Skip to content

සැබැවින්ම, ස්වර්ගයේ ගසක් ඇත, තරඟයට සූදානම් කරන ලද වේගවත් අශ්වයකු මත නැග යන කෙනෙක් වසර සියයක් ගමන් කළ ද ඔහු එය තරණය නොකරනු ඇත

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

"සැබැවින්ම, ස්වර්ගයේ ගසක් ඇත, තරඟයට සූදානම් කරන ලද වේගවත් අශ්වයකු මත නැග යන කෙනෙක් වසර සියයක් ගමන් කළ ද ඔහු එය තරණය නොකරනු ඇත."

«إِنَّ فِي الْجَنَّةِ شَجَرَةً يَسِيرُ الرَّاكِبُ الْجَوَادَ الْمُضَمَّرَ السَّرِيعَ مِائَةَ عَامٍ مَا يَقْطَعُهَا».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

ඇත්ත වශයෙන්ම ස්වර්ගයේ ගසක් ඇති බවත්, තරඟයට සූදානම් කරන ලද වේගවත් අශ්වයකු මත නැග යන කෙනෙක් ඊට පහළින් වසර සියයක් වේගයෙන් ගමන් කළ ද එහි බරවී පවතින අත්තෙහි අවසානය දක්වා ඔහුගේ ගමන ඔහු අවසන් කර නොගන්නා බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.

හදීසයෙන් උගත හැකි පාඩම්

ස්වර්ගයේ පුළුල්භාවය හා එහි ගස්වල විශාලත්වය විස්තර කිරීම.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (8/ 114) (6553).

සහීහ් මුස්ලිම් (4/ 2176) (2828).

තවත් බලන්න (6)

نزهة المتقين شرح رياض الصالحين.

لمجموعة من الباحثين (2/ 1289).

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (3/ 345).

تطريز رياض الصالحين.

لفيصل مُبَارَك (ص1086).