Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 6 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"නියත වශයෙන්ම අල්ලාහ් වගකීම් අනිවාර්යය කර ඇත. ඒවා පැහැර නොහැරිය යුතු ය. ඔහු සීමාවන් පනවා ඇත. ඒවා ඔබ ඉක්මවා නොයා යුතුය. ඇතැම් කරුණු තහනම් කර ඇත. ඒවා උල්ලංඝනය නොකළ යුතුය. ඇතැම් කරුණු සම්බන්ධයෙන් නිහඬ වී ඇත. ඒවා අමතකවීමෙන් නොව ඔබට පිරිනමා ඇති ආශිර්වාදයක් ලෙසය. එබැවින් ඒ ගැන විමර්ශනය නොකරන්න."
නවවි තුමා මෙසේ පවසයි: හසන් වර්ගයට අයත් හදීසයකි. මෙය දාරුකුත්නි විසින් සිය සුනන් ග්‍රන්ථයෙහි සහ තවත් අය විසින් ද වාර්තා කර ඇත.
"ෆජ්ර්හි අදාන් ඇරයුමෙහි මුඅද්දින්, 'හය්ය අලල් ෆලාහ්' යැයි පවසන විට 'අස්සලාතු හයිරුම් මිනන් නව්ම්' යැයි ඔහු පැවසීම ද නබි පිළිවෙතකි."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය ඉබ්නු හුසයිමා, දාරුකුත්නි හා බයිහකී යන ඉමාම්වරු විසින් වාර්තා කොට ඇත.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ (සත්ව) ගොම හෝ අස්ථි කොටස්වලින් පිරිසිදු කිරීම තහනම් කළහ. එමෙන්ම, "සැබැවින්ම ඒ දෙක පිරිසිදු කරන්නේ නැත" යැයි ද පවසා සිටියහ.
පූර්ව සාධක සහිත හදීසයකි. අද් දාරකුත්නී එය වාර්තා කර ඇත.
"යමෙකු තමාට හෝ අන් අයට හානියක් නොකළ යුතුය."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය ඉබ්නු මාජා, දාරකුත්නී යන ඉමාම්වරු හා තවත් අය විසින් මුස්නද් වශයෙන් වාර්තා කොට ඇත.
“හිංසා නො කළ යුතුයි. ප්‍රති හිංසාව ද සිදු නො කළ යුතුයි. කවරෙකු හිංසා කළේ ද අල්ලාහ් ඔහුට හිංසා කරනු ඇත. කවරෙකු අපහසුතාවයට පත් කරන්නේ ද අල්ලාහ් ද ඔහු ව අපහසුතාවයට පත් කරනු ඇත."
එය අනු සාධක හරහා පූර්ව සාධක සහිත හදීසයකි. අද් දාරකුත්නී එය වාර්තා කර ඇත.
“ඔබ අතරින් කිසිවෙකු හෝ වුළූ ධෝවනය කර පසුව සමෙන් සාදන ලද පාවහන් යුගල පැළඳ ඇත්නම්, ඔහු ඒ දෙක මත (මස්හ්) පිරිමදිත්වා. ඒ දෙක පැළඳ ගෙනම සලාත් කරත්වා. අනිවාර්යය ස්නානය හේතුවකින් මිස ඔහු කැමතිනම් ඒ දෙක නොගළවත්වා.”
පූර්ව සාධක සහිත හදීසයකි. අද් දාරකුත්නී එය වාර්තා කර ඇත.