Skip to content

“අසුභවාදය දේවත්වයට ආදේශ කිරීමකි. අසුභවාදය දේවත්වයට ආදේශ කිරීමකි. අසුභවාදය දේවත්වයට ආදේශ කිරීමකි. -තුන්වරක්- ” අප අතරින් එහි නොවැටෙන කිසිවකු නැත. නමුත් අල්ලාහ් මත සියල්ල භාරකිරීම තුළින් ඔහු එය පහකරනු ඇත

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

“අසුභවාදය දේවත්වයට ආදේශ කිරීමකි. අසුභවාදය දේවත්වයට ආදේශ කිරීමකි. අසුභවාදය දේවත්වයට ආදේශ කිරීමකි. -තුන්වරක්- ” අප අතරින් එහි නොවැටෙන කිසිවකු නැත. නමුත් අල්ලාහ් මත සියල්ල භාරකිරීම තුළින් ඔහු එය පහකරනු ඇත.

«الطِّيَرَةُ شِرْكٌ، الطِّيَرَةُ شِرْكٌ، الطِّيَرَةُ شِرْكٌ، -ثلاثًا-»، وَمَا مِنَّا إِلَّا، وَلَكِنَّ اللهَ عَزَّ وَجَلَّ يُذْهِبُهُ بِالتَّوَكُّلِ.

මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

අසුභවාදය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. එනම් කුරුල්ලන්, සතුන්, ආබාධ සහිත පුද්ගලයින්, අංක, දින හෝ වෙනත් ඕනෑම දෙයක් ගැන අසන ලද හෝ දකින ඕනෑම දෙයක් සම්බන්ධයෙන් සුභ අසුභවාදය බැලීමය. එතුමාණන් අසුභවාදය ගැන සඳහන් කළේ, එය ඉස්ලාමයට පෙර වූ අඥාන යුගයේ ප්‍රසිද්ධියට පත්ව තිබූ නිසා ය. එහි මූලාරම්භය වන්නේ ගමනක, වෙළඳාමක හෝ වෙනත් ඕනෑම දෙයක යෙදෙන විට කුරුල්ලකු මුදා හැරීමයි. එවිට එය දකුණට පියාසර කරන්නේ නම්, එය ශුභවාදී වේ. ඒ අනුව ඔහුට අවශ්‍ය දේ සිදු කරයි. එය වමට පියාසර කරන්නේ නම්, එය අශුභවාදී වන අතර ඔහුට අවශ්‍ය දේවලින් ඉවත් ව සිටියි. සැබැවින්ම එය ෂිර්ක් හෙවත් දේවත්වයට ආදේශ කිරීමක් බව එතුමාණෝ දන්වා සිටියහ. අසුභවාදය ෂිර්ක් වනුයේ සැබැවින්ම අල්ලාහ් හැර වෙනත් කිසිවකුට යහපත සැළසිය නොහැකි බැවින් හා අල්ලාහ් හැර වෙනත් කිසිවකු නපුර වළක්වන නොවන බැවිනි. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා සඳහන් කළේ, මුස්ලිම්වරයෙකුගේ හදවතේ යම් අශුභවාදී හැඟීම් ඇති විය හැකි නමුත්, ක්‍රියාමාර්ග ගැනීමත් සමඟම අල්ලාහ් මත විශ්වාසය තැබීමෙන් ඔහු එය වළක්වා ගත යුතු බවයි.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

අසුභවාදය දේව ආදේශයකි. හේතුව සැබැවින්ම එහි අල්ලාහ් නොවන දෑ සමග හදවතෙහි බැඳීමක් පවතින බැවිනි.

වැදගත් කරුණු පුනරුච්චාරණය කිරීමේ වැදගත්කම; ඒවා මතකයේ රැඳී හදවත් තුළ පැළ පදියම් වේ.

අසුභවාදය උත්තරීතර අල්ලාහ් මත සියල්ල පැවරීමෙන් පහව යනු ඇත.

අල්ලාහ් මත පමණක් සියල්ල භාර කරන මෙන් ද සුවිශුද්ධයාණන් සමග පමණක් හදවත බැඳී තිබිය යුතු බව ද නියෝග කිරීම.

මූලාශ්‍ර

සුනන් අබූ දාවූද් (6/ 54) (3915).

සුනන් ඉබ්නු මාජහ් (4/ 560) (3538).

සුනන් අත් තිර්මිදි (3/ 258) (1614).

මුස්නද් අහ්මද් (6/ 213) (3687).

තවත් බලන්න (4)

الجديد في شرح كتاب التوحيد.

لمحمد القرعاوي (ص259).

الملخص في شرح كتاب التوحيد.

لصالح الفوزان (ص233).