙනෙකු මූත්‍රා කරමින් සිටිය දී දකුණතින් තම ලිංගය නො ඇල්ලිය යුතු ය. වැසිකිළි ගිය පසු තම දකුණතින් නො සේදිය යුතු ය. (පානය කරන) භාජනය තුළ හුස්ම නො හැරිය යුතු ය.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වැසිකිලියට පිවිසුනු විට, ‘අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මිනල් කුබුසි වල්කබාඉසි’ - අහෝ අල්ලාහ්! පුරුෂ හා ස්ත්‍රී ෂෙයිතානුන්ගෙන් ආරක්ෂාව මම ඔබෙන් පතමි.- යනුවෙන් ප්‍රාර්ථනා කරන්නෙකු වූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මළපහ කිරීමෙන් පසු බැහැර වූ විටෙක, එතුමාණෝ "ගුෆ්රානක" (ඔබෙන් සමාව අයැද සිටිමි) යැයි පවසන්නෙකු වූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.
“ඔබ අතරින් කිසිවකු වුළුෑ ගන්නා විට ඔහුගේ නාසය තුළට ජලය ගෙන ගොස් පසු ව නාසය සීරා පිරිසිදු කළ යුතුය. ඔබ අතරින් කිසිවකු (තම ශාරීරික අවශ්‍යතා ඉටු කිරීමෙන් පසු පිරිසිදු කිරීම සඳහා) ගල් භාවිත කරන්නේ ද ඔහු ඔත්තේ සංඛ්යාවක් භාවිතා කළ යුතුය. ඔබ අතරින් කිසිවකු නින්දෙන් අවදි වූ විට තම දෙඅත් ජල භාජනයට දැමීමට පෙර සෝදා ගත යුතුයි. හේතුව සැබැවින්ම රාත්‍රියේ තම දෑත් පිහිටියේ කොතැනකදැ?යි ඔබ කිසිවෙකු නොදන්නා බැවිනි.” මුස්ලිම් හි සඳහන් තවත් ප්‍රකාශයක: "ඔබ කිසිවෙකු හෝ නින්දෙන් අවදි වූ විට, ඔහු තම අත තුන්වරක් සෝදා හරින තෙක් භාජනය තුළට නො ගිල්විය යුතුය. සැබැවින්ම ඔහුගේ අත රාත්‍රියේ තිබුණේ කොතැනක දැයි නොදන්නා බැවිනි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අල්ලාහ්ගේ දූතයාණෝ වැසිකිලියට පිවිසුණහ. එවිට මම මා මෙන් තවත් කොළු ගැටයෙකු සමග ජල බඳුනක් හා රිටක් උසුලා ගෙන සිටියෙමි. පසුව එතුමාණෝ ජලයෙන් පිරිසිදු කර ගත්හ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ (සත්ව) ගොම හෝ අස්ථි කොටස්වලින් පිරිසිදු කිරීම තහනම් කළහ. එමෙන්ම, "සැබැවින්ම ඒ දෙක පිරිසිදු කරන්නේ නැත" යැයි ද පවසා සිටියහ.
පූර්ව සාධක සහිත හදීසයකි. අද් දාරකුත්නී එය වාර්තා කර ඇත.
බහුදේවවාදීහු අපට මෙසේ පවසා සිටියහ: "සැබැවින්ම මම ඔබේ සගයාව දකින්නේ, ඔහු මළපහ කිරීම ගැන පවා ඔබලාට උගන්වන අයකු ලෙස ය." එවිට ඔහු: "එසේය, සැබැවින්ම අප අතරින් කිසිවෙකු හෝ තම දකුණතින් පිරිසිදු කිරීම හෝ කිබ්ලාවට මුහුණ ලෑම එතුමාණෝ වැළැක්වූහ. එමෙන්ම ගොම හා අස්ථි කොටස්වලින් පිරිසිදු කිරීම ද වැළැක්වූහ. එමෙන්ම එතුමාණෝ මෙසේ පවසා සිටියහ: 'ඔබ අතරින් කිසිවෙකු හෝ ගල්කැට තුනකට වඩා අඩුවෙන් පිරිසිදු නොකළ යුතුයි.'
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.