මහලු මිනිසෙකුගේ හදවත පැති දෙකකින් තරුණ බව පවතී. එනම්: ලෝකයට ඇති ආදරයෙහි සහ නොනවතින දිගු බලාපොරොත්තුවෙහි ය
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"මහලු මිනිසෙකුගේ හදවත පැති දෙකකින් තරුණ බව පවතී. එනම්: ලෝකයට ඇති ආදරයෙහි සහ නොනවතින දිගු බලාපොරොත්තුවෙහි ය."
«لاَ يَزَالُ قَلْبُ الكَبِيرِ شَابًّا فِي اثْنَتَيْنِ: فِي حُبِّ الدُّنْيَا وَطُولِ الأَمَلِ».
සැබැවින්ම වැඩිහිටියා මහලු වියට පැමිණ, ඔහුගේ ශරීරය ද දුර්වල වී ගිය ද, කරුණු දෙකක් සම්බන්ධයෙන් දක්වන ආදරයෙහි ඔහුගේ හදවත තරුණව පවතී. පළමුවැන්න: අධික වස්තුව සොයමින් ලොවට දක්වන ආදරය. දෙවැන්න: දිගු ජීවිතයක්, ආයුකාලයක්, ජීවන සම්පත් හා බලාපොරොත්තු තැබීමේ ආශාව.
මිනිසා කවර දෙයක් මත රැඳී සිටින්නේ දැයි පැහැදිලි කිරීම. එය ලෞකික ආශාව හා දිගු බලාපොරොත්තු වෙති.
දිගු බලාපොරොත්තු හා මුදල් රැස් කිරීමේ ආශාව හෙළා දැක ඇත. එය මරණය සඳහා සූදානම් වීම, පොහොසතා දන් දීමේ භාග්‍යය හා දුප්පතාට කරුණාව දැක්වීම යනාදි කරුණු පිළිඹිබුුු කරයි.
මිනිසාට වඩාත් ප්‍රියමනාප කරුණ නම් ඔහුගේ ජීවිතයයි. එය රඳවා ගැනීමට ඔහු ආශා කරයි. ඒ නිසාවෙන් දිගු කාලයයක් ජීවත් වන්නට බලයි. ධනයට කෑදර වෙයි. ඊට හේතුව නිරෝගී කම හා භුක්ති විඳීම අඛණ්ඩව පැවැතීමේ හේතු සාධකය එය වන බැවිනි. එහෙයින් ඒවා නැති වී යන්නට සමීප බව හැඟෙන සෑම අවස්ථාවකම ඔහු එයට දැඩි සේ ඇලුම් කරයි. එය දිගටම පවත්වා ගැනීමට ආශා කරයි.
සහීහුුල් බුහාරි (8/ 89) (6420).
තවත් බලන්න (2)
البحر المحيط الثجاج في شرح صحيح الإمام مسلم بن الحجاج (20/ 36).
إرشاد الساري لشرح صحيح البخاري (9/ 242).