අහෝ දෙවියනි, මාගේ මිනීවළ ස්මාරකයක්
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:
"අහෝ දෙවියනි, මාගේ මිනීවළ ස්මාරකයක් බවට පත් නොකරන්න. තම නබිවරුන්ගේ මිනීවලවල් දේවස්ථාන බවට පත් කරගත් පිරිසට අල්ලාහ් ශාප කළේය."
«اللهم لا تجعل قبري وثنًا، لعن الله قومًا اتخذوا قبور أنبيائهم مساجد».
ගරුබුහුමන් කරමින් හා සිරස නමන්නට දිශාවක් බවට පත් කර ගනිමින් මිනිසුන් නමදින පිළිම මෙන් තමන්ගේ මිනීවල පත් නොකරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම පරමාධිපතිගෙන් ප්‍රාර්ථනා කර සිටියහ. පසුව කවරෙකු නබිවරුන්ගේ මිනීවලවල් දේවස්ථාන බවට පත් කර ගත්තේ ද ඔවුන් ඔහුගේ කරුණාවෙන් දුරස් වන බවත් නෙරපා හරින බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. සැබැවින්ම ඒවා දේවස්ථාන බවට පත් කර ගනිමින් ඒවායෙහි නැමදුම් කිරීම හා ඒවා මත විශ්වාස කිරීම පහත් කටයුතු අතරින් වන බැවිනි.
وثنًا: والوثن كل ما عبد من دون الله كالقبور والأشجار والحيطان والأحجار ونحوِها.
නබිවරුන්ගේ හා දැහැමියන්ගේ මිනීවලවල් සම්බන්ධයෙන් ආගමික සීමාවන් ඉක්මවා ගොස්, අල්ලාහ් හැර දමා ඒවා නැමදුම් කිරීමට ගැනීම. බහුදේව වාදයට තුඩු දෙන හේතු සාධකවලින් වැළකී සිටීම අනිවාර්යය වේ.
මිනීවලවල් ගරුබුහුමන් කිරීම සඳහාත් ඒවා අබියස නැමදුම් කිරීම සඳහාත් ඒවා උත්තරීතර අල්ලාහ්ට වඩාත් සමීපතයින්ගේ වුව ද ඒවා අරඹයා වන්දනාවේ යෑම නුසුදුසු ක්‍රියාවකි.
මිනී වලවල් මත දේවස්ථාන ඉදි කිරීමේ තහනම.
මිනී වලවල් අසළ සලාත් ඉටු කිරීමේ තහනම. ජනාසා සලාතයට හැර වෙනත් සලාත් ඉටු කිරීම සඳහා නිර්මාණය කර නොමැති ස්ථානයක වුව ද එසේමය.
මුස්නද් අහ්මද් (12/ 314) (7358).
තවත් බලන්න (12)
فتح المجيد شرح كتاب التوحيد.
لعبد الرحمن التميمي (1/ 434).
القول المفيد على كتاب التوحيد.
لمحمد بن عثيمين (1/ 434).
الملخص في شرح كتاب التوحيد.
لصالح الفوزان (ص178).
الجديد في شرح كتاب التوحيد.
لمحمد القرعاوي (ص194).
التمهيد لشرح كتاب التوحيد.
لصالح آل الشيخ (ص51).
مشكاة المصابيح.
للتبريزي (1/ 234).