عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
838 හදීස්
නබි හදීස් විශ්වකෝෂය
ප්රවර්ග
හදීසයේ තරාතිරම
වාර්තා වූ ග්රන්ථය
වාර්තාකරු
අපි වැසි සහිත ඝනාඳුරු රාත්රියක අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව සොයමින් පිටත්ව ගියෙමු. එය එතුමාණන් අපට සලාතය මෙහෙය වීම පිණිසය. හෙතෙම, මම එතුමණන්ව මුණ ගැසුණෙමි. එවිට එතුමා 'පවසනු' යැයි පැවසූහ. මම කිසිවක් නොපැවසුවෙමි. පසුව එතුමාණෝ නැවතත් 'පවසනු' යැයි පැවසූහ. පසුව ද මම කිසිවක් නොපැවසුවෙමි. පසුව එතුමාණෝ නැවතත් 'පවසනු' යැයි පැවසූහ. මා පැවසිය යුත්තේ කුමක් දැයි මම විමසුවෙමි. එතුමාණෝ: “ඔබ සවස් කාලයට එළැඹෙන විට හා උදෑසන කාලයට එළැඹෙන විට ‘කුල් හුවල්ලාහු අහද්’ සහ ‘මුඅව්විදතෙයින්’ (ෆලක් හා නාස් නම් සූරා දෙක) තුන්වරක් පාරායනය කරන්න. සියලු දේට වඩා එය ඔබට ප්රමාණවත් වනු ඇත යැයි පැවසූ බවට ප්රකාශ කර සිටියේය.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, අත්තිර්මිදී සහ අන් නසාඊ යන ඉමාම්වරු වාර්තා කර ඇත.
කවරෙකු بِسْمِ اللَّهِ الَّذِي لَا يَضُرُّ مَعَ اسْمِهِ شَيْءٌ، فِي الْأَرْضِ، وَلَا فِي السَّمَاءِ، وَهُوَ السَّمِيعُ الْعَلِيمُ (තම නාමය සමග මහපොළොවේ හෝ අහසේ හෝ කිසිදු හානියක් ඇති නොවන අල්ලාහ්ගේ නාමයෙනි. ඔහු සර්ව ශ්රාවකය, සර්වඥානීය) යැයි තුන් වරක් පවසා සිටියේ ද ඔහුට උදෑසන කාලය දක්වා හදිසි අනතුරු සිදු වන්නේම නැත. කවරෙකු එය උදෑසන තුන්වරක් පවසන්නේ ද සවස් කාලය දක්වා හදිසි අනතුරු ඔහුට සිදුවන්නේම නැත. තවදුරටත් ඔහු මෙසේ වාර්තා කළේය: අබාන් ඉබ්නු උස්මාන් අල්-ෆාලිජ්ට එලෙස රෝගයක් අත්විය. ඔහුගෙන් මෙම හදීසයට සවන් දුන් පුද්ගලයා ඔහු දෙස බැලුවේය. එවිට හෙතෙම ඔහුට ඔබ මා වෙත බලන්නේ ඇයිදැ?යි විමසා සිටියේය. අල්ලාහ් මත දිවුරා පවසමි. මම උස්මාන් මත බොරුවක් නොකීවෙමි. උස්මාන් තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත බොරුවක් කීවේ ද නැත. නමුත් අද දින මට වැළඳී ඇත්තේ මට වැළඳෙන්නට නියම වූ දෑය. මම කෝප වූයෙමි. එබැවින් එය පැවසීමට මම අමතක කළෙමි.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදී යන ඉමාම්වරුන් වාර්තා කර ඇති අතර අන් නසාඊ ඉමාම් විසින් අස්සුනන් අල්කුබ්රා හි වාර්තා කර ඇත. තවද මෙය ඉමාම් ඉබ්නු මාජහ් සහ අහ්මද් යන ඉමාම්වරුන්ද වාර්තා කර ඇත.
ප්රධාන ඉස්තිග්ෆාරය (පාපක්ෂමාව අයැදීම) වනුයේ ගැත්තා මෙසේ පැවසීමය.
اللَّهُمَّ أَنْتَ رَبِّي لاَ إِلَهَ إِلَّا أَنْتَ، خَلَقْتَنِي وَأَنَا عَبْدُكَ، وَأَنَا عَلَى عَهْدِكَ وَوَعْدِكَ مَا اسْتَطَعْتُ، أَعُوذُ بِكَ مِنْ شَرِّ مَا صَنَعْتُ، أَبُوءُ لَكَ بِنِعْمَتِكَ عَلَيَّ، وَأَبُوءُ لَكَ بِذَنْبِي فَاغْفِرْ لِي، فَإِنَّهُ لاَ يَغْفِرُ الذُّنُوبَ
(අහෝ දෙවිඳුනි! ඔබ මාගේ පරමාධිපතිය. ඔබ හැර වෙනත් දෙවිඳෙකු إِلَّا أَنْتَ
නැත. ඔබ මා මැව්වෙහිය. මම ඔබේ ගැත්තාය. මම ඔබේ ගිවිසුම හා ප්රතිඥාව මත මට හැකි පමණින් සිටිමි. මා සිදු කළ දෑහි හානියෙන් මම ඔබෙන් ආරක්ෂාව පතමි. මා වෙත පවතින ඔබේ ආශිර්වාදය මම පිළිගනිමි. මාගේ පාපයද පිළිගෙන ඔබ වෙත හැරෙමි. එබැවින් මට සමාව දෙනු මැනව. සැබැවින්ම ඔබ හැර පාපයට සමාව දානය කරන වෙනත් කිසිවකු නැත.) කවරෙකු මෙය දැඩි විශ්වාසයකින් යුතු ව දහවල් කාලයේ පවසා එදින සවස් වන්නට පෙර මිය ගියේ ද සැබැවින්ම ඔහු ස්වර්ග වැසියන් අතරින් කෙනෙකි. එමෙන්ම කවරෙකු මෙය දැඩි විශ්වාසයකින් යුතු ව රාත්රී කාලයේ පවසා උදෑසන උදා වීමට පෙර මිය ගියේ ද සැබැවින්ම ඔහු ද ස්වර්ග වැසියන් අතරින් කෙනෙකි.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
එතුමාණෝ උදෑසන එළැඹුණු විට, اللهُمَّ بِكَ أَصْبَحْنَا، وَبِكَ أَمْسَيْنَا، وَبِكَ نَحْيَا، وَبِكَ نَمُوتُ، وَإِلَيْكَ النُّشُورُ
යනුවෙන් පවසන්නෙකු වූහ. තේරුම: අහෝ දෙවිඳුනි! ඔබ නිසාවෙන් අපි උදෑසනට එළැඹුණෙමු. ඔබ නිසාවෙන් අපි සවස් කාලයට එළැඹුණෙමු. ඔබ නිසාවෙන් අපි ජීවත් වෙමු. ඔබ නිසාවෙන් අපි මරණයට පත් වෙමු. නැවත යොමු වීම ඇත්තේ ඔබ වෙතය. සවස් කාලයට එළැඹුණු විට මෙසේ පැවසූහ. اللهم بِكَ أَمْسَيْنَا، وَبِكَ أَصْبَحْنَا، وَبِكَ نَحْيَا، وَبِكَ نَمُوتُ، وَإِلَيْكَ النُّشُورُ
තේරුම: අහෝ දෙවිඳුනි! ඔබ නිසාවෙන් අපි සවස් කාලයට එළැඹුණෙමු. ඔබ නිසාවෙන් අපි ජීවත් වන්නෙමු. ඔබ නිසාවෙන් අපි මරණයට පත් වෙමු. නැවත යොමු වන ස්ථානය ඇත්තේ ඔබ වෙතය.
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදී යන ඉමාම්වරුන් වාර්තා කර ඇති අතර අන් නසාඊ ඉමාම් විසින් අස්සුනන් අල්කුබ්රා හි වාර්තා කර ඇත. තවද මෙය ඉමාම් ඉබ්නු මාජහ් ද වාර්තා කර ඇත.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඇය මස්ජිදයේ වාඩි වී සිටිය දී ඈ වෙතින් සුබ්හු සලාතය ඉටු කර උදෑසනින්ම පිටත්ව ගියහ. පසුව හිරු උදාවෙන් පසු නැවත හැරී ආහ. ඒ වනවිටත් ඇය වාඩි වී සිටියාය. "මා ඔබෙන් වෙන් වූ අවස්ථාවේ ඔබ සිටි ස්ථානයේම ඔබ තවමත් සිටින්නෙහි ද?" යැයි විමසුහ. ඇය: "එසේය" යැයි පිළිතුරු දුන්නාය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ කීහ. "සැබැවින්ම මම ඔබ හැර දමා ගිය පසු පද හතරක් තුන් වරක් ප්රකාශ කර සිටියෙමි. අද දිනයේ ඔබ පවසා සිටි දෑ සමග එය කිරා බැලුවේ නම්, ඒවා බරින් වැඩිය. එනම්: සුබ්හානල්ලාහි වබිහම්දිහි අදද හල්කිහි, වරිළා නෆ්සිහි, වසිනත අර්ෂිහී, වමිදාද කලිමාතිහි."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“කවරෙකු රාත්රියේ සූරා අල් බකරාහි අවසාන ආයත් දෙක පාරායනය කළේ ද ඒ දෙක ඔහුට ප්රමාණවත් වේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.