Skip to content

ජනාසාව (මළ දේහය) තබනු ලැබ පිරිමින් ඔවුන්ගේ කර මත එය උසුලාගෙන යන විට එය යහපත් නම් එය මෙසේ පවසනු ඇත. "මාව ඉක්මන් කරන්න

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබු සඊද් අල්-කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

"ජනාසාව (මළ දේහය) තබනු ලැබ පිරිමින් ඔවුන්ගේ කර මත එය උසුලාගෙන යන විට එය යහපත් නම් එය මෙසේ පවසනු ඇත. "මාව ඉක්මන් කරන්න" එය යහපත් නොවී නම්, එය මෙසේ පවසනු ඇත. "අහෝ විනාශය! ඔවුන් මෙය ගෙන යන්නේ කොයිබට ද?" මිනිසා හැර සෙසු සියලු දෑ එහි හඬට සවන් දෙනු ඇත. මිනිසා එයට සවන් දුන්නේ නම්, ඔහු කම්පනයට පත්වනු ඇත."

«إِذَا وُضِعَتِ الجِنَازَةُ وَاحْتَمَلَهَا الرِّجَالُ عَلَى أَعْنَاقِهِمْ فَإِنْ كَانَتْ صَالِحَةً قَالَتْ: قَدِّمُونِي، وَإِنْ كَانَتْ غَيْرَ صَالِحَةٍ قَالَتْ: يَا وَيْلَهَا أَيْنَ يَذْهَبُونَ بِهَا؟ يَسْمَعُ صَوْتَهَا كُلُّ شَيْءٍ إِلَّا الإِنْسَانَ، وَلَوْ سَمِعَهُ صَعِقَ».

බුහාරි එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

"මළ දේහය ඇඳ මත තබනු ලැබ පසුව එය පිරිමින් ඔවුන්ගේ කර මත උසුලාගෙන යන විට එය යහපත් නම්, තමන් ඉදිරියේ ඇති ස්වර්ගය දකිනු වස් තමන්ව ඉක්මන් කරන මෙන් පවසන බවත්, එය යහපත් නොවී නම්, තමන් ඉදිරියේ ඇති දඬුවම දකින බැවින් පිළිකුල් සහගත මහා හඩින්, 'අහෝ විනාශය! තමන්ව රැගෙන යන්නේ කොයිබට ද?' යැයි විමසා සිටින බවත්, එය මිනිසා හැර සෙසු සියලු දෑ එහි හඬට සවන් දෙනු ඇත. මිනිසා එයට සවන් දුන්නේ නම්, එහි ඇති දැඩි හඬ හේතුවෙන් ඔහුව කම්පනයට පත් කරනු ඇත" යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ.

හදීසයෙන් උගත හැකි පාඩම්

මරණයට පත්වූ දැහැමි පුද්ගලයකු වනාහි, ඔහුව වළ දමන්නට පෙර ශුභාරංචි හා ශුභ ලකුණු දකිනු ඇත. දේවත්වය ප්‍රතික්ෂේප කළ අයකු වනාහි, ඔහු කලබල වෙයි. එයට ප්‍රතිවිරුද්ධ දේ ඔහු දකිනු ඇත.

ඇතම් හඬවලට මිනිසුන් නොවන අනෙකුත් මැවීම්වලට ඇසෙන නමුත් මිනිසුන්ට ඒවා ඇසෙන්නේ නැත.

නබි පිළිවෙත වනුයේ ජනාසාවක් කාන්තාවන් නොව පිරිමින්ගේ කර මත උසුලාගෙන යාම ය. එය කාන්තාවන් ජනාසාවක අවසන් කටයුතු පසුපස හඹා යෑම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තහනම් කර ඇති බැවිනි.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (2/ 85) (1314).

තවත් බලන්න (8)

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (1/ 513).

نزهة المتقين شرح رياض الصالحين.

لمجموعة من الباحثين (1/ 400).

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين (7/ 122).

شرح رياض الصالحين.

لابن عثيمين (4/ 546).