“ඔබේ ඔසප් වාරය ඔබව තිබෙන තාක් කල් (සලාත් හා උපවාසයේ නිරත වීමෙන්) ඔබ වැළකී සිටිනු. පසුව ස්නානය කරනු
දේව විශ්වාසීන්ගේ මෑණියක් වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී.
සැබැවින්ම අබ්දුර් රහ්මාන් ඉබ්නු අව්ෆ් තුමා යටතේ සිටි, උම්මු හබීබා බින්ත් ජහ්ෂ් තුමිය අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත රුධිර වහනය වීම පිළිබඳ පැමිණිළි කළාය. පසුව එතුමාණෝ ඇයට: “ඔබේ ඔසප් වාරය ඔබව තිබෙන තාක් කල් (සලාත් හා උපවාසයේ නිරත වීමෙන්) ඔබ වැළකී සිටිනු. පසුව ස්නානය කරනු.” යැයි පැවසූහ. පසුව ඇය සෑම සලාතයක දීම සෝද ගන්නට පුරුදු වී සිටියාය.
إِنَّ أُمَّ حَبِيبَةَ بِنْتَ جَحْشٍ الَّتِي كَانَتْ تَحْتَ عَبْدِ الرَّحْمَنِ بْنِ عَوْفٍ شَكَتْ إِلَى رَسُولِ اللهِ صلى الله عليه وسلم الدَّمَ، فَقَالَ لَهَا: «امْكُثِي قَدْرَ مَا كَانَتْ تَحْبِسُكِ حَيْضَتُكِ، ثُمَّ اغْتَسِلِي». فَكَانَتْ تَغْتَسِلُ عِنْدَ كُلِّ صَلَاةٍ.
අඛණ්ඩව රුධිරය වහනය වීම ගැන සහාබිවරියක් විසින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණිලි කළාය. එවිට, මෙම හදිසි අවස්ථාව ඇය වෙත පැමිණීමට පෙර ඇගේ ඔසප් කාලය ඇයව රඳවාගෙන සිටිය තාක් කල් ඇය සලාත් ඉටු නොකළ යුතු බවත් පසුව ඇය ස්නානය කර සලාතය ඉටු කළ යුතු බවත් ඇයට නියෝග කර සිටියහ. පසුව ඇය සෑම සලාතයක් සඳහාම සෝදා ගත්තාය.
...:
ඉස්තිහාලා හෙවත් ව්‍යාධි රුධිර වහනය, එනම්: ඇගේ සාමාන්‍ය ඔසප් දින ගණනින් පසු රුධිර වහනය අඛණ්ඩව සිදු වීමය.
ව්‍යාධි රුධිර වහනය හට ගැනීමට පෙර ඔසප් ඇතිවන නියමිත දින ගණන්වල එම ව්‍යාධි රුධිර වහනය ඔසප් තත්ත්වයක් ලෙස සලකනු ලැබේ.
මූලික වශයෙන් පුරුදු පරිදි එම දින ගණන් අවසන් වූ විට -ව්‍යාධි රුධිර වහනය සිදු වුව ද- ඇය ඔසප් තත්ත්වයෙන් පිරිසිදු වූ තැනැත්තියක් ලෙස සළකනු ලැබේ. පසුව ඔසප් තත්ත්වයෙන් පිරිසිදු වීම සඳහා ස්නානය කර ගනී.
ව්‍යාධි රුධිර වහනය සිදුවන කාන්තාවක්, සෑම සලාතයක් සඳහාම ස්නානය කර ගත යුතු නැත. ඊට හේතුව සහාබාවරිය ස්නානය කළේ, ඇගේ ස්ව උත්සහයෙන් ක්‍රියාත්මක වූවක් ලෙසිනි. එය අනිවාර්යය වූයේ නම්, ඒ ගැන අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඇයට පැහැදිලි කරනු ඇත.
නමුත් ව්‍යාධි රුධිරය වහනය වන කාන්තාව සෑම සලාතයක් සඳහාම වුළූ ගත යුතුව ඇත. ඊට හේතුව කිලිටිභාවය අඛණ්ඩව ඇයට සිදුවන බැවිනි. ඇය නිතර මූත්‍රා පිටවන හෝ නිතර වාතය පිටවන කෙනෙකු මෙන් නිතර කිලිටි ඇතිවන අයකුට සමානය.
ආගමික කටයුතුවල ගැටළු ඇත්නම් ඒ ගැන විද්වතුන්ගෙන් විමසා සිටීම. සැබැවින්ම මෙම කාන්තාව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණිලි කරමින් තමන්ට හට ගැනෙන අධික රුධිර වහනය පිළිබඳ එතුමාණන්ගෙන් විමසා සිටියාය.
සහීහ් මුස්ලිම් (1/ 264) (334).
(4/ 25).
තවත් බලන්න (5)
توضيح الأحكام.
للبسام (1/ 447).
شرح النووي على مسلم.
فتح ذي الجلال والإكرام بشرح بلوغ المرام.
لابن عثيمين (1/ 390).