“නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ‘සාඃ’ එකක (මුද්දු හතරක) සිට ‘මුද්දු’ පහක් දක්වා ස්නානය කරන අයකු ලෙසත් එක් ‘මුද්දු’ ප්‍රමාණයකින් වුළු ධෝවනය කරන අයකු ලෙසත් සිටියහ.”
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. හෙතෙම මෙසේ පැවසීය:
“නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ‘සාඃ’ එකක (මුද්දු හතරක) සිට ‘මුද්දු’ පහක් දක්වා ස්නානය කරන අයකු ලෙසත් එක් ‘මුද්දු’ ප්‍රමාණයකින් වුළු ධෝවනය කරන අයකු ලෙසත් සිටියහ.”
كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَغْسِلُ، أَوْ كَانَ يَغْتَسِلُ، بِالصَّاعِ إِلَى خَمْسَةِ أَمْدَادٍ، وَيَتَوَضَّأُ بِالْمُدِّ.
අනිවාර්යය ස්නානය හේතුවෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සාඃ එකක (එනම් මුද්දු හතරක) සිට මුද්දු පහක් දක්වා ජල ප්‍රමාණයෙන් ස්නානය කරන්නෙකු වූ අතර මුද්දු එකක ප්‍රමාණයෙන් වුළු කරන්නෙකු වූහ. සාඃ එකක් යනු මුද්දු හතරකි. මුද්දු යනු සාමාන්‍ය (ශාරීරක) මැවීමක් සහිත මිනිසකුගේ දෝත පිරෙන්නට ඇති ප්‍රමාණයකි.
වුළුෑ හා ස්නානය කරන ජලය කළමනා කිරීම ආගමානුගත කරුණකි. එමෙන්ම ජලය පහසුවෙන්ම ලබා ගත හැකි වුව ද එය අපතේ නාස්ති නොකළ යුතුය.
වුළූ දෝවනය හා ස්නානය සඳහා අවශ්‍ය ප්‍රමාණයට අනුව ජලය අඩුවෙන් භාවිත කිරීම යෝග්‍යය. සැබැවින්ම එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මගපෙන්වීමය.
මෙහි අරමුණ වනුයේ, වුළු ගැනීමේ දී හා ස්නානය කිරීමේ දී ඒවාට අදාළ සුන්නාවන්, විනයන් ගැන සැලකිලිමත් වෙමින් නාස්තියෙන් තොරව අරපිරිමැස්මෙන් ජලය භාවත කිරීම ය. එමෙන්ම කාලය, අධික ජලය තිබීම, එය අඩුවීම යනාදී වෙනත් කරුණු ද සැළකිල්ලට ගත යුතුය.
ජනාබත් තත්ත්වය යනු ශුක්‍රාණු පිට කළ හෝ සංසර්ගයේ නිරත වූ අය සඳහා භාවිත කරනු ලැබේ . මෙලෙස නම් තබනු ලැබ ඇත්තේ ඉන් පිරිසිදු වන තෙක්, අදාළ තැනැත්තා සලාතයෙන් හා සෙසු නැමදුම් ඉටු කිරීමෙන් වැළකී සිටිය යුතු බැවිනි.
'සාඃ' යනු මිණුම් ඒකකයකි. මින් අදහස් කරනුයේ නබි තුමාගේ සාඃ මිණුම් ඒකකයි. එය නැවුම් තිරුඟු ඇට (480ක) බර ය. ලීටර් වලින් (ලීටර් 3ක) දාරිතාවය.
'මුද්දු' යනු, ආගමේ සඳහන් මිණුම් ඒකකයකි. එනම් සාමාන්‍ය මිනිසෙකුගේ දෝත පුරවා අත් දෙක දිගුහරින විට එහි පිරෙන ජල ප්‍රමාණයයි. මුද්දු යනු විද්වතුන්ගේ සම්මත මතය අනුව සාඃ ඒකකයෙන් හතරෙන් එකකි. එහි ප්‍රමාණය මිලී ලීටර 750 කි.
සහීහුුල් බුහාරි (1/ 51) (201).
සහීහ් මුස්ලිම් (1/ 258) (325).
තවත් බලන්න (12)
توضيح الأحكام.
للبسام (1/ 250).
سُبل السلام.
للصنعاني (1/ 79 ).
فتح ذي الجلال والإكرام.
لابن عثيمين (1/ 212).
منحة العلَّام.
لعبد الله الفوزان (1/ 186).
منار القاري شرح مختصر صحيح البخاري.
لحمزة قاسم (1/ 272).
تحقيق مقدار المد والصاع النبوي.
للدكتور عبدالمحسن القاسم.