Skip to content
සූරා ලැයිස්තුව /

المُطَففين

المُطَففين is chapter 83 of the Quran and has 36 verses. This page presents it in full in the Uthmani script, with a verse-by-verse translation of its meaning.

36 වැකි සූරා අංකය 83
වැකියට යන්න
සිංහල · Mahir
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

وَيۡلٞ لِّلۡمُطَفِّفِينَ

කිරුම් මිනුම්වල වංචා කරන්නන්හට විනාශයම ය.

ٱلَّذِينَ إِذَا ٱكۡتَالُواْ عَلَى ٱلنَّاسِ يَسۡتَوۡفُونَ

ඔවුන් වනාහි මිනිසුන්ගෙන් කිරා ගන්නා විට සම්පූර්ණයෙන් ම කිරා ගනිති.

وَإِذَا كَالُوهُمۡ أَو وَّزَنُوهُمۡ يُخۡسِرُونَ

කිරා දෙන විට හෝ මැන දෙන විට අඩු කර දෙති.

أَلَا يَظُنُّ أُوْلَٰٓئِكَ أَنَّهُم مَّبۡعُوثُونَ

නියත වශයෙන් ම තමන් නැගිටුවනු ලබන්නන් බව ඔවුහු නො සිතන්නෝ ද?

لِيَوۡمٍ عَظِيمٖ

මහත් වූ දිනයක් සඳහා.