අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් රුකූඋහි සිට එතුමාණන්ගේ පිට ඔසවා ගත් විට "සමිඅල්ලාහු ලිමන් හමිදා'
ඉබ්නු අබී අව්ෆා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් රුකූඋහි සිට එතුමාණන්ගේ පිට ඔසවා ගත් විට "සමිඅල්ලාහු ලිමන් හමිදා' යැයි පවසා 'අල්ලාහුම්ම රබ්බනා වලකල් හම්දු මිල්අස් සමාවාති වමිල්අල් අර්ළි වමිල්අ මා ෂිඃත මින් ෂෙයිඉන් බඃද්" යැයි පවසයි.
كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا رَفَعَ ظَهْرَهُ مِنَ الرُّكُوعِ قَالَ: «سَمِعَ اللهُ لِمَنْ حَمِدَهُ، اللَّهُمَّ رَبَّنَا لَكَ الْحَمْدُ، مِلْءَ السَّمَاوَاتِ وَمِلْءَ الْأَرْضِ وَمِلْءَ مَا شِئْتَ مِنْ شَيْءٍ بَعْدُ».
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සලාතයේ රුකූඋහි සිට එතුමාණන්ගේ කොන්ද ඔසවා ගත් විට "සමිඅල්ලාහු ලිමන් හමිදා' යැයි පවසයි එනම්: කවරෙකු උත්තරීතර අල්ලාහ්ට ප්‍රශංසා කළේ ද ඔහු වෙනුවෙන් අල්ලාහ් ප්‍රතිචාර දක්වනු ඇත. ඔහුගේ ප්‍රශංසා කිරීම පිළිගෙන ඔහුට කුසල් පිරිනමනු ඇත. පසුව මෙසේ තවදුරටත් අල්ලාහ්ව ප්‍රශංසා කරයි: 'අල්ලාහුම්ම රබ්බනා වලකල් හම්දු මිල්අස් සමාවාති වමිල්අල් අර්ළි වමිල්අ මා ෂිඃත මින් ෂෙයිඉන් බඃද්" එනම්: අහස්, මහපොළොව හා ඒ දෙක අතර ඇති දෑ පුරාවටම, අල්ලාහ් අභිමත කරන දෑ පුරාවරටම ඇති ප්‍රශංසාවන්ය.
...:
සලාතය ඉටු කරන්නා රුකූඋ ඉරියව්වෙන් නැගිටින විට එහි පැවසීමට වැදගත් වන දෑ විස්තර කිරීම.
රුකූඋ ඉරියව්වෙන් හිස එසවීමෙන් පසු ඉඃතිදාලය හා එහි මද වේලාවක් තැන්පත් වීම ආගමානුගත කරන ලද්දකි. හේතුව මෙම දික්රය ඉඃතිදාලයට පැමිණ මද වේලාවක් රැඳී සිටීමෙන් තොරව පැවසිය හැකි නොවන බැවිනි.
අනිවාර්යය සලාතයක් හෝ වේවා සුන්නා සලාතයක් හෝ වේවා සියලුම සලාත්වල දී මෙම සිහිකිරීම පැවසීම ආගමානුගත කරන ඇත.
සහීහ් මුස්ලිම් (1/ 346) (476).
තවත් බලන්න (1)
البحر المحيط الثجاج في شرح صحيح الإمام مسلم بن الحجاج (11/ 114).