සැබැවින්ම දහම පහසුය. දහම අබිබවා යෑම මිස වෙනත් කිසිවිටෙක එය අසීරු වන්නේ නැත. එබැවින් තදින් පිළිපදිනු. සමීපයෙන් කටයුතු කරනු
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"සැබැවින්ම දහම පහසුය. දහම අබිබවා යෑම මිස වෙනත් කිසිවිටෙක එය අසීරු වන්නේ නැත. එබැවින් තදින් පිළිපදිනු. සමීපයෙන් කටයුතු කරනු. ශුභාරංචි දන්වනු. උදේ සවස මෙන්ම රාත්‍රියේ කොටසක උදව් පතනු.”
«إِنَّ الدِّينَ يُسْرٌ، وَلَنْ يُشَادَّ الدِّينَ أَحَدٌ إِلَّا غَلَبَهُ، فَسَدِّدُوا وَقَارِبُوا، وَأَبْشِرُوا، وَاسْتَعِينُوا بِالْغَدْوَةِ وَالرَّوْحَةِ وَشَيْءٍ مِنَ الدُّلْجَةِ».
සැබැවින්ම ඉස්ලාම් දහම එහි සියලුම කටයුතුවල දී පහසුව හා සරලත්වය මත ගොඩ නැගී ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කළහ. අවශ්‍යතාව හා නොහැකියාව යන හේතූන් මතු වන විට පහසුව සහතික වනු ඇත. ආගමික ක්‍රියාවන් තුළ ගිලී ගොස් පහසුව අත්හැර දැමීමෙහි අවසානය වනුයේ එය කිරීමට නොහැකි වීම හා මුලු ක්‍රියාවම හෝ කොටසක් හෝ කිරීමට අපොහොසත් වීම ය. අතිශයෝක්තියෙන් තොරව මධ්‍යස්ථව කටයුතු කිරීමට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දිරි ගැන්වූහ. කවර කරුණක් නියෝග කරනු ලැබුවේ ද එහි ගැත්තා අඩුපාඩු නොකළ යුතු අතරම තමන්ට හැකියාවක් නොමැති දෑ දැරිය නො යුතුය. ක්‍රියාවක් සම්පූර්ණයෙන් කිරීමට අපොහොසත් වූයේ නම්, ඊට සමීප දෑ ඉටු කළ යුතු ය. අඛණ්ඩව සිදු කරන ක්‍රියාවන්, එය පූර්ණව කිරීමට අපොහොසත් වූව ද එය ස්වල්පයක් හෝ කළේ නම්, ඒ සඳහා අදාළ තැනැත්තන් හට අතිමහත් කුසල් හිමි වන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ශුභාරංචි දන්වා ඇත. සැබැවින්ම යමක් කළ නොහැකි වූ විටෙක ඒහි අපොහොසත්කම ඔහුගේ කුසල් අහිමි කරන්නේ නැත. සැබැවින්ම මෙලොව ගමනකි. මතුලොව වෙත යා යුතුව ඇත. එබැවින් දිරිමත් අවස්ථාවන් තුනක නැමදුම් ඉටු කරමින් අඛණ්ඩ ව එහි පිහිටීම සඳහා උපකාර ඉල්ලා සිටින මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කළහ. පළමුවැන්න: අලුයම් කාලය: දවස ආරම්භය ගෙවී යාමත් සමග. එනම් ෆජ්ර් සලාතය හා හිරු උදාව අතර පවතින කාලයයි. දෙවැන්න: දහවල් කාලයේ අවදිය: මධ්‍යහ්න කාලය ගෙවී යාමත් සමග. තුන්වැන්න: සවස් කාලය, රාත්‍රියෙන් කොටසක් හෝ මුළුමණින්ම හෝ ගෙවී යාමත් සමගය. සැබැවින්ම රාත්‍රියේ නැමදුම් කිරීම දහවල් කාලයේ නැමදුම් කිරීමට වඩා අසීරුය. එබැවින් රාත්‍රියෙන් කොටසක් යන ප්‍රකාශය තුළින් එහි කොටසක පමණක් නිරත වීමට නියෝග කරනු ලැබ ඇත.
ඉස්ලාමීය ෂරීආ නීතියෙහි පහසුව හා සහනය. එය නොසැලකිල්ල හා අතිරික්තිය අතර මැද මාවත විය යුතුය.
ගැත්තා තමන්ට නියම කර ඇති නියෝගය නොසැලකිල්ලෙන් තොරව හා අතිශයෝක්තියෙන් තොරව තමන්ට හැකි පමණින් ඉටු කළ යුතුය.
ගැත්තා නැමදුම් කිරීමට දිරිමත් වේලාවන් තෝරා ගත යුතුය. මෙම වේලාවන් තුන විශේෂයෙන් සඳහන් කර ඇත්තේ නැමදුම සඳහා ශරීරයට වඩාත් දිරිය ගෙන දෙන වේලාවන් වන බැවිනි.
ඉබ්නු හජර් අල්-අස්කලානී තුමා මෙසේ පවසයි: "මෙය යම් අරමුණක් උදෙසා ගමන් කරන මගියකුට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ආමන්ත්‍රණය කළාක් මෙන් පෙනේ. මෙම වේලාවන් තුන මගියා වඩාත් ප්‍රිය කරන වේලාවන් තුනකි. ඔහු ප්‍රබෝධමත් වන වේලාවන් සම්බන්ධයෙන් ඔහු අවදිමත් වෙයි. සැබිවින්ම මගියා රාත්‍රියේ හා දහවල යන දෙකෙහිම ගමන් කළ විට අතැම් දෑ කිරීමට නොහැකි වන අතරම අපොහොසත් වෙයි. මෙම ප්‍රබෝධමත් වේලාවන්හි මගියා කටයුතු කරන විට කිසිදු අසීරුතාවයකින් තොරව අඛණ්ඩව ඉටු කිරීමට ඔහු හැකියාව ලබනු ඇත.
ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: මෙම හදීසය තුළ පෙන්වා දී ඇත්තේ ආගමික සහන පිළිපැදීම සම්බන්ධවය. සහන ඇති තැන්හි එය මුළුමණින් කිරීමට අධිෂ්ඨාන කිරීම ශිෂ්ට වන්නේ නැත. උදාහරණ ලෙස ජලය භාවිත කිරීමට නොහැකි අවස්ථාවක තයම්මුම් කිරීම අත්හැර දමන්නෙකු පෙන්වා දිය හැක. එසේ ඔහු ජලය භාවිත කිරීම ඔහුව හානිය වෙත ගෙන යනු ඇත."
ඉබ්නු මුනීර් තුමා මෙසේ පවසයි: " මෙම හදීසය තුළ වක්තෘත්වයේ සංකේතයක් දක්නට තිබේ. ඊට හේතුව සැබැවින්ම දහම තුළ මුරණ්ඩු ලෙස කටයුතු කරන සෑම කෙනෙක්ම එය පැහැර හරිනු අපි දැක ඇත්තෙමු. අපට පෙර මිනිසුන් ද දැක ඇත. නැමදුමෙහි පරිපූර්ණත්වය සෙවීම වැළැක්වීම මෙහි අරමුණ නොවේ. සැබැවින්ම එය ප්‍රශංසනීය කටයුතු අතරින් එකකි. ඒ වෙනුවට, එය කම්මැලිකමට තුඩු දෙන අතිරික්තය වළක්වනු ඇත. එසේ නැතහොත් අතිරේක කටයුතුවල දී අතිශයෝක්තිය, හොඳම දේ අත්හැරීමට හේතු වේ. එසේත් නැතහොත් අනිවාර්යය දෑ නියමිත වේලාවෙන් බැහැර කිරීමට හේතු වේ. එය රාත්‍රිය මුළුල්ලේ අතිරේක සලාත්හි නිරත වී සුබුහු සලාතය සාමුහිකව ඉටු නො කර නිදා ගන්නෙකු හෝ හිරු උදාවන තුරු රැඳී සිට අනිවාර්යය සලාතයේ වේලාව ඉවත් වන තුරු රැඳී සිටින්නෙකු මෙනි.
සහීහුුල් බුහාරි (1/ 16) (39).
තවත් බලන්න (4)
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (1/ 219).
تطريز رياض الصالحين.
لفيصل آل مبارك (ص115).
පොත්වල උපුටා දක්වා ඇත
4 පොත්තවත් බලන්න (3)
- التسليم للنص الشرعي والمعارضات الفكرية المعاصرة04 التسليم للنص الشرعي - الفصل الثالث حتى القصل الرابع"إن الدين يسر، ولن يشاد الدين أحد إلا غلبه."
- الحديث زاد 4الحديث 4«واسْتَعِينُوا بِالغَدْوَةِ والرَّوْحَةِ وَشَيْءٍ منَ الدُّلْجَةِ».
- موسوعة الأسئلة (المجموعة الأولى)«إِنَّ الدِّينَ يُسْرٌ، وَلَنْ يُشَادَّ الدِّينَ أَحَدٌ إِلَّا غَلَبَهُ، فَسَدِّدُوا وَقَارِبُوا، وَأَبْشِرُوا، وَاسْتَعِينُوا بِالْغَدْوَةِ وَالرَّوْحَةِ وَشَيْءٍ مِنَ الدُّلْجَةِ».