අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ජුනුබ් (අනිවාර්‍ය ස්නානය කළ යුතු) තත්ත්වයට පත් නොවූ තාක්කල් අනෙකුත් සෙසු සෑම අවස්ථාවකම අල් කුර්ආනය අපට කියවා පෙන්වූහ
අලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ජුනුබ් (අනිවාර්‍ය ස්නානය කළ යුතු) තත්ත්වයට පත් නොවූ තාක්කල් අනෙකුත් සෙසු සෑම අවස්ථාවකම අල් කුර්ආනය අපට කියවා පෙන්වූහ.
كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُقْرِئُنَا القُرْآنَ عَلَى كُلِّ حَالٍ مَا لَمْ يَكُنْ جُنُبًا.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම බිරිය සමග සංසර්ගයේ යෙදී ජුනුබ් (ස්නානය අනිවාර්‍ය කෙරෙන) තත්ත්වයට පත් නොවූ තාක්කල් අනෙකුත් සෙසු සෑම අවස්ථාවකම එතුමාණෝ අල් කුර්ආනය ඔවුනට කියවා පෙන්වූහ.
ජුනුබ් (ස්නානය අනිවාර්‍ය) තත්ත්වයට පත් වූ තැනැත්තා ස්නානය කරගන්නා තෙක් අල් කුර් ආනය කියවීමට ඔහුට අවසරය නැත.
ක්‍රියාවෙන් ඉගැන්වීම.
සුනන් අත් තිර්මිදි (1/ 214) (146).
සුනන් අබූ දාවූද් (1/ 164) (229).
සුනන් අන් නසාඊ (1/ 144) (265).
සුනන් ඉබ්නු මාජහ් (1/ 375) (594).
මුස්නද් අහ්මද් (2/ 61) (627).
තවත් බලන්න (1)
النهاية في غريب الحديث والأثر (917-167).