Skip to content
සූරා ලැයිස්තුව /

التوبَة

التوبَة is chapter 9 of the Quran and has 129 verses. This page presents it in full in the Uthmani script, with a verse-by-verse translation of its meaning.

129 වැකි සූරා අංකය 9
වැකියට යන්න
සිංහල · Mahir

بَرَآءَةٞ مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦٓ إِلَى ٱلَّذِينَ عَٰهَدتُّم مِّنَ ٱلۡمُشۡرِكِينَ

(මෙය) දේව ආදේශ කරන්නන් අතරින් නුඹලා ගිවිසුම් ඇති කර ගත් අය වෙත වූ අල්ලාහ්ගෙන් හා ඔහුගේ දූතයාණන්ගෙන් නිදහස් වීමයි.

فَسِيحُواْ فِي ٱلۡأَرۡضِ أَرۡبَعَةَ أَشۡهُرٖ وَٱعۡلَمُوٓاْ أَنَّكُمۡ غَيۡرُ مُعۡجِزِي ٱللَّهِ وَأَنَّ ٱللَّهَ مُخۡزِي ٱلۡكَٰفِرِينَ

එබැවින් මාස හතරක් මෙම භූමියේ නුඹලා සැරිසරනු. තවද නියත වශයෙන්ම නුඹලා අල්ලාහ් ව අබිබවන්නට හැකියාවන්ත නොවන බවත් නියත වශයෙන්ම අල්ලාහ් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් අවමන් කරන්නා බවත් නුඹලා දැන ගනු.

وَأَذَٰنٞ مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦٓ إِلَى ٱلنَّاسِ يَوۡمَ ٱلۡحَجِّ ٱلۡأَكۡبَرِ أَنَّ ٱللَّهَ بَرِيٓءٞ مِّنَ ٱلۡمُشۡرِكِينَ وَرَسُولُهُۥۚ فَإِن تُبۡتُمۡ فَهُوَ خَيۡرٞ لَّكُمۡۖ وَإِن تَوَلَّيۡتُمۡ فَٱعۡلَمُوٓاْ أَنَّكُمۡ غَيۡرُ مُعۡجِزِي ٱللَّهِۗ وَبَشِّرِ ٱلَّذِينَ كَفَرُواْ بِعَذَابٍ أَلِيمٍ

සබැවින් ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ආදේශ තබන්නන් සමඟ වූ බැඳීමෙන් ඉවත් විය. (මෙය) මහා හජ් දිනයෙහි (රැස් වූ) ජනතාවට අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙතින් වූ දැනුම් දීම ය. (එබැවින්) නුඹලා පශ්චාත්තාප වී මිදුණේ නම් එවිට එය නුඹලාට යහපත් ය. තවද නුඹලා පිටුපෑවෙහු නම් එවිට සැබැවින් ම නුඹලා අල්ලාහ්ව අබිබවන්නට හැකියාවන්ත නො වන බව දැනගනු. ප්‍රතික්ෂේප කළවුනට වේදනීය දඬුවමක් ඇති බව නුඹ ශුභාරංචි දන් වනු.

إِلَّا ٱلَّذِينَ عَٰهَدتُّم مِّنَ ٱلۡمُشۡرِكِينَ ثُمَّ لَمۡ يَنقُصُوكُمۡ شَيۡـٔٗا وَلَمۡ يُظَٰهِرُواْ عَلَيۡكُمۡ أَحَدٗا فَأَتِمُّوٓاْ إِلَيۡهِمۡ عَهۡدَهُمۡ إِلَىٰ مُدَّتِهِمۡۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُتَّقِينَ

එහෙත් ආදේශ කරන්නන් අතරින් නුඹලා ගිවිස ගත් පසු නුඹලාට (එම ගිවිසුමෙහි) කිසිදු අඩුවක් නො කළ, නුඹලාට එරෙහිව කිසිවෙකුට උදව් නො දුන් අය හැර. (ඔවුන් විෂයෙහි) ඔවුන්ගේ නියමිත කාලය දක්වා ඔවුන්ගේ ගිවිසුම ඔවුන් වෙත පූර්ණව ඉටු කරනු. නියත වශයෙන් ම අල්ලාහ් දේව බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන්නන් ප්‍රිය කරයි.

فَإِذَا ٱنسَلَخَ ٱلۡأَشۡهُرُ ٱلۡحُرُمُ فَٱقۡتُلُواْ ٱلۡمُشۡرِكِينَ حَيۡثُ وَجَدتُّمُوهُمۡ وَخُذُوهُمۡ وَٱحۡصُرُوهُمۡ وَٱقۡعُدُواْ لَهُمۡ كُلَّ مَرۡصَدٖۚ فَإِن تَابُواْ وَأَقَامُواْ ٱلصَّلَوٰةَ وَءَاتَوُاْ ٱلزَّكَوٰةَ فَخَلُّواْ سَبِيلَهُمۡۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ

ශුද්ධ මාස ගෙවී ගිය පසු නුඹලා ආදේශ කරන්නන් (යුද පිටියේ) දුටු තැන නසා දමනු. තවද ඔවුන්ව අල්ලා ගනු තවද ඔවුන්ව කොටු කරනු (ඔවුන්) යන එන සෑම තැනකම ඔවුනට එරෙහිව වාඩි වී (රැක) සිටිනු. එහෙත් ඔවුන් පසුතැවිලි වී සලාතය විධිමත්ව ඉටු කොට zසකාත් ද පිරිනැමුවේ නම් ඔවුන්ගේ මාර්ගයේ ඔවුන්ව නුඹලා අතහැර දමනු. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය. කරුණා ගුණයෙන් යුක්ත ය.