Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 6 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“ෆිත්රා යන කරුණු පහකි: ලිංග චර්ම ඡේදනය, ලිංගාශ්‍රිත රෝම කැපීම, උඩු රැවුල කැපීම, නියපොතු කැපීම, කිහිලි රෝම ඉවත් කිරීම.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"උඩු රැවුල කොට කිරීම, නියපොතු කපා හැරීම, කිහිලි රෝම ඉවත් කිරීම, රහස්‍ය පෙදෙසේ ඇති රෝම බෑම යනාදිය දින හතළිහකට වඩා අත් නොහරින මෙන් එතුමාණෝ අපට නියම කළහ."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"දත් මැදීම කට පිරිසිදු කරන්නකි. පරමාධිපතිගේ තෘප්තිය ගෙන දෙන්නකි."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අන් නසාඊ සහ අහ්මද් යන ඉමාම්වරුන් වාර්තා කර ඇත.
නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් තම නිවසට පිවිසුනු විට හෙතෙම කවර කරුණකින් ආරම්භ කළේ ද? යැයි මම ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් විමසුවෙමි. එවිට ඇය: "දත් මැදීමෙනි" යැයි පැවසුවා ය.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් රාත්‍රියේ අවදි වූ විට තම මුඛය මිස්වාක් දැහැටියෙන් හොඳින් මැද පිරිසිදු කර ගනියි.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"උඩු රැවුල කපා දමන්න. යටි රැවුල වැවෙන්නට ඉඩ හරින්න."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.