لَّقَد تَّابَ ٱللَّهُ عَلَى ٱلنَّبِيِّ وَٱلۡمُهَٰجِرِينَ وَٱلۡأَنصَارِ ٱلَّذِينَ ٱتَّبَعُوهُ فِي سَاعَةِ ٱلۡعُسۡرَةِ مِنۢ بَعۡدِ مَا كَادَ يَزِيغُ قُلُوبُ فَرِيقٖ مِّنۡهُمۡ ثُمَّ تَابَ عَلَيۡهِمۡۚ إِنَّهُۥ بِهِمۡ رَءُوفٞ رَّحِيمٞ
නබිවරයාට, දුෂ්කර කාලයෙහි ඔහුව අනුගමනය කළා වූ (මක්කාවෙන්) නික්ම ගිය වුන්ට හා (නික්ම ගිය මක්කා වාසීන්ට) උදව් කළ වුන්ට අල්ලාහ් පශ්චාත්තාපය පිළිගෙන සමාව දුන්නේ ය. ඔවුන් අතරින් පිරිසකගේ හදවත් (වෙනතකට) නැඹුරුවන්නට තිබුණ ද පසුව ඔවුන් කෙරෙහි පශ්චාත්තාපය පිළිගෙන සමාව දුන්නේ ය. නියත වශයෙන් ම ඔහු ඔවුන් සම්බන්ධයෙන් සානුකම්පිත ය; කරුණාවන්ත ය.