නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් තම නිවසට පිවිසුනු විට හෙතෙම කවර කරුණකින් ආරම්භ කළේ ද? යැයි මම ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් විමසුවෙමි. එවිට ඇය: "දත් මැදීමෙනි" යැයි පැවසුවා ය
ෂුරෙය්හි ඉබ්නු හානී තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් තම නිවසට පිවිසුනු විට හෙතෙම කවර කරුණකින් ආරම්භ කළේ ද? යැයි මම ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් විමසුවෙමි. එවිට ඇය: "දත් මැදීමෙනි" යැයි පැවසුවා ය.
سَأَلْتُ عَائِشَةَ، قُلْتُ: بِأَيِّ شَيْءٍ كَانَ يَبْدَأُ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا دَخَلَ بَيْتَهُ؟ قَالَتْ: بِالسِّوَاكِ.
රාත්‍රියේ හෝ දහවලේ හෝ කවර වේලාවක තම නිවසට ප්‍රවේශ වුව ද දත් පිරිසිදු කරමින් තම කටයුතු ආරම්භ කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පෙන්වා දුන් මඟපෙන්වීමකි.
පොදුවේ සියලුම වේලාවන්හි දත් පිරිසිදු කර ගැනීම ආගමානුගත කරනු ලැබ ඇත. නමුත් ආගම විශේෂයෙන් පෙන්වා දී ඇති ඇතැම් අවස්ථාවන්හි වඩාත් යෝග්‍යය වේ. ඒ අතරින්: නිවසට පිවිසෙන විට, සලාතයේ නිරත වන විට, වුළූ ගන්නා විට, නින්දෙන් අවදිවීමෙන් පසු, කටින් දුර්ගන්ධය හමන විට.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ තත්ත්වයන් එතුමාණන්ගේ පිළිවෙත් පිළිබඳ අසා දැනගෙන, එතුමාණන්ව පිළිපැදීමට තාබිඋන් (හෙවත් නබිතුමාණන්ගෙන් පසු දෙවන සතවර්ශයේ විසූ ජනයා) තුළ තිබූ දැඩි කැමැත්ත පැහැදිලි කිරීම.
දැනුමැත්තන්ගෙන් හා යමක් පිළිබඳ විශේෂ දැනුමක් ඇති උදවියගෙන් දැනුම ලබා ගැනීම. එය, ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් නිවසට පිවිසෙන විට එම තත්ත්වය ගැන විමසා සිටියාක් මෙනි.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම පවුල සමග ඇසුරු කළ දැහැමි පිළිවෙත. නිවසට පිවිසෙන අවස්ථාවේ තම මුඛය එතුමාණෝ පිරිසිදු කර ගත්හ.
සහීහ් මුස්ලිම් (1/ 220) (253).
තවත් බලන්න (6)
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (2/ 341).
نزهة المتقين شرح رياض الصالحين.
لمجموعة من الباحثين (2/ 851).
المنهاج شرح صحيح مسلم بن الحجاج.
النووي (3/ 144).