ඔබ සුජූද් කරන විට, ඔබේ අත් දෙක තබා ඔබේ වැළමිට දෙක ඔසවා ගන්න
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව බරාඃ (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"ඔබ සුජූද් කරන විට, ඔබේ අත් දෙක තබා ඔබේ වැළමිට දෙක ඔසවා ගන්න."
«إِذَا سَجَدْتَ، فَضَعْ كَفَّيْكَ وَارْفَعْ مِرْفَقَيْكَ».
සලාතයේ සුජූද් ඉරියව්වෙහි දෙඅත් තිබිය යුතු ආකාරය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. එනම් අත් දෙක පොළොවෙහි තරකර තබා, ඇඟිලි ද කිබ්ලා දෙසට දිගු හැර, වැළමිට - එනම් අත හා බාහුව සන්ධි වන ස්ථානය - භූමිය ස්පර්ශ නොවන සේ ඔසවා තබා ඇළපත් දෙකින් ඒ දෙක ඈත් කර තබා ගැනීම ය.
තම අත් දෙක පොළව මත තැබීම සලාත් ඉටු කරන්නාට අනිවාර්යය වේ. සැබැවින්ම අත් දෙක සුජූද්හි අවයව හත අතරින් අවයව දෙකකි.
වැළමිට පොළොවෙන් ඔසවා තැබීම සතුටුදායක ක්‍රියාවකි. මෘග සතුන් උන්ගේ අත් පොළොවෙහි දිගා කර තබනවාක් මෙන් ඒ දෙක දිගාකර තබා ගැනීම පිළිකුල් සහගතය.
නැමදුම තුළ ප්‍රියමනාපය, උනන්දුව හා හැකියාව විදහා පෑම ආගමානුගත කළ කරුණකි.
සලාත් ඉටු කරන්නා සුජූදයට අදාළ සියලුම අවයවයන් නිසි අයුරින් තබන විට නැමදුමට අදාළ ඒ සෑම අවයවයකම අයිතිය ඔහු විසින් ඉටු කරනු ලබනු ඇත.
සහීහ් මුස්ලිම් (1/ 356) (494).
තවත් බලන්න (6)
سبل السلام شرح بلوغ المرام.
لمحمد الصنعاني (1/ 273).
توضيح الأحكام مِن بلوغ المرام.
لعبد الله البسام (2/ 235).
تيسير العلام شرح عمدة الأحكام.
لعبد الله البسام (ص162).