Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 116 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න

වාර්තාකරු

සියලු වාර්තාකරුවන් පෙන්වන්න (57)
“සැබැවින්ම නුඹලා අල්ලාහ් වෙත පැවරිය යුතු දෑ නියම අයුරින් පවරා, විශ්වාසය තබන්නෙහු නම්, උදෑසන හිස් බඩින් ගොස් සවස පිරුණු බඩින් පැමිණෙන පක්ෂියාට පෝෂණය කරනු ලබන්නාක් මෙන් නුඹලා ද පෝෂණය කරනු ලබනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය ඉමාම් අහ්මද්, තිර්මිදී, අන් නසාඊ සහ ඉබ්නු මාජා යන ඉමාම්වරු වාර්තා කොට ඇති අතර ඉබ්නු හිබ්බාන් ඉමාම් විසින් තම සහීහ් ග්‍රන්ථයෙහි ද, අල් හාකිම් විසින් ද වාර්තා කොට ඇත.
"අල්-බිර්" හෙවත් යහපත යනු අලංකාර ගුණ ධර්ම වේ. "අල්-ඉස්ම්" හෙවත් පාපය යනු ඔබේ සිත තුළ දෝලනය වන, ඒ දෙස මිනිසුන් බැලීම ඔබ පිළිකුල් කරන දෑය."
පූර්ව සාධක සහිත හදීසයකි. පළමු හදීසය මුස්ලිම් විසින් වාර්තා කර ඇති අතර, දෙවන හදීසය අහ්මද් සහ දාරිමී විසින් වාර්තා කර ඇත.
“ඔබ නිතර අල්ලාහ් මෙනෙහි කිරීමෙන් ඔබේ දිව ඔබ තෙත්ව තබා ගන්න”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අහ්මද්, තිර්මිදී, ඉබ්නු මාජහ් සහ ඉබ්නු හිබ්බාන් යන ඉමාම්වරු විසින් වාර්තා කොට ඇත.
“සැබැවින්ම මැතිරීම්, සුරය එල්ලීම් හා වශී ගුරුකම් ෂිර්ක් හෙවත් දේව ආදේශයකි.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
“කවරෙකු අමානා (වත්පිළිවෙත්) මත දිවුරා සිටියේ ද ඔහු අප අතරින් කෙනෙකු නොවේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. අබූ දාවූද් සහ අහ්මද් එය වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දිනක් අප අතර නැගිට හදවත් සසල කළ, ඇස්වලින් කඳුළු වැගිරවූ චතුරාර්ය උපදෙසක් අපට දේශනා කළහ. එවිට 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔබ සමුගන්නෙකු විසින් කරන උපදෙසක් අපට දේශනා කළෙහිය. එබැවින් ඔබ අපට ප්‍රතිඥාවක් දෙන්නැයි' පවසනු ලැබීය. එවිට එතුමාණෝ "ඔබ සැම අල්ලාහ්ට භක්තිමත් ව (ඔහු පිළිබඳ සිහියෙන්) කටයුතු කළ යුතුය. (කළු ජාතික) ඉතියෝපියානු වහලෙකු වුව ද ඔහුට සවන් දිය යුතුය. අවනත විය යුතුය. මගෙන් පසු ඔබ දරුණු ලෙස ගැටුම් දකිනු ඇත. එහෙයින් ඔබ මාගේ සුන්නාව හා යහමඟ ලැබූ 'අල්-කුලෆාඋර් රාෂිදූන් හෙවත් (ප්‍රධාන) පාලකයින්ගේ සුන්නාව පිළිපදිනු. ඒවා පුරස්චාර්වක දත්වලින් අල්ලා ගනු. අලුතින් ඇති කරන සෑම කරුණක්ම නොමඟය."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.
“කිසිවකු හෝ මා වෙත සලාම් පවසන්නේ ද ඔහුට මා පිළිතුරු වශයෙන් සලාම් පවසන තෙක් අල්ලාහ් මාගේ ප්‍රාණය මට ලබා දෙනු ඇත.”
මෙහි වාර්තා සම්බන්ධතාව හසන් ගණයට අයත්ය. අබූ දාවූද් සහ අහ්මද් එය වාර්තා කර ඇත.
“අහෝ ජනයිනි! නුඹලා සලාමය පතුරුවන්න. ලේ ඥාතීන් සමග සම්බන්ධකම් පවත්වන්න. ආහාර සපයන්න. ජනයා නිදමින් සිටියදී රාත්‍රියේ නැගිට සලාතය ඉටු කරන්න. නුඹලා සාමයෙන් ස්වර්ගයට පිවිසෙනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු විසින් වාර්තා කර ඇත.