Skip to content

“ඔබ අතරින් කිසිවකු හෝ තමන් ප්‍රිය කරන සිහිනයක් දුටුවේ නම්, සැබැවින්ම එය උත්තරීතර අල්ලාහ්ගෙන් වූවකි. එබැවින් ඒ සඳහා ඔහු අල්ලාහ්ට ප්‍රශංසා කළ යුතුය. ඒ ගැන කතා කළ යුතුය. ඒ හැර තමන් පිළිකුල් කරන යමක් දුටුවේ නම්, සැබැවින්ම එය ෂෙයිතාන්ගෙන් වූවකි. එවිට එහි හානියෙන් ඔහු ආරක්ෂාව පැතිය යුතු අතර එය කිසිවකුට නොපැවසිය යුතුය. මන්ද සැබැවින්ම එය ඔහුට හානිදායක නොවන්නේමය.”

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව අබූ සඊද් අල් කුඃද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් පවසා මෙසේ වාර්තා කරන ලදී:

“ඔබ අතරින් කිසිවකු හෝ තමන් ප්‍රිය කරන සිහිනයක් දුටුවේ නම්, සැබැවින්ම එය උත්තරීතර අල්ලාහ්ගෙන් වූවකි. එබැවින් ඒ සඳහා ඔහු අල්ලාහ්ට ප්‍රශංසා කළ යුතුය. ඒ ගැන කතා කළ යුතුය. ඒ හැර තමන් පිළිකුල් කරන යමක් දුටුවේ නම්, සැබැවින්ම එය ෂෙයිතාන්ගෙන් වූවකි. එවිට එහි හානියෙන් ඔහු ආරක්ෂාව පැතිය යුතු අතර එය කිසිවකුට නොපැවසිය යුතුය. මන්ද සැබැවින්ම එය ඔහුට හානිදායක නොවන්නේමය.”

«إِذَا رَأَى أَحَدُكُمُ الرُّؤْيَا يُحِبُّهَا فَإِنَّهَا مِنَ اللَّهِ، فَلْيَحْمَدِ اللَّهَ عَلَيْهَا وَلْيُحَدِّثْ بِهَا، وَإِذَا رَأَى غَيْرَ ذَلِكَ مِمَّا يَكْرَهُ، فَإِنَّمَا هِيَ مِنَ الشَّيْطَانِ، فَلْيَسْتَعِذْ مِنْ شَرِّهَا، وَلاَ يَذْكُرْهَا لِأَحَدٍ، فَإِنَّهَا لَنْ تَضُرَّهُ».

බුහාරි එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

නින්දේදී දකින සතුට දන්වන දැහැමි හීනය අල්ලාහ් වෙතින් වන බවත් ඒ සඳහා අල්ලාහ්ට ප්‍රශංසා කළ යුතු බවත් ඒ ගැන කතා කළ යුතු බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා මඟ පෙන්වූහ. එමෙන්ම දකින පිළිකුල් සහගත හා දුක දන්වන හීනය, ෂෙයිතාන්ගෙන් වන බවත් එහි හානියෙන් අල්ලාහ්ගෙන් ආරක්ෂාව පැතිය යුතු බවත් එය කිසිවකුට නොපැවසිය යුතු බවත් එතුමාණෝ දන්වා සිටියහ. එසේ කළ විට දුටු හීනයේ පෙළ ගැසී ඇති හානි සහගත දැයින් ආරක්ෂාව ලබන්නට එය හේතුවක් බවට අල්ලාහ් පත්කරනු ඇත.

හදීසයෙන් උගත හැකි පාඩම්

හීනයේ වර්ග: 1- දැහැමි හීනය, එය අල්ලාහ්ගෙන් වූ සැබෑ හා සතුට ගෙනදෙන හීනයකි. ඔහු එය දකිනු ඇත. එසේ නැතහොත් පෙන්වනු ලබනු ඇත. 2- තමන් කතා කළ දෑ, එනම් මිනිසා අවදිව සිටිය දී තමන් විසින් කතා කළ හා හිතපු දෑය. 3- ෂෙයිතාන් විසින් දුක දන්වන හා බිය ඇති කරන හීනය. ඒවා මිනිසුන් ශෝකයට පත් කරනු පිණිස ඔහු විසින් සිදු කරන ලද අර්බුද වෙති.

දැහැමි හීනය සම්බන්ධයෙන් මෙහි සඳහන් වී ඇති කරුණු තුනකි: ඒ සඳහා අල්ලාහ්ට ප්‍රශංසා කිරීම, ඒ ගැන සතුටු වීම හා ඒ ගැන කතා කිරීම ය. එය පවසා සිටිය යුත්තේ තමන් පිළිකුල් කරන අයට නොව ප්‍රිය කරන උදවියට ය.

සඳහන් වී ඇති පිළිකුල් සහගත හීනය සම්බන්ධයෙන් පිළිපැදිය යුතු විනයන් පහකි: ඉන් ඇතිවන හානියෙන් හා ෂෙයිතාන්ගේ හානියෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පැතීම. නින්දෙන් බියවී අවදිවන මොහොතක තම වමතට තුන්වරක් කෙළ ගසන්නාක් මෙන් හැසිරීම. ඒ ගැන කිසිවකුට නොපැවසීම. ඔහු නැවත නිදා ගන්නට සිතුවේ නම් තමන් ඇළ වී සිටි පැත්ත මාරුකර නැවත නිදා ගැනීම. එවිට සැබැවින්ම එය ඔහුට හානියක් නොවනු ඇත.

ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: මෙහි ඇති සියුම් හේතුව වනුයේ, සැබැවින්ම දැහමි හීනය ගැන ප්‍රිය නොකරන කෙනෙකු වෙත දන්වා සිටින විට, එක්කො ඊර්ෂ්‍යාවෙන් හෝ එක්කො ක්‍රෝධයෙන් හෝ ඔහු විසින් මොහුට ප්‍රිය නොකරන දැයක් විස්තර කරන්නට ඉඩ ඇති බැවිනි. ඇතැම් විට එවැනි ස්වරූපයක් හටගත හැකිය. එසේ නැතහොත් දුක හෝ ශෝඛය ඔහුට කල් ඇතිවම ගෙන දෙන්නට ඉඩ ඇත. මෙම හේතූන් මත ප්‍රිය නොකරන උදවියට මේවා ගැන පවසා සිටීම අත්හැර දමන මෙන් නියෝග කර ඇත.

ආශිර්වාදයක් ඇති වූ විටෙක හෝ ආශිර්වාදයක් අලුත් වූ විටෙක අල්ලාහ්ට ප්‍රශංසා කළ යුතු ය. එය එම ආශිර්වාද අඛණ්ඩව පැවතීමට හේතුවක් වනු ඇත.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (9/ 43) (7045).

තවත් බලන්න (10)

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين (11/ 181).

شرح رياض الصالحين.

لابن عثيمين (4/ 370).

تطريز رياض الصالحين.

لفيصل آل مبارك (ص510).

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (2/ 124).

نزهة المتقين شرح رياض الصالحين.

لمجموعة من الباحثين (1/ 657).