“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පාවහන් පැළඳීමේ දී ද හිසකෙස් සැකසීමේ දී ද පිරිසිදු කිරීමේ දී ද එතුමාණන්ගේ සෙසු සියලු කටයුතු වල දී ද එතුමාණෝ දකුණත ප්‍රිය කරන්නෙකු වූහ.”
දේව විශ්වාසීන්ගේ මෑණිය වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී.
“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පාවහන් පැළඳීමේ දී ද හිසකෙස් සැකසීමේ දී ද පිරිසිදු කිරීමේ දී ද එතුමාණන්ගේ සෙසු සියලු කටයුතු වල දී ද එතුමාණෝ දකුණත ප්‍රිය කරන්නෙකු වූහ.”
كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُعْجِبُهُ التَّيَمُّنُ، فِي تَنَعُّلِهِ، وَتَرَجُّلِهِ، وَطُهُورِهِ، وَفِي شَأْنِهِ كُلِّهِ.
ගරු කටයුතු හා සම්බන්ධ සියලු කරුණුවලදී තම දකුණතින් ආරම්භ කිරීමට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ප්‍රමුඛත්වය දුන් අතර එය ප්‍රිය කරන්නෙකු වූහ. මිනිසා පාවහන් පැළඳීමේ දී දකුණු පාදයෙන් ආරම්භ කළ යුතුය. තම හිසකෙස් හා තම රැවුල පීරීමේ දී ඒවා සැකසීමේ දී හා ඒවාට තෙල් ගැල්වීමේ දී දකුණතින් ආරම්භ කළ යුතු ය. එමෙන්ම වුළූ කිරීමෙහි ද තම දෙඅත් හා දෙපා අතරින් වමතට පෙර දකුණතට ප්‍රමුඛත්වය දිය යුතුය.
නවවි තුමා මෙසේ පවසයි: මෙම රීතිය ෂරීආව තුළ පවතින්නකි. එනම් ඇඳුම හා වේට්ටිය ඇඳීම, සපත්තු පැළදීම, මස්ජිදයට පිවිසීම, දත් පිරිසිදු කිරීම, සුරුමා ගැල්වීම, නියපොතු කැපීම, උඩු රැවල කොට කිරීම, හිසකෙස් පනාවකින් පීරීම, කිහිලි රෝම ඉවත් කිරීම, හිසකෙස් බෑම, සලාතයේ සලාම් පැවසීම, පිරිසිදු කිරීමේ දී ශරීර අවයව සේදීම, වැසිකිලියෙන් බැහැර වීම, ආහාර පාන ගැනීම, අතට අත දීම, හජ්රුල් අස්වද් ගල ස්පර්ශ කිරීම හා එවැනි අර්ථයෙන් යුතු අනෙකුත් කටයුතු දකුණතින් ආරම්භ කිරීම සතුටුදායක වන්නේය. ඒවාට පටහැනි වැසිකිලියට පිවිසීම, මස්ජිදයෙන් බැහැර වීම, නාසය පිරිසිදු කිරීම, මළමූත්‍රා කිරීමෙන් පසු පිරිසිදු කිරීම, ඇඳුම වේට්ටිය හා සපත්තු වැනි දෑ ගැලවීම යනාදී දෑ වමතින් ආරම්භ කිරීම සතුටු දායකය. මේ සියල්ල දකුණතට ගරු කිරීමක් වශයෙනි.
"දකුණත එතුමාණන්ට ප්‍රිය මනාප විය." මෙහි දකුණතින්, දකුණු කකුලෙන් හා දකුණු පැත්තෙන් කටයුතු ආරම්භ කිරීම මෙන්ම දකුණින් යමක් කිරීම ද ඇතුළත් වේ.
නවවි තුමා මෙසේ පවසයි: "දකුණතින් ආරම්භ කිරීම සතුටුදායක නොවු ශරීර අවයව ද ඇත. එනම් කන් දෙක, අත් (අල්ල) දෙක, කම්මුල් දෙක යනාදියයි. ඒවා එකවර පිරිසිදු කළ යුතු වේ. අත කපා තිබීම වැනි හේතු සාධකයක් වී නම්, එවිට දකුණතට මුල් තැන දිය යුතුය."
සහීහුුල් බුහාරි (1/ 45) (168).
සහීහ් මුස්ලිම් (1/ 226) (268).
පොත්වල උපුටා දක්වා ඇත
5 පොත්තවත් බලන්න (5)
- ما لا يسع أطفال المسلمين جهله«كَانَ النَّبِيُّ ﷺ يُعْجِبُهُ التَّيَمُّنُ فِي تَنَعُّلِهِ، وَتَرَجُّلِهِ، وَطُهُورِهِ، وَفِي شَأْنِهِ كُلِّهِ»[21].
- ما لا يسع أطفال المسلمين جهله«كَانَ النَّبِيُّ ﷺ يُعْجِبُهُ التَّيَمُّنُ فِي تَنَعُّلِهِ، وَتَرَجُّلِهِ، وَطُهُورِهِ، وَفِي شَأْنِهِ كُلِّهِ»[130].
- مشروع منهاج زادكزادك 2 طالب نهائي«كَانَ اَلنَّبِيُّ صلى الله عليه وسلم يُعْجِبُهُ اَلتَّيَمُّنُ فِي تَنَعُّلِهِ، وَتَرَجُّلِهِ، وَطُهُورِهُ، وَفِي شَأْنِهِ كُلِّهِ»
- نبراس طالب (2)نبراس طالب (2) «فقد كَانَ اَلنَّبِيُّ صلى الله عليه وسلم يُعْجِبُهُ اَلتَّيَمُّنُ فِي تَنَعُّلِهِ، وَتَرَجُّلِهِ، وَطُهُورِهُ، وَفِي شَأْنِهِ كُلِّهِ».
- نبراس طالب (3)نبراس طالب 3«كَانَ النَّبِيُّ صلى الله عليه وسلم يُعْجِبُهُ التَّيَمُّنُ، فِي تَنَعُّلِهِ، وَتَرَجُّلِهِ، وَطُهُورِهِ، وَفِي شَأْنِهِ كُلِّهِ»