Skip to content

“නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සහභාගි වූ යුද්ධයකදී කාන්තාවක් ඝාතනය කර තිබීම දකින්නට විය. පසුව කාන්තාවන් හා දරුවන් මරා දැමීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ හෙළා දුටුහ.”

අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

“නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සහභාගි වූ යුද්ධයකදී කාන්තාවක් ඝාතනය කර තිබීම දකින්නට විය. පසුව කාන්තාවන් හා දරුවන් මරා දැමීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ හෙළා දුටුහ.”

أَنَّ امْرَأَةً وُجِدَتْ فِي بَعْضِ مَغَازِي النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَقْتُولَةً، فَأَنْكَرَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَتْلَ النِّسَاءِ وَالصِّبْيَانِ.

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

එක් යුධමය අවස්ථාවක ඝාතනය කරනු ලැබූ කාන්තාවක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දුටුහ. පසුව කාන්තාවන් හා වැඩිවියට පත් නොවූ කුඩා පිරිමි දරුවන් ඝාතනය කිරීම එතුමාණෝ හෙළා දුටුහ.

හදීසයෙන් උගත හැකි පාඩම්

යුද්ධ නො කරන කාන්තාවන් හා කුඩා දරවන් මෙන්ම ඔවුන්ගේ නීතිය තුළටම ඇතුළත් වන වයෝවෘද්ධ වැඩිහිටියන් හා ආගමික පූජකයින් වනාහි, ඔවුන් මුස්ලිම්වරුන් ඝාතනය කිරීමේ අදහස් ඇති හා ඒ සඳහා උපකාර කරන අය අතරින් නොවන තාක්කල් සැබැවින්ම ඔවුන් මරා දමනු නොලැබිය යුතු ය.

කාන්තාවන් හා දරුවන්, මුස්ලිම්වරුන් සමග සටන් නො වදින බැවින් ඔවුන් ඝාතනය කිරීම තහනම් ය. අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීමේ අරමුණ වනුයේ සියලු මිනිසුන් අතරට සත්‍යයේ ඇරයුම ප්‍රවේශ වන තරමට සතුරන්ගේ ශක්තිය බිඳ දැමීම පමණය.

යුද සංග්‍රාමයන් හා සටන් පැවති අවස්ථාවන්හි පවා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දැක් වූ කරුණාව.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (4/ 61) (3014).

සහීහ් මුස්ලිම් (3/ 1364) (1744).

තවත් බලන්න (4)

الإلمام بشرح عمدة الأحكام.

لإسماعيل الأنصاري (2/ 189).

تيسير العلام شرح عمدة الأحكام.

للبسام (ص746).