Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 4 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
සැබැවින්ම ගැමි අරාබිවරයකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණ: ‘මම එය කළ විට, මා ස්වර්ගයට පිවිසිය හැකි ක්‍රියාවක් මට පෙන්වා දෙන්න.’ යැයි විමසා සිටියේය. එතුමා: “ඔබ අල්ලාහ්ට නැමදුම් කරන්න. කිසිවක් ඔහුට ආදේශ නොතබන්න. නියම කරන ලද සලාතය විධිමත්ව ඉටු කරන්න. අනිවාර්යය කරන ලද සකාතය පිරිනමන්න. රමළාන් මාසයේ උපවාසයේ නිරත වන්න.” යැයි පැවසීය. ඔහු: ‘මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා සිටිමි. මීට වඩා කිසිවක් මම අධික නොකරමි.’ යැයි පැවසීය. පසුව ඔහු හැරී ගිය කල්හි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: “ස්වර්ගවාසීන් අතරින් මිනිසෙකු දෙස බලන්නට කවරෙකු ප්‍රිය කරන්නේ ද මොහු දෙස බලත්වා!”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අපෙන් යමක් සවන් දී එය ඇසූ ආකාරයටම ප්‍රකාශ කර සිටින තැනැත්තාට අල්ලාහ් සතුට ගෙන දෙයි. එයට සවන් දුන් තැනැත්තාට වඩා එය දන්වා සිටින තැනැත්තා වඩා අවබෝධයක් ඇත්තෙකු විය හැක.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු විසින් වාර්තා කර ඇත.
"අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කරනු ලබන යම් දැනුමක් වී, යමෙකු එමගින් මෙලොව යමක් ලැබීමේ අපේක්ෂාවෙන් මිස එය නො හදාරන්නේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ගයේ ගන්ධය පවා ඔහු ආඝ්‍රාණය නො කරනු ඇත." එනම් එහි සුවඳය.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අප වෙත පැමිණියේය. එවිට අපි අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට අප සලාම් කිව යුත්තේ කෙසේ දැ?යි අපි දනිමු. නමුත් ඔබ වෙත අපි සලවාත් (ආශිර්වාද) පැවසිය යුත්තේ කෙසේ ද?යැයි විමසුවෙමු. එවිට එතුමාණෝ නුඹලා “අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ලෙයිත අලා ඉබ්රාහීම ඉන්නක හමීදුන් මජීද්, අල්ලාහුම්ම බාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ඉබ්රාහීම ඉන්නක හමීදුන් මජීද්.” (අහෝ දෙවියනි! ඉබ්රාහීම් තුමාගේ පවුලේ අය වෙත ඔබ ආශිර්වාද කළාක් මෙන් මුහම්මද් තුමාණන් හා එතුමාණන්ගේ පවුලේ ඥාතීන්හට ආශිර්වාද කරත්වා! සැබැවින්ම ඔබ ප්‍රශංසාලාබීය. කීර්තිමත්ය. දෙවියනි, ඉබ්රාහීම් තුමාගේ පවුලේ උදවිය වෙත ඔබ සමෘද්ධිය ඇති කළාක් මෙන් මුහම්මද් තුමාණන් හා මුහම්මද් තුමාගේ පවුලේ ඥාතීන්හට සමෘද්ධිය ලබා දෙත්වා! සැබැවින්ම ඔබ ප්‍රශංසාලාබීය, කීර්තිමත්ය. යනුවෙන් පවසනු" යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.