Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 14 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“මාගේ සමූහයාට වඩාත් දුෂ්කර කාර්යයක් නොවන්නේ නම්, සෑම සලාතයට පෙර සිවාක් භාවිතා කරන (කට පිරිසිදු කරන) මෙන් මම ඔවුනට නියෝග කර සිටිමි.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කිඹුහුම් හැරිය විට, තම අත හෝ තම රෙදි කඩ හෝ මුව මත තබා, එහිදී එතුමාගේ හඬ ද පහත් කර -මැඩපත් කර- ගත් අයකු වූහ.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදි, හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"සැබැවින්ම මම ශාප කරන්නෙකු ලෙස කිසිවිටෙකත් එවනු ලැබුවේ නැත. සැබැවින්ම මම එවනු ලැබුවේ දයාවක් ලෙසිනි."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මරණයට පත් වූ අවස්ථාවේ දී එතුමාණෙන්ගේ සුදු ඔටුවා, එතුමාණන්ගේ ආයුධ සහ පුණ්‍යාධාරයක් ලෙස නියම කළ භූමි කොටසක් හැර කිසිදු රිදී කාසියක් හෝ රන් කාසියක් හෝ වහලෙකු හෝ වහලියක හෝ කිසිවක් ඉතිරි කර හැරදමා ගියේ නැත.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සහගාමීන් පිරිසක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ බිරියන්ගෙන් එතුමා රහසේ සිදු කරන නැමදුම් ක්‍රියාවන් පිළිබඳ විමසා සිටියෝය. එවිට ඔවුන්ගෙන් කෙනෙකු මම කාන්තාවන් විවාහ කර නොගනිමි. තවත් කෙනෙකු මම මස් අනුභවර නොකරමි. තවත් කෙනෙකු මම ඇතිරිල්ලක නො නිදමි යැයි පැවසුවේය. පසුව එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට දැන ගන්නට ලැබී එතුමා අල්ලාහ්ට ප්‍රශංසා කොට ඔහුව පැසසුමට ලක් කර මෙසේ පැවසූහ. ‘මෙලෙස ප්‍රකාශ කළ පිරිසට කුමක් වී තිබේ ද? එනමුදු මම සලාත් කරමි. නිදමි. උපවාසය රකිමි. උපවාසයෙන් මිදෙමි. කාන්තාවන් විවාහ කර ගනිමි. එහෙයින් කවරෙකු මාගේ පිළිවෙත ප්‍රතික්ෂේප කරන්නේ ද ඔහු මගෙන් කෙනෙකු නො වන්නේය.’
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
රතු පැහැති සළුවක් ඇඳ සිටින විට අල්ලාහ්ගේ දූතයා තරම් ලස්සන කෙස් කළඹක් ඇති කිසිවෙකු මා කිසිදා දැක නැත. එතුමාණන්ගේ කොණ්ඩය එතුමාණන්ගේ උරහිස් දෙක දක්වා දිගුවට තිබුණි. එමෙන්ම එතුමාණන්ගේ උරහිස් දෙක පළල් ව තිබූ අතර එතුමාණන් උස හෝ කොට නොවූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ෆජ්ර් සලාතය කළ විට, හිරු හොදින් උදාවන තුරු එතුමාණෝ සලාත් කළ ස්ථානයේම වාඩි වී සිටියහ. තවත් ප්‍රකාශයක: හිරු උදාවන තුරු (සුබ්හු) අළුයම් කාල සලාතය ඉටු කළ ස්ථානයෙන් එතුමාණන් නැගිට්ටේ නැත. හිරු නැඟුනු පසු එතුමා නැඟිට සිටියේය. ඔවුන් ජාහිලියා කාලයේ දේවල් සිහිපත් කරමින් ඒවා ගැන කතා කරමින් සිනහ සෙමින් හා මද සිනහ පාමින් සිටියහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"අහෝ අල්ලාහ්, මම ද මනුෂ්‍යයෙකි. මුස්ලිම්වරුන් අතරින් කිසියම් තැනැත්තෙකුට මම බැණ වැදුණේ නම් හෝ ශාප කළේ නම් හෝ කසපහර දුන්නේ නම් හෝ ඔහුට එය දානයක් සහ දයාවක් බවට පත් කරනු මැනව!"
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.