Skip to content

“අනුමානය (සැකය) ගැන ඔබ ප්‍රවේසම් විය යුතුයි. සැබැවින්ම අනුමානය කතාවෙන් වඩාත් ව්‍යාජය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

“අනුමානය (සැකය) ගැන ඔබ ප්‍රවේසම් විය යුතුයි. සැබැවින්ම අනුමානය කතාවෙන් වඩාත් ව්‍යාජය. ඔබ රහස්‍ය දෑට සවන් නො දෙන්න. විපරම් නො කරන්න. එකිනෙකාට ඊර්ෂ්‍යා නො කරන්න. එකිනෙකාට පිටුපාමින් කටයුතු නො කරන්න. එකිනෙකාට ක්‍රෝධයෙන් කටයුතු නො කරන්න. ඔබ සැම අල්ලාග්ගේ ගැත්තන් ලෙස සහෝදරයින් සේ සිටින්න"

«إِيَّاكُمْ وَالظَّنَّ؛ فَإِنَّ الظَّنَّ أَكْذَبُ الْحَدِيثِ، وَلَا تَحَسَّسُوا، وَلَا تَجَسَّسُوا، وَلَا تَحَاسَدُوا، وَلَا تَدَابَرُوا، وَلَا تَبَاغَضُوا، وَكُونُوا عِبَادَ اللهِ إِخْوَانًا».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

මුස්ලිම්වරුන් අතර භේදයට හා සතුරුකමට තුඩු දෙන සමහර දේවල් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් තහනම් කර ඒවා ගැන අනතුරු අඟවා ඇත. ඒවා අතරින්: (සැකය / අනුමානය) යනු කිසිදු සාක්ෂියකින් තොරව හදවතේ ඇති චෝදනාවක් වන අතර එය කතාවෙන් ඉතාමත්ම සාවද්‍ය එකක් බව පැහැදිලිය. 'තහස්සුස්' හෙවත් රහස් සෙවීමෙන්' යනු මිනිසුන්ගේ රහසිගත දෑ ඇසින් හා කනින් සොයා යෑමය. 'තජස්සුස්' හෙවත් විපරම් කිරීම යනු සැඟවුණු කටයුතු ගැන සොයා බැලීම ය. බොහෝ විට නපුර පිළිබඳ එහිදී පවසනු ලැබේ. 'හසද්' හෙවත් ඊර්ෂියාව යනු වෙනත් අයවලුන්හට ආශිර්වාද හිමි වීම ගැන වූ අකමැත්තය. 'තදාබුර්' හෙවත් කෙනෙකු අනෙකා පිටුපෑම. ඒ අනුව ඔහු තම සහෝදරයාට සලාම් නොපවසයි. ඔහුගේ සුවදුක් නොවිමසයි. 'තබාගුල්' හෙවත් පිළිකුල් කිරීම සහ විරසක වීම, එනම් අන් අයට හානි කිරීම, මුහුණ අප්‍රසන්න කර ගැනීම සහ නරක හැසිරීම. පසුව එතුමාණෝ "නුඹලා අල්ලාග්ගේ ගැත්තන් ලෙස සහෝදරයින් සේ සිටිනු" යැයි මුස්ලිම්වරුන්ගේ තත්ත්වයන් එකිනෙක සමාදාන කරන පුළුල් වචනයක් කීවේය. සහෝදරත්වය යනු මිනිසුන් අතර සබඳතා ශක්තිමත් කරන අතර ඔවුන් අතර ආදරය හා ඇසුර වැඩි කරන බැඳීමකි.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

නරක සිතුවිලි එහි සළකුණු මතු වන තැනැත්තාට හානියක් සිදු නො කරන අතර, දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයාගේ වගකීම වනුයේ බුද්ධිමත් හා ප්‍රඥාවන්ත වී නපුරු හා දුරාචාර මිනිසුන්ට නොරැවටී සිටීමයි.

ඉන් අදහස් කරන්නේ සිතු තුළ ඇති වන සැකයෙහි අඛණ්ඩව සිටීම පිළිබඳ අනතුරු ඇඟවීම ය. එනමුත් සිත තුළ ඇති වන සැකයෙහි අඛණ්ඩව නොසිටීම සම්බන්ධයෙන් වග කිව යුතු නොවේ.

ඔත්තු බැලීම, ඊර්ෂ්‍යාව වැනි මුස්ලිම් ප්‍රජාවේ සාමාජිකයන් අතර අසමගිය සහ විරසකයට හේතුවන කාරණා තහනම් කිරීම.

මුස්ලිම්වරයෙකුට උපදෙස් දීමේ සහ සෙනෙහසින් සහෝදරයෙකු ලෙස සැලකීමේ ආඥාව.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (8/ 19) (6064).

සහීහ් මුස්ලිම් (4/ 1985) (2563).

තවත් බලන්න (6)

منحة العلام في شرح بلوغ المرام.

لعبد الله الفوزان (10/ 219).

توضيح الأحكام من بلوغ المرام.

للبسام (7/ 414).

فتح ذي الجلال والإكرام بشرح بلوغ المرام.

لابن عثيمين (6/ 363).