“හිංසා නො කළ යුතුයි. ප්‍රති හිංසාව ද සිදු නො කළ යුතුයි. කවරෙකු හිංසා කළේ ද අල්ලාහ් ඔහුට හිංසා කරනු ඇත. කවරෙකු අපහසුතාවයට පත් කරන්නේ ද අල්ලාහ් ද ඔහු ව අපහසුතාවයට පත් කරනු ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“හිංසා නො කළ යුතුයි. ප්‍රති හිංසාව ද සිදු නො කළ යුතුයි. කවරෙකු හිංසා කළේ ද අල්ලාහ් ඔහුට හිංසා කරනු ඇත. කවරෙකු අපහසුතාවයට පත් කරන්නේ ද අල්ලාහ් ද ඔහු ව අපහසුතාවයට පත් කරනු ඇත."
«لَا ضَرَرَ وَلَا ضِرَارَ، مَنْ ضَارَّ ضَرَّهُ اللَّهُ، وَمَنْ شَاقَّ شَقَّ اللَّهُ عَلَيْهِ».
විවිධාකාරයෙන් මතුවන හානිය තමන්ගෙන් සහ අන් අයගෙන් දුරු කළ යුතු බවත්, එබැවින් තමාට හෝ අන් අයට හානි කිරීමට කිසිවෙකුට අවසර නොමැති බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. ඔහුට නපුර නපුරෙන් පිරිමහ ගන්නට අවසර නැත. මක්නිසාදයත් සීමාව ඉක්මවීමෙන් තොරව, පිළිපදිනු ලබන ප්‍රතිචාර දැක්වීමේ මාර්ගයකින් හැර නපුර නපුරෙන් ඉවත් නොවන බැවිනි. ජනයාට නපුර සිදු කරන්නාට නපුර හිමි වන බවත්, ජනයා දුෂ්කරත්වයට පත් කරන්නාට දුෂ්කරත්වය හිමි වන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහිදිළි කළහ.
...:
එක සමානව මිස අධික ලෙස ප්‍රතිචාර දැක්වීමේ තහනම.
අල්ලාහ් තම ගැත්තන්හට හිංසා කරන යමක් ඔවුනට නියෝග කළේ නැත.
ප්‍රකාශයෙන් හෝ ක්‍රියාවෙන් හෝ අත්හැර දැමීමෙන් හෝ හිංසා කිරීමේ හා හිංසාවට ලක්වීමේ තහනම.
ප්‍රතිඵල අදාළ ක්‍රියාවෙන්ම පිහිටයි. කවරෙකු හිංසා පීඩා කරන්නේ ද අල්ලාහ් ද ඔහු හිංසා පීඩාවට ලක් කරනු ඇත. කවරෙකු දුෂ්කරතා ඇති කරන්නේ ද අල්ලාහ් ද ඔහුට දුෂ්කරතා ඇති කරනු ඇත.
ෂරියා නීතියේ එක් මූලධර්මයක් නම් “හිංසාව ඉවත් කරනු ලැබේ.” ෂරියා, හිංසාව අනුමත නොකරන අතර හිංසා කිරීම ප්‍රතික්ෂේප කරයි.
සුන්න අද් දාරකුත්නී (4/ 51) (3079).
තවත් බලන්න (5)
التحفة الربانية في شرح الأربعين حديثًا النووية (ص74).
شرح الأربعين النووية.
لابن عثيمين (ص325).
فتح القوي المتين في شرح الأربعين وتتمة الخمسين.
للعباد (ص112).