“බරපතළ පාපය කුමක්දැ?යි මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් විමසුවෙමි. එතුමා: “අල්ලාහ් ඔබව මවා තිබියදී ඔබ ඔහුට ආදේශ කිරීමය”
අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“බරපතළ පාපය කුමක්දැ?යි මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් විමසුවෙමි. එතුමා: “අල්ලාහ් ඔබව මවා තිබියදී ඔබ ඔහුට ආදේශ කිරීමය” යැයි පැවසූහ. මම: ‘පසුව කුමක්දැ?’යි විමසුවෙමි. එතුමා “පසුව ඔබේ දරුවා ඔබ සමග අනුභව කරනු ඇතැයි බියෙන් ඔහුව ඔබ මරා දැමීමය.” යැයි පැවසූහ. මම: ‘පසුව කුමක්දැ?’යි විමසුවෙමි. එතුමා: “ඔබේ අසල්වැසියාගේ බිරිය සමඟ ඔබ කාමයේ වරදවා හැසිරීමය.” යැයි පැවසූහ.
سَأَلْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: أَيُّ الذَّنْبِ أَعْظَمُ عِنْدَ اللهِ؟ قَالَ: «أَنْ تَجْعَلَ لِلهِ نِدًّا وَهُوَ خَلَقَكَ» قُلْتُ: إِنَّ ذَلِكَ لَعَظِيمٌ، قُلْتُ: ثُمَّ أَيُّ؟ قَالَ: «وَأَنْ تَقْتُلَ وَلَدَكَ؛ تَخَافُ أَنْ يَطْعَمَ مَعَكَ» قُلْتُ: ثُمَّ أَيُّ؟ قَالَ: «أَنْ تُزَانِيَ حَلِيلَةَ جَارِكَ».
“බරපතළ පාපය කුමක්දැ?යි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් විමසන ලදී. එවිට එතුමා: බරපතලම පාපය 'ෂිර්කුල් අක්බර්' නම් මහා ෂිර්ක් ය. එනම් අල්ලහ්ගේ දේවත්වය ඔහුගේ පරිපාලනය හා ඔහුගේ නාම හා ගුණාංගවල දී ඔහුට ආදේශයක් හෝ සමානයක් නියම කර ගැනීමය. මෙය තව්බා හෙවත් පශ්චාත්තාප වී සමාව අයැදීමෙන් මිස අල්ලාහ් සමාව නොදෙන පාපයකි. අදාළ තැනැත්තා ඒ තත්ත්වයේම මිය ගියේ නම්, ඔහු අපා ගින්නේ සදාතනිකයෙකු වන්නේය. පසුව තම දරුවා තමන් සමග වී අනුභව කරනු ඇතැයි බියෙන් ඔහුව මරා දැමීමය. ජීවිතයක් නැසීම තහනම් ය. එනමුත් එම පාපයේ බරපතලකම වනුයේ ඝාතනය කරනු ලබන තැනැත්තා ඝාතකයාගේ ඥාතියෙකු වීමය. තවදුරටත් එම පාපයේ බරපතල වනුයේ ඝාතකයා අල්ලාහ් සැපයූ පෝෂණයේ ඝාතනය කරනු ලබන්නා ද හවුල් වනු ඇතැයි බියෙන් හා අපේක්ෂාවෙන් ඔහූ ව ඝාතනය කරන විටය. පසුව තම අසල්වැසියාගේ බිරිය සමඟ අනාචාරයේ යෙදෙන තරමට, ඇය ඔහුට යටත් වන තරමට ඇයව රවටා, ඇය සමඟ කාමයේ වරදවා හැසිරීමය. 'සිනා' හෙවත් කාමයේ වරදවා හැසිරීම තහනම් ක්‍රියාවකි. එහි දී එම පාපය බරපතලම වනුයේ දුරාචාරයේ යෙදෙන්නා, යහපත සළසන මෙන් ද ඔහුට උපකාර කරන මෙන් ද ඔහු සමග යහපත් සම්බන්ධතාවක් පවත්වා ගන්නා මෙන් ද උපදෙස් දී ඇති තම අසල්වැසියාගේ බිරිය සමග දුරාචාරයේ යෙදෙන විටය.
......:
ධර්මිෂ්ඨ ක්‍රියාවන් මහිමයෙන් එකිනෙකට වෙනස් වන්නා සේම පාප ක්‍රියාවන් ද බරපතලකමින් එකිනෙකට වෙනස් වනු ඇත.
බරපතලම පාපය වනුයේ: උත්තරීතර අල්ලාහ්ට ආදේශ තැබීම, පසුව ඔබත් සමග වී ආහාර ගනු ඇතැයි බියෙන් තම දරුවා ඝාතනය කිරීම, පසුව ඔබේ අසල්වැසියාගේ බිරිය සමග කාමයේ වරදවා හැසිරීමය.
පෝෂණ සම්පත් අල්ලාහ් සතුය. මැවීම් සඳහා පෝෂණය සැලසීමේ වගකීම ශුද්ධ වූ අල්ලාහ් භාර ගත්තේය.
අසල්වැසියාට හිමි අයිතිවාසිකම් ඉමහත් වන අතර ඔහුට හානි කිරීම අනුන් හට හානි කිරීමට වඩා බරපතල පාපයකි.
නැමදුමට සුදුස්සා මැවුම්කරු පමණය. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත.
සහීහුුල් බුහාරි (6/ 18) (4477).
සහීහ් මුස්ලිම් (1/ 90) (86).
තවත් බලන්න (5)
شرح النووي على مسلم (2/ 79).
فتح ذي الجلال والاكرام بشرح بلوغ المرام.
لابن عثيمين (6/ 288).
توضيح الأحكام من بلوغ المرام.
للبسام (7/ 335).
පොත්වල උපුටා දක්වා ඇත
11 පොත්තවත් බලන්න (10)
- الخطب المنبريةموسوعة الخطب المنبرية (القسم الأول)«أَنْ تَجعَلَ لِلَّهِ نِدًّا وَهُوَ خَلَقَكَ»
- حراسة التوحيدإقامة البراهين على حكم من استغاث بغير الله«أَنْ تَجْعَلَ لِلهِ نِدًّا وَهُوَ خَلَقَكَ».
- عقيدة الأئمة الأربعة«أَنْ تَجْعَلَ لِلَّهِ نِدًّا وَهُوَ خَلَقَكَ»
- قاموس الكبائر موسوعة الكبائر - المجموعة الأولىسَأَلْتُ النَّبِيَّ ﷺ: أَيُّ الذَّنْبِ أَعْظَمُ عِندَ اللَّهِ؟ قَالَ: «أَنْ تَجْعَلَ لِلهِ نِدًّا وَهُوَ خَلَقَكَ» [22].
- قاموس الكبائر موسوعة الكبائر - المجموعة الأولىسَألْتُ النَّبِيَّ ﷺ: أَيُّ الذَّنْبِ أَعْظَمُ عِنْدَ اللَّهِ؟ قَالَ: «أَنْ تَجْعَلَ لِلَّهِ نِدًّا وَهُوَ خَلَقَكَ»، قُلْتُ: إِنَّ ذَلِكَ لَعَظِيمٌ، قُلْتُ: ثُمَّ أَيُّ؟ قَالَ: «وَأَنْ تَقْتُلَ وَلَدَكَ تَخَافَ أَنْ يَطْعَمَ مَعَكَ»، قُلْت
- قاموس الكبائرسَأَلْتُ النَّبِيَّ ﷺ: أَيُّ الذَّنْبِ أَعْظَمُ عِندَ اللَّهِ؟ قَالَ: «أَنْ تَجْعَلَ لِلهِ نِدًّا وَهُوَ خَلَقَكَ» [22].
- قاموس الكبائرسَألْتُ النَّبِيَّ ﷺ: أَيُّ الذَّنْبِ أَعْظَمُ عِنْدَ اللَّهِ؟ قَالَ: «أَنْ تَجْعَلَ لِلَّهِ نِدًّا وَهُوَ خَلَقَكَ»، قُلْتُ: إِنَّ ذَلِكَ لَعَظِيمٌ، قُلْتُ: ثُمَّ أَيُّ؟ قَالَ: «وَأَنْ تَقْتُلَ وَلَدَكَ تَخَافَ أَنْ يَطْعَمَ مَعَكَ»، قُلْت
- مجموعة زاد الحديث(3)1«أَنْ تَجْعَلَ لِلَّهِ نِدًّا وَهُوَ خَلَقَكَ»، قُلْتُ: إِنَّ ذَلِكَ لَعَظِيمٌ، قُلْتُ: ثُمَّ أَيُّ؟ قَالَ: «ثُمَّ أَنْ تَقْتُلَ وَلَدَكَ تَخَافُ أَنْ يَطْعَمَ مَعَكَ»، قُلْتُ: ثُمَّ أَيُّ؟ قَالَ: «ثُمَّ أَنْ تُزَانِيَ بِحَلِيلَةِ جَارِكَ»
- مشروع منهاج زادكزادك 2 طالب نهائي«أَنْ تُزَانِيَ حَلِيلَةَ جَارِكَ»
- نبراس طالب (5)1«أَنْ تَجْعَلَ للهِ نِدًّا وَهُوَ خَلَقَكَ». قُلتُ: ثُمَّ أيٌّ؟ قال: «أنْ تَقْتُلَ وَلَدَكَ مِنْ أجْلِ أنْ يَطْعَمَ مَعَكَ». قُلتُ: ثُمَّ أيٌّ؟ قال: «أنْ تُزَانِيَ حَلِيلَةَ جَارِكَ»