උඩු රැවුල කොට කිරීම, නියපොතු කපා හැරීම, කිහිලි රෝම ඉවත් කිරීම, රහස්‍ය පෙදෙසේ ඇති රෝම බෑම යනාදිය දින හතළිහකට වඩා අත් නොහරින මෙන් එතුමාණෝ අපට නියම කළහ
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. හෙතෙම මෙසේ පැවසීය:
"උඩු රැවුල කොට කිරීම, නියපොතු කපා හැරීම, කිහිලි රෝම ඉවත් කිරීම, රහස්‍ය පෙදෙසේ ඇති රෝම බෑම යනාදිය දින හතළිහකට වඩා අත් නොහරින මෙන් එතුමාණෝ අපට නියම කළහ."
وُقِّتَ لَنَا فِي قَصِّ الشَّارِبِ، وَتَقْلِيمِ الْأَظْفَارِ، وَنَتْفِ الْإِبِطِ، وَحَلْقِ الْعَانَةِ، أَلَّا نَتْرُكَ أَكْثَرَ مِنْ أَرْبَعِينَ لَيْلَةً.
උඩු රැවුල කොට කිරීම, අත් හා පාදවල නියපොතු කපා හැරීම, කිහිලි රෝම ඉවත් කිරීම, රහස්‍ය පෙදෙසේ පවතින රෝම බෑම යනාදිය දින හතළිහකට වඩා අත් නොහරින මෙන් පවසා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියම කළහ.
ෂව්කානී තුමා මෙසේ පවසයි: "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සීමා කළ දින හතළිහ මත සීමා වීම ගැන සලකා බැලුවහොත්, එම කාලය පසු කිරීම සුදුසු නොවන්නේ ය. නියමිත කාලයට වඩා දිගු වීමෙන් පසු අවසාන ඉලක්කය දක්වා කොට කිරීම හෝ එවැනි දෙයක් අත් හැරීම සුන්නාවට පටහැනි කාර්යයක් ලෙස සලකනු නොලැබේ."
ඉබ්නු හුබෙයිරා තුමා මෙසේ පවසයි: "මෙම හදීසය පෙන්වා දී ඇත්තේ එය ප්‍රමාද කිරීමේ අවසානය කාලයයි. වඩාත් උචිත වන්නේ මෙම කාලය අවසන් වීමට පෙර ඒවා ඉවත් කිරීම ය."
පිරිසිදුකම, පිරිසිදු කිරීම හා අලංකාරය ගැන ඉස්ලාමය අවධානය යොමු කර ඇත.
උඩු රැවුල කොට කිරීම යනු උඩු තොල මතු පිටින් වැවී ඇති රෝම ඉවත් කිරීම ය.
කිහිලි රෝම ඉවත් කිරීම යනු: එහි වැවී ඇති රෝග ඉවත් කිරීම ය. බාහු සන්ධියේ ඇතුළු කොටස ය.
රහස්‍ය අවයව අවට පවතින රෝම බෑම යනු පිරිමියකුගේ හෝ කාන්තාවකගේ ලිංගය හා යෝනිය අවට වැවී ඇති රෝම ය.
සහීහ් මුස්ලිම් (1/ 222) (258).
තවත් බලන්න (2)
شرح سنن أبي داود لابن رسلان (16/ 559).
مرشد ذوي الحجا والحاجة إلى سنن ابن ماجه والقول المكتفى على سنن المصطفى (3/ 115).