උමර් ඉබ්නු කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා සමග අවුරුදු සලාතයට මම සහභාගී වූයෙමි. එවිට එතුමා “මෙම දින දෙක, එනම් නුඹලාගේ උපවාසයෙන් නුඹලා අවසන් කර ගන්නා (ඊදුල් ෆිත්ර්) දින හා නුඹලාගේ සත්ව කැපයෙන් නුඹලා අනුභව කරන (ඊදුල් අල්හා) දින යන දෙදින උපවාසයේ නිරත වීම අල්ලාහ්ගේ දූතයාණන් තහනම් කර ඇත.”
ඉබ්නු අස්හර්ගේ සේවකයකු වූ අබූ උබෙයිද් තුමා විසින් වාර්තා කරන ලදී:
උමර් ඉබ්නු කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා සමග අවුරුදු සලාතයට මම සහභාගී වූයෙමි. එවිට එතුමා “මෙම දින දෙක, එනම් නුඹලාගේ උපවාසයෙන් නුඹලා අවසන් කර ගන්නා (ඊදුල් ෆිත්ර්) දින හා නුඹලාගේ සත්ව කැපයෙන් නුඹලා අනුභව කරන (ඊදුල් අල්හා) දින යන දෙදින උපවාසයේ නිරත වීම අල්ලාහ්ගේ දූතයාණන් තහනම් කර ඇත.”
شَهِدْتُ العِيدَ مَعَ عُمَرَ بْنِ الخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ، فَقَالَ: هَذَانِ يَوْمَانِ نَهَى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ صِيَامِهِمَا: يَوْمُ فِطْرِكُمْ مِنْ صِيَامِكُمْ، وَاليَوْمُ الآخَرُ تَأْكُلُونَ فِيهِ مِنْ نُسُكِكُمْ.
ඊදුල් ෆිත්ර් හෙවත් උපවාසයෙන් පසු සමරන උත්සවය හා ඊදුල් අළ්හා හෙවත් හජ් උත්සවය යන දෙදින උපවාසයේ නිරතවීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ. ඊදුල් ෆිත්ර් යනු රමළාන් මාසයේ උපවාසයෙන් මිදෙන දිනයයි. ඊදුල් අළ්හා යනු උල්හිය්යා නම් සත්වයන් කැප කොට එමගින් අනුභව කරන දිනයයි.
ඊද්ලු ෆිත්ර් දින හා ඊදුල් අල්හා දින ඇතුළුව අය්යාමුත් තෂ්රීක් යන දිනයන්හි උපවාසය නිරත වීම තහනම් කර ඇත. අය්යාමුත් තෂ්රීක් යනු හජ් අවුරුදු දිනට පරව පිහිටා ඇති (හජ් මස 11, 12 සහ 13 යන) දින තුන වේ. නමුත් කවරෙකුට කැප කරන සත්වයෙක් එම දින තුනෙහි නොලැබුණේ ද අය්යාමුත් තෂ්රීක් දිනයන් හි උපවාසයේ නිරත වීමට ඔහුට අවසරය ඇත.
ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: මෙම දිනය විස්තර කිරීමේ ඇති ඵලය නම්, ඒ දෙදින උපවාසයෙන් මිදී සිටීමෙහි හේතු සාධකය පෙන්වා දීම ය. එනම්, එය උපවාසයෙන් වෙන් වන දිනයයි. ඉන් පසු ඇති දිනයන්හි උපවාසය මිදීමෙන් එම උපවායේ සම්පූර්ණභාවය විදහා පාන දිනයයි. අනෙක තම සත්ව කැපය පිළිගන්වමින් කරන නැමදුමෙහි හේතුවයි. ඔහු ඉන් අනුභව කරනු ඇත.
දේශකයාට වඩාත් උචිත හා සතුටුදායක වනුයේ ඔහුගේ දේශනය තුළ වර්තමානයට ගැළපෙන නීති හා බැඳුනු කරුණු මෙනෙහි කිරීම හා වඩාත් ගැළපෙන දෑ කතා කිරීමය.
කැප කරන ලද සතුන්ගේ මාංශ අනුභව කිරීම ආගමානුගත කරන ලද්දකි.
සහීහුුල් බුහාරි (3/ 42) (1990).
සහීහ් මුස්ලිම් (2/ 799) (1137).
තවත් බලන්න (8)
تيسير العلام.
لعبد الله البسام (ص344).
تنبيه الأفهام شرح عمدة الإحكام.
لابن عثيمين (3/ 461).
الإفهام في شرح عمدة الأحكام.
لابن باز (ص426).
خلاصة الكلام شرح عمدة الأحكام.
لفيصل آل مبارك (ص161).