Skip to content

සැබැවින්ම අල්ලාහ් දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයකුට (ඔහුගේ) යහපත සම්බන්ධයෙන් කිසිදු අසාධාරණයක් සිදු නොකරයි. එය මෙලොවෙහි ඔහුට පිරිනමනු ලබන අතර මතුලොවෙහි ද ඒ සඳහා ප්‍රතිඵල පිරිනමනු ලැබේ

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

සැබැවින්ම අල්ලාහ් දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයකුට (ඔහුගේ) යහපත සම්බන්ධයෙන් කිසිදු අසාධාරණයක් සිදු නොකරයි. එය මෙලොවෙහි ඔහුට පිරිනමනු ලබන අතර මතුලොවෙහි ද ඒ සඳහා ප්‍රතිඵල පිරිනමනු ලැබේ. දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර් වනාහි, ඔහු මෙලොවෙහි සිදු කළ යහපත් දෑ වෙනුවෙන් පෝෂණය කරනු ලැබේ. නමුත් මතුලොවෙදී ඒ සඳහා ප්‍රතිඵල පිරිනමන්නට තරම් යහපතක් එහි ඔහුට නොවනු ඇත.

«إِنَّ اللهَ لَا يَظْلِمُ مُؤْمِنًا حَسَنَةً، يُعْطَى بِهَا فِي الدُّنْيَا وَيُجْزَى بِهَا فِي الْآخِرَةِ، وَأَمَّا الْكَافِرُ فَيُطْعَمُ بِحَسَنَاتِ مَا عَمِلَ بِهَا لِلَّهِ فِي الدُّنْيَا، حَتَّى إِذَا أَفْضَى إِلَى الْآخِرَةِ، لَمْ تَكُنْ لَهُ حَسَنَةٌ يُجْزَى بِهَا».

මුස්ලිම් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන්ට හිමි අල්ලාහ්ගේ භාග්‍යයේ මහිමය හා දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර්වරුන් සමග වන ඔහුගේ යුක්තිය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙහි පැහැදිලි කර සිටියි. දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා වනාහි, ඔහු සිදු කළ යහපතෙහි කුසල් ඔහුට අඩු නොකෙරේ. ඔහුගේ අවනතභාවය සඳහා මෙලොවෙහි යහපත පිරිනමන අතරම ඒ සඳහා මතුලොවෙහි ඔහු වෙනුවෙන් ප්‍රතිඵල රැස් කරනු ඇත. සියලු ප්‍රතිඵල ඔහු වෙතුවෙන් මතුලොවෙහි සංරක්ෂණය කෙරේ. දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර් වරයා වනාහි, ඔහු සිදු කරන යහපත සඳහා ප්‍රතිඵල මෙලොවෙහි යහපත තුළින් ඔහුට පිරිනමනු ලබන අතර ඔහු මතුලොවට පිවිසෙන තෙක් එය පවතී. නමුත් ඒ සඳහා ප්‍රතිඵල පිරිනමන තරමට කුසල් ඔහුට එහි නොවනු ඇත. හේතුව දෙලොවටම ප්‍රයෝජනවත් වන දැහැමි ක්‍රියාවක් වීමට නම් ඔහු දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයකු ලෙස සිටිය යුතුය.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

කවරෙකු දෙවත්වය ප්‍රතික්ෂේප කළ තත්ත්වයේ මිය ගියේ ද, ඔහුට කිසිදු ක්‍රියාවක් ප්‍රයෝජනවත් වන්නේ නැත.

මූලාශ්‍ර

සහීහ් මුස්ලිම් (4/ 2162) (2808).

තවත් බලන්න (3)

المفهم لما أشكل من تلخيص كتاب مسلم (1/ 460).

البحر المحيط الثجاج في شرح صحيح الإمام مسلم بن الحجاج (43/ 460).

شرح النووي على مسلم (17/150).