Skip to content
සූරා ලැයිස්තුව /

الانفِطَار

ﯿ

الانفِطَار is chapter 82 of the Quran and has 19 verses. This page presents it in full in the Uthmani script, with a verse-by-verse translation of its meaning.

19 වැකි සූරා අංකය 82
වැකියට යන්න
සිංහල · Mahir
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

إِذَا ٱلسَّمَآءُ ٱنفَطَرَتۡ

අහස පිපිරී වෙන්ව ගිය විට,

وَإِذَا ٱلۡكَوَاكِبُ ٱنتَثَرَتۡ

තවද තාරුකා වැටී විසිරී ගිය විට,

وَإِذَا ٱلۡبِحَارُ فُجِّرَتۡ

තවද සමුද්‍රයන් පුපුරා යන විට,

وَإِذَا ٱلۡقُبُورُ بُعۡثِرَتۡ

තවද මිනී වළවල් (ඒ තුළ තැන්පත් කර ඇති මළ මිනී) පෙරළා දමනු ලබන විට,

عَلِمَتۡ نَفۡسٞ مَّا قَدَّمَتۡ وَأَخَّرَتۡ

සෑම ආත්මයක් ම තමන් ඉදිරිපත් කළ හා පසුවට ඉතිරි කළ දෑ දැන ගනු ඇත.