Skip to content

“විද්වතුන් ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට හෝ මෝඩයන් සමඟ වාද කිරීමට හෝ දැනුම නොසොයන්න. සභාවක හොඳම ආසනය තෝරා නොගන්න

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

“විද්වතුන් ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට හෝ මෝඩයන් සමඟ වාද කිරීමට හෝ දැනුම නොසොයන්න. සභාවක හොඳම ආසනය තෝරා නොගන්න. කවරෙකු හෝ එසේ කරන්නේ ද ගින්න, ගින්නමය."

«لَا تَعَلَّمُوا الْعِلْمَ لِتُبَاهُوا بِهِ الْعُلَمَاءَ، وَلَا لِتُمَارُوا بِهِ السُّفَهَاءَ، وَلَا تَخَيَّرُوا بِهِ الْمَجَالِسَ، فَمَنْ فَعَلَ ذَلِكَ، فَالنَّارُ النَّارُ».

ඉබ්නු මාජහ් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

විද්වතුන් ඉදිරියේ ප්‍රදර්ශණය කිරීම හා පුරසාරම් දෙඩීම සඳහා හෝ මම නුඹලා මෙන් විද්වතෙක්මි යැයි පෙන්වීම සඳහා හෝ බුද්ධි හීනයන් හා අඥානයින් සමග කතා කර වාද කිරීම සඳහා හෝ සභාවන්හි පෙනී සිට අනෙකාට වඩා තමන්ට ප්‍රමුඛත්වය ලැබීම සඳහා දැනුම සෙවීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. එහෙයින් කවරෙකු එසේ සිදු කළේ ද ඔහුගේ මුහුණිච්ඡාව හේතුවෙන් සහ දැනුම සෙවීමේ දී අල්ලාහ්ට අවංක නොවූ බැවින් සැබැවින්ම ඔහු අපා ගින්නට සුදුසුකම් ලබන්නේය.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

තමන් පුරසාරම් දෙඩීම සඳහා හෝ වාද කිරීම සඳහා හෝ සභාවන්වල ප්‍රමුකත්වය ලැබීම සඳහා හෝ එවැනි දෙයක් සඳහා දැනුම සොයන්නාට අපා ගින්න පිළිබඳ අවවාදය.

දැනුම හදාරා එය උගන්වන්නා සතුව තිබිය යුතු අවංක චේතනාවේ වැදගත්කම.

'නිය්යත්' හෙවත් චේතනාව ක්‍රියාවන්හී මූලය වේ. ප්‍රතිඵල හිමිවන්නේ ඒ මත පදනම් කර ගෙනය.

මූලාශ්‍ර

සුනන් ඉබ්නු මාජහ් (1/ 170) (254).

තවත් බලන්න (2)

مرشد ذوي الحجا والحاجة (2/378).

مشارق الأنوار الوهاجة ومطالع الأسرار البهاجة في شرح سنن الإمام ابن ماجه (4/ 482).