Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 3 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් තුන්දෙනෙකු සමග කතා නොකරයි. ඔවුන්ව පිරිසිදු නොකරයි. ඔවුනට වේදනීය දඬුවම ඇත. කාමයේ වරදවා හැසිරෙන වැඩිහිටි කාමාතුරයා, මුදල් නොමැති පුරසාරම් දොඩන අහංකාර දුප්පතා හා අල්ලාහ් ඔහුට භාණ්ඩ ලබා දී පසුව ඔහු දිවුරීමෙන් මිස ව්‍යාපාරය නොකරන; දිවුරීමෙන් මිස මිල දී නොගන්නා තැනැත්තා."
පූර්ව සාධක සහිත හදීසයකි. තබරානී එය වාර්තා කර ඇත.
"දිරාපත් වී යන ඇඳුමක් දිරාපත් වී යනවාක් මෙන් ඊමාන් හෙවත් විශ්වාසය ඔබ අතරින් කෙනෙකුගේ හදවත තුළ දිරාපත් වී යු ඇත. එබැවින් ඔබේ හදවත් තුළ දේව විශ්වාසය අලුත් කරන මෙන් අල්ලාහ්ගෙන් ඉල්ලා සිටින්න."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය හාකිම් හා තබරානී යන ඉමාම්වරුන් විසින් වාර්තා කර ඇත.
මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ මෙසේ පැවසීය: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, කිසිදු කුඩා හෝ මහා පාපයක් සිදු නොකර ඒ කිසිවක් අත් නොහැරියෙමි". එතුමාණෝ: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවත් මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බව ඔබ සාක්ෂි නොදැරුවෙහි ද?" යැයි තුන්වරක්ම විමසා සිටියහ. ඔහු: එසේය යැයි පැවසීය. එතුමාණෝ: සැබැවින්ම එය එය අභිබවා යනු ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ යඅ්ලා, තබරානී සහ අද්දියා අල්මක්දිසී යන ඉමාම්වරුන් විසින් වාර්තා කර ඇත.