සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අන්සාර් වරුන් විෂයයෙහි මෙසේ පැවසූහ. "දේවත්වය විශ්වාස කළ අයකු හැර වෙනත් කිසිවෙක් ඔවුනට ආදරය කරන්නේ නැත. කුහකයකු හැර වෙනත් කිසිවෙක් ඔවුන් සමග උරණ වන්නේ නැත. කවරෙකු ඔවුනට ආදරය කරන්නේ ද අල්ලාහ් ඔහුට ආදරය කරනු ඇත. කවරෙකු ඔවුන් සමග උරණ වන්නේ ද අල්ලාහ් ද ඔහු සමග උරණ වනු ඇත
අල් බරාඃ (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී:
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අන්සාර් වරුන් විෂයයෙහි මෙසේ පැවසූහ. "දේවත්වය විශ්වාස කළ අයකු හැර වෙනත් කිසිවෙක් ඔවුනට ආදරය කරන්නේ නැත. කුහකයකු හැර වෙනත් කිසිවෙක් ඔවුන් සමග උරණ වන්නේ නැත. කවරෙකු ඔවුනට ආදරය කරන්නේ ද අල්ලාහ් ඔහුට ආදරය කරනු ඇත. කවරෙකු ඔවුන් සමග උරණ වන්නේ ද අල්ලාහ් ද ඔහු සමග උරණ වනු ඇත."
عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ فِي الْأَنْصَارِ: «لَا يُحِبُّهُمْ إِلَّا مُؤْمِنٌ، وَلَا يُبْغِضُهُمْ إِلَّا مُنَافِقٌ، مَنْ أَحَبَّهُمْ أَحَبَّهُ اللهُ وَمَنْ أَبْغَضَهُمْ أَبْغَضَهُ اللهُ».
මදීනා වාසීන් වන අන්සාරිවරුන් කෙරෙහි ආදරය දැක්වීම දේව විශ්වාසයේ පූර්ණත්වය සඳහා වන ලක්ෂණයකි යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. එය ඉස්ලාමයටත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ටත් උපකාර කිරීමේ දී ඔවුන් පෙරටුගාමීන් වූ බැවින් හා මුස්‌ලිම්වරුන්ට පිහිට වීමට වෙර දැරීම හා අල්ලාහ් වෙනුවෙන් තම මුදල් හා ජීවිත ඔවුන් වෙනුවෙන් ලබා දුන් බැවිනි. ඔවුන්ට වෛර කිරීම කුහකකමේ සලකුණකි. පසුව කවරෙකු අන්සාර් වරුන්ට ප්‍රිය කළේ ද අල්ලාහ් ඔහු ප්‍රිය කරන බවත් කවරෙකු ඔවුන් සමග කෝප වූයේ ද අල්ලාහ් ද ඔහු සමග කෝප වන බවත් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැහැදිළි කළහ.
...:
මෙහි අන්සාර් වරුන් සතු මහිමය පෙන්වා දෙයි. ඔවුනට ආදරය කිරීම දේව විශ්වාසයේ සළකුණක් බවත් කුහකත්වයෙන් මිදීමක් බවත් පෙන්වා දී ඇත.
අල්ලාහ්ට සමීප වූවන් හට ආදරය කිරීම ඔවුනට උපකාර කිරීම, අල්ලාහ්ගේ ආදරය ගැත්තා හට ලැබීමට හේතුවක් වන්නේය.
ඉස්ලාමයේ ආරම්භක පෙරටුගාමීන් සතු මහිමය.
සහීහුුල් බුහාරි (5/ 32) (3783).
සහීහ් මුස්ලිම් (1/ 85) (75).
තවත් බලන්න (9)
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (1/ 447).
تطريز رياض الصالحين.
لفيصل آل مبارك (ص257).
كنوز رياض الصالحين.
لمجموعة من الباحثين (6/ 258).
شرح النووي على مسلم (2/ 63).
نزهة المتقين شرح رياض الصالحين.
مجموعة من الباحثين (1/ 350).