Skip to content

ෆජ්ර්හි අදාන් ඇරයුමෙහි මුඅද්දින්, 'හය්ය අලල් ෆලාහ්' යැයි පවසන විට 'අස්සලාතු හයිරුම් මිනන් නව්ම්' යැයි ඔහු පැවසීම ද නබි පිළිවෙතකි

අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:

"ෆජ්ර්හි අදාන් ඇරයුමෙහි මුඅද්දින්, 'හය්ය අලල් ෆලාහ්' යැයි පවසන විට 'අස්සලාතු හයිරුම් මිනන් නව්ම්' යැයි ඔහු පැවසීම ද නබි පිළිවෙතකි."

مِنَ السُّنَّةِ إِذَا قَالَ الْمُؤَذِّنُ فِي أَذَانِ الْفَجْرِ حَيَّ عَلَى الْفَلَاحِ، قَالَ: الصَّلَاةُ خَيْرٌ مِنَ النَّوْمِ.

මෙය ඉබ්නු හුසයිමා, දාරුකුත්නි හා බයිහකී යන ඉමාම්වරු විසින් වාර්තා කොට ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

විශේෂයෙන් ෆජ්ර්හි අදාන් ඇරයුමෙහි මුඅද්දින්, 'හය්ය අලල් ෆලාහ්' යැයි පැවසීමෙන් පසුව 'අස්සලාතු හයිරුම් මිනන් නව්ම්' යැයි ඔහු පැවසීම නබි පිළිවෙත තුළ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පිළිගත් කරුණක් බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා දන්වා සිටියි.

හදීසයෙන් උගත හැකි පාඩම්

'නබි පිළිවෙතින්' යන ප්‍රකාශය වනාහි: ඉන් අදහස් කරනුයේ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පිළිවෙතයි. එනම් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත ආරෝපණය කරනු ලැබ ඇත.

ෆජ්ර්හි අදාන් ඇරයුමෙහි මුඅද්දින්, 'හය්ය අලල් ෆලාහ්' යැයි පැවසීමෙන් පසුව 'අස්සලාතු හයිරුම් මිනන් නව්ම්' යැයි දෙවරක් ඔහු විසින් පැවසීම සතුටුදායක වේ. මක්නිසාදයත් ෆජ්ර් සලාතය පොදුවේ ජනතාව නිදා සිටින වේලාවක් මෙන්ම සලාතය සඳහා ඔවුන් නින්දෙන් අවදිවන වේලාවක් වන බැවිනි. ‌එහෙයින් වෙනත් සලාත් සඳහා මෙම කියමන නියම නොකර ෆජ්ර් සලාතය සඳහා පමණක් නියම කර ඇත.

මූලාශ්‍ර

සහීහ් ඉබ්නු හුසයිමා (1/ 233) (386).

සුන්න අද් දාරකුත්නී (1/ 454) (944).

අල්බයිහකී තුමාගේ අස්සුනන් අල්කුබ්රා (1/ 623) (1984).

තවත් බලන්න (6)

توضيح الأحكام مِن بلوغ المرام.

لعبد الله البسام (1/ 510).

منحة العلام في شرح بلوغ المرام.

لعبد الله الفوزان (2/ 239).

فتاوى اللجنة الدائمة.

اللجنة الدائمة للبحوث العلمية والإفتاء (6/ 62).