ආදම්ගේ දරුවා මට බොරු කළේය. එය ඔහුට සුදුසු නොවීය. ඔහු මට බැණ වැදුණේය. එය ද ඔහුට සුදුසු නොවීය
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් මෙසේ පවසන ලදී. “උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: ආදම්ගේ දරුවා මට බොරු කළේය. එය ඔහුට සුදුසු නොවීය. ඔහු මට බැණ වැදුණේය. එය ද ඔහුට සුදුසු නොවීය. ඔහු මා බොරු කිරීම වූ කලී, 'මා උත්පාදනය වූවාක් මෙන්ම මා නැවත කිසිවිටෙක හැරී යන්නේ නැත’ යැයි ඔහු කළ ප්‍රකාශයයි. මැවීම් පළමුව උත්පාදනය කර තිබීම, එය නැවත ගෙන එන්නට මට වඩාත් පහසු කාර්යයක් නොවන්නේ ද? ඔහු මට බැණ වැදීම වූ කලී, ‘අල්ලාහ් දරුවකු ගත්තේ ය' යැයි ඔහු කළ ප්‍රකාශයයි. මා කිසිදු අවශ්‍යතාවයකින් තොර වූ ඒකීයය. මා දාව කිසිවකු බිහි නොකළෙමි. කිසිවෙකු විසින් බිහි කරනු ලැබුවේ ද නැත. මට සමාන කිසිවකු නැත.”
عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «قَالَ اللَّهُ: كَذَّبَنِي ابْنُ آدَمَ وَلَمْ يَكُنْ لَهُ ذَلِكَ، وَشَتَمَنِي وَلَمْ يَكُنْ لَهُ ذَلِكَ، فَأَمَّا تَكْذِيبُهُ إِيَّايَ فَقَوْلُهُ: لَنْ يُعِيدَنِي، كَمَا بَدَأَنِي، وَلَيْسَ أَوَّلُ الخَلْقِ بِأَهْوَنَ عَلَيَّ مِنْ إِعَادَتِهِ، وَأَمَّا شَتْمُهُ إِيَّايَ فَقَوْلُهُ: اتَّخَذَ اللَّهُ وَلَدًا وَأَنَا الأَحَدُ الصَّمَدُ، لَمْ أَلِدْ وَلَمْ أُولَدْ، وَلَمْ يَكُنْ لِي كُفْؤًا أَحَدٌ».
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ 'හදීසුල් කුද්සි' නම් දේව ප්‍රකාශ සහිත හදීසයක මෙසේ පැහැදිළි කළහ. සැබැවින්ම බහුදේවවාදීන් හා දෙවත්වය ප්‍රතික්ෂේප කරන්නන් තමන්ව බොරු කරන බවත් අඩුපාඩු සහිත දැයින් තමන්ව වර්ණනා කරන බවත් ඔවුන් ගැන අවධාරණය කරමින් එය ඔවුනට සුදුසු කාර්යයක් නොවන බව දන්වා සිටියහ. අල්ලාහ් සඳහා පවසන ඔවුන්ගේ බොරුව වනාහි, ඔවන් ශුන්‍ය තත්ත්වයෙන් පළමුව මැව්වා සේ ඔවුන් මියගිය පසු නැවතත් ඔවුන් කිසිවිටෙක ඔහු විසින් අවදි කළ නොහැකියි යන ඔවුන්ගේ සිතුවිල්ලයි. ශුන්‍යතාවයෙන් මැවීම: පළමුව උත්පාදනය කළ මැවුම්කරු ඔවුන් නැවත ගෙන එන්නට වඩාත් බලවත් මෙන්ම එය ඔහුට වඩාත් පහසු කාර්යයක් බව පවසා ඔවුනට පිළිතුරු දුන්නේය. අල්ලාහ් සම්බන්ධයෙන් ගත් කළ මැවීම හා යළි උත්පාදනය කිරීම යන දෙකම එකසමාන තත්ත්වයේ නම් අල්ලාහ් සියලු කාර්යයන් කෙරෙහි සර්ව බලධාරී වේ. ඔවුන්ගේ දොස් නැගීම වනාහි, සැබැවින්ම අල්ලාහ්ට දරුවකු ඇතැයි පැවසීමය. සැබැවින්ම ඔහු ඒකීය බවත් ඔහුගේ නාම හා ගුණාංග මෙන්ම ඔහුගේ ක්‍රියාවන්හි ඔහු පරිපූර්ණතාවන්ගෙන් සපිරුණු අයකු බවත් සියලු අඩුපාඩුවලින් පිවිතුරු සුවිශුද්ධයෙකු බවත් කිසිවෙකුගේ අවශ්‍යතාවක් උවමනා නොවන ස්වාධීනයකු බවත් සෑම කෙනෙකුම ඔහුගේ අවශ්‍යතාව පතන බවත් ඔහු කිසිවකුගේ පියකු නොවන බවත් කිසිවකුගේ පුතකු ද නොවන බවත් ඔහු මෙන් ඔහුට සමාන කිසිවකු නැති බවත් පවසමින් ඔහු ඔවුනට පිළිතුරු දුන්නේය.
...:
උත්තරීතර අල්ලාහ් සතු පූර්ණවත් බලය සහතික කිරීම.
මිය ගිය පසු යළි අවදි කරනු ලැබීම ගැන සහතික කිරීම.
යළි අවදි කරනු ලැබීම ප්‍රතික්ෂේප කරන්නා හා උත්තරීතර අල්ලාහ්ට දරුවකු සම්බන්ධ කරන්නාව හෙළා දැකීම
අල්ලාහ්ට කිසිදු සමානයකු හෝ ආදේශකයකු හෝ නැත.
සුවිශුද්ධ අල්ලාහ්ගේ දයාලුභාවයේ විශාලත්වය. දෙවත්වය ප්‍රතික්ෂේප කරන්නන් පාපක්ෂමාවෙහි නිරත වී යළි හැරෙන තුරු ඔවුනට අවකාශය සැළසීම.
සහීහුුල් බුහාරි (6/ 180) (4974).
තවත් බලන්න (6)
عمدة القاري شرح صحيح البخاري.
لمحمود بدر الدين العينى (20/ 9).
مرقاة المفاتيح شرح مشكاة المصابيح.
لعلي القاري (1/ 94).
القواعد المثلى في صفات الله وأسمائه الحسنى.
لابن عثيمين (ص26).