අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පහළ වූ දිව්‍ය පණිවිඩයේ ආරම්භය (එතුමා තම) නින්දේදී දුටු දැහැමි සිහිනය විය
දේව විශ්වාසීන්ගේ මෑණියක වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පහළ වූ දිව්‍ය පණිවිඩයේ ආරම්භය (එතුමා තම) නින්දේදී දුටු දැහැමි සිහිනය විය. එවිට අළුයමේ උදාව මෙන් මිස එම සිහිනය එතුමාණන් වෙත පැමිණියේ නැත. පසුව එතුමාණන් වෙත හුදෙකලාව ප්‍රිය විය. එතුමාණෝ හිරා ගුහාවේ තනි වෙන්නට වූහ. තම නිවසට යෑමට පෙර එහි දී රාත්‍රී ගණනාවක් නැමදුමෙහි නිරත වූහ. ඒ සඳහා අවශ්‍ය බඩු මළු සකසා ගත්හ. පසුව එතුමාණෝ හිරා ගුහාවෙහි සිටිය දී සත්‍යය එතුමාණන් වෙත පැමිණෙන තෙක් ඒ අයුරින්ම කදීජා තුමිය වෙත නැවත හැරී ගොස් බඩු මළු සකස් කර ගත්හ. එහිදී සුරදූතයා ඔහු වෙත පැමිණ: "ඔබ කියවනු" යැයි පැවසීය. එතුමාණෝ "මා කියවන්නෙකු ලෙස නැත" යැයි පැවසූූහ පසුව හෙතෙම මා අපහසුතාවයට පත්වන තරමට මා තදින් අල්ලා බදා ගෙන අනතුරුව මා අත්හැර දැමීය. පසුව ද ඔහු "ඔබ කියවනු" යැයි පැවසීය. එවිට ද මම "මා කියවන්නෙකු ලෙස නැත" යැයි පැවසුවෙමි. පසුව දෙවන වරටද මා අපහසුතාවයට පත්වන තුරු මා තදින් අල්ලා බදා ගෙන, අනතුරුව මා අත්හැර දමා නැවතත් ඔබ කියවනු යැයි පැවසීය. එවිට ද මම "මා කියවන්නෙකු ලෙස නැත" යැයි පැවසුවෙමි. පසුව තුන්වන වරටද මා අපහසුතාවයට පත් වන තරමට මා තදින් අල්ලා බදා ගෙන පසුව මා අත්හැර දමා මෙසේ පැවසීය.: "මැවූ ඔබේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු. ඔහු කූඩැල්ලකුගේ හැඩයකින් මිනිසා මැව්වේය. කියවනු. ඔබේ පරමාධිපතියණන් අති ගෞරවණීයය." (අල්-අලක්: 1-3) පසුව අල්ලාහ්ගේ දූතයාණෝ තම හදවත තිගැස්සුනු තත්ත්වයෙන් එය රැගෙන පැමිණියහ. පසුව කදීජා බින්ත් කුවෙයිලිද් (රළියල්ලාහු අන්හා) තුමිය වෙත පිවිස "මා පොරවනු; මා පොරවනු." යැයි පවසා සිටියහ. එතුමාගෙන් බිය පහව යන තෙක් ඔවුහු එතුමාණන්ව පොරවා දැමූහ. එවිට එතුමාණෝ කදීජා දෙස බලා සිදු වූ පුවත ඇයට පවසා සිටියහ. "මම මා ගැන බිය වෙමි" යැයි පැවසූ විට කදීජා තුමිය: "එසේ නොව, අල්ලාහ් මත දිවුරා පවසමි. කිසිදිනක අල්ලාහ් ඔබව දුකට පත් කරන්නේ නැත. සැබැවින්ම ඔබ ඥාති සම්බන්ධකම් හොදින් පවත්වා ගෙන යන්නෙහිය. සැමට උපකාර කරන්නෙහිය. නැතිබැරි උදවියට උපයා දෙන්නෙහිය. ආගන්තුකයින්ට සත්කාර කරන්නෙහිය. සත්‍යය පවතින පැත්තට උපකාර කරන්නෙහිය" යැයි පැවසුවාය. පසුව කදීජා තුමිය එතුමාණන්ව කැටුවා ගෙන කදීජා තුමියගේ බාප්පා කෙනෙකුගේ පුත් වර්කත් ඉබ්නු නව්ෆල් ඉබ්නු අසද් ඉබ්නු අබ්දුල් උස්සා වෙත ගියහ. හෙතෙම අඥාන යුගයේ කිතුනු දහම හැදෑරූ තැනැත්තෙකු විය. අබරානි බසින් පොත්පත් ලියන ලේඛකයකු විය. ඉන්ජීල් හෙවත් බයිබලය අල්ලාහ්ගේ අභිමතය අනුව අබරානී බසින් ලියා නිම කළේය. හෙතෙම අන්ධ භාවයෙන් යුත් වයෝවෘද්ධ ප්‍රභූවරයකු විය. එවිට කදීජා තුමිය ඔහුට: "මාගේ බාප්පාගේ පුතනුවනි! ඔබේ සහෝදරයාගේ පුතුට සවන් දෙන්න." යැයි පැවසුවාය. එවිට වරකා එතුමාණන්‌ගෙන්: "මාගේ සහෝදරයාගේ පුතුනි! ඔබ දුටුවේ කුමක්දැ?" යි විමසා සිටියේය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ තමන් දුටු දෑහි පුවත සැලකර සිටියහ. එවිට වරකා තුමා එතුමාණන්ට: "ඔහු, මූසා වෙත පහළ කළ නාමූස් නම් සුරදූතයා වෙයි. එහි මටත් කොටසක් තිබුණා නම් මැනව! ඔබේ ජනයා ඔබව පිටුවහල් කරන අවස්ථාවේ මා ජීවතුන් අතර සිටියා නම් මැනව!" යැයි පැවසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ "ඔවුන් මා පිටුවහල් කරනු ඇත්දැ?"යි විමසා සිටියහ. හෙතෙම: 'ඔබ ගෙනා දේ නැවත ආවර්ජනය වීම හැර එවන් වෙනත් කිසිවක් කිසිදු මිනිසෙකු ගෙනා වේ නැත. ඔබේ එදින මා ලැබුවේ නම් ශක්තිමත් ලෙසින් මම ඔබට උපකාර කරමි.' යැයි පැවසීය. පසුව වරකා මිය යන තුරුම ප්‍රතිචාර නොදැක්වූ අතර හෙළිදරව්ව (තාවකාලිකව) නතර විය.
أَوَّلُ مَا بُدِئَ بِهِ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنَ الوَحْيِ الرُّؤْيَا الصَّالِحَةُ فِي النَّوْمِ، فَكَانَ لاَ يَرَى رُؤْيَا إِلَّا جَاءَتْ مِثْلَ فَلَقِ الصُّبْحِ، ثُمَّ حُبِّبَ إِلَيْهِ الخَلاَءُ، وَكَانَ يَخْلُو بِغَارِ حِرَاءٍ فَيَتَحَنَّثُ فِيهِ -وَهُوَ التَّعَبُّدُ- اللَّيَالِيَ ذَوَاتِ العَدَدِ قَبْلَ أَنْ يَنْزِعَ إِلَى أَهْلِهِ، وَيَتَزَوَّدُ لِذَلِكَ، ثُمَّ يَرْجِعُ إِلَى خَدِيجَةَ فَيَتَزَوَّدُ لِمِثْلِهَا، حَتَّى جَاءَهُ الحَقُّ وَهُوَ فِي غَارِ حِرَاءٍ، فَجَاءَهُ المَلَكُ فَقَالَ: اقْرَأْ، قَالَ: «مَا أَنَا بِقَارِئٍ» قَالَ: «فَأَخَذَنِي فَغَطَّنِي حَتَّى بَلَغَ مِنِّي الجَهْدَ ثُمَّ أَرْسَلَنِي، فَقَالَ: اقْرَأْ، قُلْتُ: مَا أَنَا بِقَارِئٍ، فَأَخَذَنِي فَغَطَّنِي الثَّانِيَةَ حَتَّى بَلَغَ مِنِّي الجَهْدَ ثُمَّ أَرْسَلَنِي، فَقَالَ: اقْرَأْ، فَقُلْتُ: مَا أَنَا بِقَارِئٍ، فَأَخَذَنِي فَغَطَّنِي الثَّالِثَةَ ثُمَّ أَرْسَلَنِي، فَقَالَ: {اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ خَلَقَ الإِنْسَانَ مِنْ عَلَقٍ اقْرَأْ وَرَبُّكَ الأَكْرَمُ}»، [العلق:1-3] فَرَجَعَ بِهَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَرْجُفُ فُؤَادُهُ، فَدَخَلَ عَلَى خَدِيجَةَ بِنْتِ خُوَيْلِدٍ رَضِيَ اللَّهُ عَنْهَا، فَقَالَ: «زَمِّلُونِي، زَمِّلُونِي» فَزَمَّلُوهُ حَتَّى ذَهَبَ عَنْهُ الرَّوْعُ، فَقَالَ لِخَدِيجَةَ وَأَخْبَرَهَا الخَبَرَ: «لَقَدْ خَشِيتُ عَلَى نَفْسِي» فَقَالَتْ خَدِيجَةُ: كَلَّا وَاللَّهِ مَا يُخْزِيكَ اللَّهُ أَبَدًا، إِنَّكَ لَتَصِلُ الرَّحِمَ، وَتَحْمِلُ الكَلَّ، وَتَكْسِبُ المَعْدُومَ، وَتَقْرِي الضَّيْفَ، وَتُعِينُ عَلَى نَوَائِبِ الحَقِّ، فَانْطَلَقَتْ بِهِ خَدِيجَةُ حَتَّى أَتَتْ بِهِ وَرَقَةَ بْنَ نَوْفَلِ بْنِ أَسَدِ بْنِ عَبْدِ العُزَّى، ابْنَ عَمِّ خَدِيجَةَ، وَكَانَ امْرَأً تَنَصَّرَ فِي الجَاهِلِيَّةِ، وَكَانَ يَكْتُبُ الكِتَابَ العِبْرَانِيَّ، فَيَكْتُبُ مِنَ الإِنْجِيلِ بِالعِبْرَانِيَّةِ مَا شَاءَ اللَّهُ أَنْ يَكْتُبَ، وَكَانَ شَيْخًا كَبِيرًا قَدْ عَمِيَ، فَقَالَتْ لَهُ خَدِيجَةُ: يَا ابْنَ عَمِّ، اسْمَعْ مِنَ ابْنِ أَخِيكَ، فَقَالَ لَهُ وَرَقَةُ: يَا ابْنَ أَخِي، مَاذَا تَرَى؟ فَأَخْبَرَهُ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَبَرَ مَا رَأَى، فَقَالَ لَهُ وَرَقَةُ: هَذَا النَّامُوسُ الَّذِي نَزَّلَ اللَّهُ عَلَى مُوسَى، يَا لَيْتَنِي فِيهَا جَذَعًا، لَيْتَنِي أَكُونُ حَيًّا إِذْ يُخْرِجُكَ قَوْمُكَ، فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «أَوَ مُخْرِجِيَّ هُمْ؟»، قَالَ: نَعَمْ، لَمْ يَأْتِ رَجُلٌ قَطُّ بِمِثْلِ مَا جِئْتَ بِهِ إِلَّا عُودِيَ، وَإِنْ يُدْرِكْنِي يَوْمُكَ أَنْصُرْكَ نَصْرًا مُؤَزَّرًا. ثُمَّ لَمْ يَنْشَبْ وَرَقَةُ أَنْ تُوُفِّيَ، وَفَتَرَ الوَحْيُ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පහළ වූ දිව්‍ය පණිවිඩයේ ආරම්භය (එතුමා තම) නින්දේදී දුටු දැහැමි දිව්‍යමය සිහිනය විය. එවිට අළුයමේ උදාවට සමානව පැහැදිලි ලෙසින් මිස එම සිහිනය එතුමාණන් දුටුවේ නැත. පසුව එතුමාණන් වෙත හුදෙකලාව ප්‍රිය විය. එතුමාණෝ හිරා ගුහාවේ තනි වෙන්නට වූහ. තම නිවසට නැවත හැරී යාමට පෙර එහි දී රාත්‍රී ගණනාවක් නැමදුමෙහි නිරත වූහ. ඒ සඳහා අවශ්‍ය බඩු මළු සකසා ගත්හ. පසුව හිරා ගුහාවෙහි සිටිය දී සත්‍යය එතුමාණන් වෙත පැමිණෙන තෙක් ඒ අයුරින්ම කදීජා තුමිය වෙත නැවත හැරී ගොස් එතුමාණෝ බඩු මළු සකස් කර ගත්හ. එහිදී සුරදූතයා එතුමාණන් වෙත පැමිණ: "ඔබ කියවනු" යැයි පැවසීය. එතුමාණෝ "මා හොඳින් කියවීමට දන්නා කෙනෙකු නොවෙමි." යැයි පැවසූූහ. පසුව ඔහු මා අපහසුතාවයට හා දුෂ්කරතාවයට පත්වන තරමට මා තදින් අල්ලා බදා ගෙන මා මිරිකා අනතුරුව මා අත්හැර දැමීය. පසුව ද ඔහු "ඔබ කියවනු" යැයි පැවසීය. එවිට ද මම "මා හොදින් කියවන්නට දන්නා කෙනෙකු නොවෙමි" යැයි පවසා සිටියෙමි. පසුව දෙවන වරටද මා අපහසුතාවයට හා දුෂ්කරතාවයට පත්වන තුරු මා තදින් අල්ලා බදා ගෙන, අනතුරුව මා අත්හැර දමා නැවතත් "ඔබ කියවනු" යැයි පැවසීය. එවිට ද මම "මා හොඳින් කියවන්නට දන්නා කෙනෙකු නොවෙමි" යැයි පවසා සිටියෙමි. පසුව තුන්වන වරටද මා තදින් අල්ලා බදා ගෙන පසුව මා අත්හැර දමා මෙසේ පැවසීය. "මැවූ ඔබේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු. ඔහු කූඩැල්ලකුගේ හැඩයකින් මිනිසා මැව්වේය. කියවනු. ඔබේ පරමාධිපතියණන් අති ගෞරවණීයය." (අල්-අලක්: 1-3) පසුව අල්ලාහ්ගේ දූතයාණෝ මර බියෙන් තම හදවත තිගැස්සුනු තත්ත්වයෙන් එම පාඨ රැගෙන පැමිණියහ. පසුව දේවත්වය විශ්වාස කළ මුඃමින්වරුන්ගේ මාතාවක වන කදීජා බින්ත් කුවෙයිලිද් (රළියල්ලාහු අන්හා) තුමිය වෙත පිවිස මෙසේ පැවසූහ. "රෙදි කඩකින් මා පොරවනු; රෙදි කඩකින් මා පොරවනු." යැයි පවසා සිටියහ. එතුමාණන්ගෙන් බිය පහව යන තෙක් ඔවුහු එතුමාණන් පොරවා දැමූහ. පසුව එතුමාණෝ කදීජා දෙස බලා සිදු වූ පුවත ඇයට පවසා සිටියහ. තවදුරටත් එතුමා මෙසේ පැවසූහ: සැබැවින්ම මා මිය යනු ඇතැයි මම මා ගැන බිය වෙමි යැයි පැවසූ විට කදීජා තුමිය මෙසේ පැවසුවාය.: එසේ නොව, අල්ලාහ් මත දිවුරා පවසමි. කිසිදිනක අල්ලාහ් ඔබව දුකට පත් කරන්නේ නැත. සැබැවින්ම ඔබ ඥාති සම්බන්ධකම් හොදින් පවත්වා ගෙන යන්නෙහිය. තම කටයුතු තනිව කර කියා ගත නොහැකි අසරණයින්ට පිහිට වන්නෙහිය. නැතිබැරි උදවියට උපයා දෙන්නෙහිය. ආගන්තුකයින්ට සත්කාර කරන්නෙහිය. සත්‍යය පවතින පැත්තට උපකාර කරන්නෙහිය. පසුව කදීජා තුමිය එතුමාණන්ව කැටුවා ගෙන කදීජා තුමියගේ බාප්පා කෙනෙකුගේ පුත් වර්කත් ඉබ්නු නව්ෆල් ඉබ්නු අසද් ඉබ්නු අබ්දුල් උස්සා වෙත ගියහ. හෙතෙම අඥාන ගතිපැවතුම් අත්හැර දැමූ, කිතුනු දහම හැදෑරූ තැනැත්තෙකු විය. ඉන්ජීල් හෙවත් බයිබලය අල්ලාහ්ගේ අභිමතය පරිදි අබරානී බසින් ලියා නිම කළේය. හෙතෙම පෙනුම අහිමි වූ වයෝවෘද්ධ ප්‍රභූවරයකු විය. එවිට කදීජා තුමිය ඔහුට මෙසේ පැවසුවාය: "මාගේ බාප්පාගේ පුතනුවනි! ඔබේ සහෝදරයාගේ පුතුට සවන් දෙන්න." යැයි කීවාය. එවිට වරකා එතුමාණන්‌ගෙන්: "මාගේ සහෝදරයාගේ පුතුනි! ඔබ දුටුවේ කුමක්දැ?" යි විමසා සිටියේය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ තමන් දුටු දෑහි පුවත සැලකර සිටියහ. එවිට වරකා තුමා එතුමාණන්ට: "ඔහු, මූසා (අලයිහිස් සලාම්) වෙත අල්ලාහ් පහළ කළ ජිබ්රීල් සුර දූතයාය. එහි මමත් තරුණයකු වී මටත් කොටසක් තිබුණා නම් මැනව! ඔබේ ජනයා ඔබව පිටුවහල් කරන අවස්ථාවේ මා ජීවතුන් අතර සිටියා නම් මැනව!" යැයි පැවසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ "ඔවුන් මා පිටුවහල් කරනු ඇත්දැ?"යි විමසා සිටියහ. හෙතෙම: 'ඔබ ගෙනා දේ නැවත ආවර්ජනය වීම හැර එවන් වෙනත් කිසිවක් කිසිදු මිනිසෙකු ගෙනා වේ නැත. ඔබේ එදින මා ලැබුවේ නම් ශක්තිමත් ලෙසින් මම ඔබට උපකාර කරමි.' යැයි පැවසීය. පසුව වරකා මිය ගිය අතර දිව්‍යමය හෙළිදරව්ව ටික කලක් නරත විය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට දිව්‍ය පණිවිඩය පහළ වීමේ ආරම්භය පැහැදිලි කිරීම.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ සිහිනය හෙළිදරව් කිරීම් වලින් එකකි.
අවශ්‍ය ප්‍රතිපාදන හා කලමනා පිළියෙල කර ගැනීම ආගමානුගත කරන ලද්දකි. එය තවක්කුල් නම් දේවත්වය මත විශ්වාසය තැබීමට විරුද්ධ වන්නේ නැත. මක්නිසාදයත් විශ්වාසය තබන්නන්ගේ නායකයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පවා එසේ සිදු කර ඇත්තාහ.
උත්තරීතර සර්වබලධාරියාණන්ගේ පූර්ණ උපකාරය. එය තම ගැත්තන් නොදන්නා දෑ ඔවුනට ඉගැන්වීමෙනි. ඔහු අඥාන යුගයේ අන්ධකාරයෙන් ඥානය නම් ආලෝකය වෙත ඔවුන්ව පරිවර්තනය කළේය.
ලිවීමේ දැනුමෙහි මහිමය: එහි සීමා කළ නොහැකි ප්‍රයෝජන රැසක් ඇත. විද්‍යාවන් එමගින් සටහන් කෙරේ. නීති සඳහන් කෙරේ. මුතුන්මිත්තන්ගේ පුවත් සටහන් කෙරේ. පහළ කරන ලද අල්ලාහ්ගේ ග්‍රන්ථ ආරක්ෂා කෙරේ. ආගමික මෙන්ම ලෞකික කටයුතු ස්ථාවරත්වයට පත් වේ.
අල්-කුර්ආනයේ පහළ වූ පළමු පාඨය "ඉක්රඃ බිස්මි රබ්බිකල්ලදී කඃලක්" නම් සූරා අලක් හි පළමු පාඨයයි.
යහපත් සදාචාරය, යහපත් කටයුතු සියලු ආකාරයේ පිළිකුල් සහගත දැයින් ආරක්ෂා වීමට හේතු සාධකයක් වේ. කවරෙකු අධික ලෙස යහපත කරන්නේ ද ඔහුගේ අවසානය යහපත් වේ. මෙලොවෙ හා මතුලොවෙහි ආරක්ෂාව ඔහුට සැළසෙයි.
යහපත උදෙසා පුද්ගලයකුගේ මුහුණට ඍජුව ප්‍රශංසා කිරීමේ අවසරය.
බියට පත් වූ තැනැත්තා සමග ලෙන්ගතුව කටයුතු කළ යුතු අතර ඔහුට ශුභාරංචි පැවසිය යුතුය. ඔහුගේ ආරක්ෂාව සඳහා හේතු සාධක මෙනෙහි කළ යුතුය.
කදීජා (රළියල්ලාහු අන්හා) තුමියගේ පරිපූර්ණත්වය, ඇගේ නිර්ලෝභී අදහස්, ඇගේ ආත්ම ශක්තිය හා ඇගේ තියුණු අවබෝධය සඳහා මෙය මහඟු සාධකයකි. බලවත් සාක්ෂියකි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙනුවෙන් වර්ණනා කිරීමේ දී ඇය ගුණධර්මවල සියලුම වර්ගයේ ප්‍රධාන හා මූලික දෑ එකට ගොනු කරමින් පවසා ඇත. මක්නිසාදයත් යහපත සැළසීම එක්කො සමීප ඥාතීන් වෙත හෝ අසල්වැසියන් වෙත හෝ ශරීරය සමඟ හෝ ධනය සමග හෝ යමක් කර කියා ගත නොහැකි අය සමග හෝ වෙනත් අසරණයින් සමග හෝ වනු ඇත. ගැලපෙන ස්ථානයට සුදුසු පරිදි ඇය තම ප්‍රකාශය පුළුල් ලෙස පවසා ඇත්තාහ.
කිසියම් කෙනෙකුට යම් කටයුත්තක් පහළ වූ විටෙක, තමන්ට විශ්වසනීය ලෙස උපදෙස් දෙන මනා දැක්මක් ඇති අය වෙත යොමු වීම සතුටු දායක වන්නේය.
සහීහුුල් බුහාරි (1/ 7) (3).
සහීහ් මුස්ලිම් (1/ 139) (160).
තවත් බලන්න (3)
النهاية في غريب الحديث و الأثر (673) (175) (349) (402) (383) (811) (942) (143).
إرشاد الساري لشرح صحيح البخاري (1/ 61).
البحر المحيط الثجاج في شرح صحيح الإمام مسلم بن الحجاج (4/ 403).
පොත්වල උපුටා දක්වා ඇත
7 පොත්තවත් බලන්න (6)
- رسول الإسلام محمد صلى الله عليه وسلمهَذَا النَّامُوسُ الَّذِي نَزَّلَ اللَّهُ عَلَى مُوسَى، يَا لَيْتَنِي فِيهَا جَذْعًا، لَيْتَنِي أَكُونُ حَيًّا إِذْ يُخْرِجُكَ قَوْمُكَ، فَقَالَ رَسُولُ اللَّهِ ﷺ: «أَوَ مُخْرِجِيَّ هُمْ»، قَالَ: نَعَمْ، لَمْ يَأْتِ رَجُلٌ قَطُّ بِمِثْلِ مَ
- مجالس تدارس القرآن للمبتدئين (سورة الفاتحة وقصار المفصّل)1أول ما بدئ به رسول الله _صلى الله عليه وسلم_ من الوحي الرؤيا الصالحة في النوم، فكان لا يرى رؤيا إلا جاءت مثل فلق الصبح، ثم حبب إليه الخلاء وكان يخلو بغار حراء فيتحنّث فيه _وهو التعبد الليالي ذوات العدد_ قبل أن ينزع إلى أهله ويتزود لذلك، ثم
- مشروع المنهج التعليميمادة السيرة النبوية«أَوَّلُ مَا بُدِئَ بِهِ رَسُولُ اللهِ ﷺ مِنَ الوَحْيِ الرُّؤْيَا الصَّالِحَةُ فِي النَّوْمِ، فَكَانَ لاَ يَرَى رُؤْيَا إِلَّا جَاءَتْ مِثْلَ فَلَقِ الصُّبْحِ، ثُمَّ حُبِّبَ إِلَيْهِ الخَلاَءُ، وَكَانَ يَخْلُو بِغَارِ حِرَاءٍ فَيَتَحَنَّثُ
- موسوعة الأسئلة (المجموعة الأولى)«أَوَّلُ مَا بُدِئَ بِهِ رَسُولُ اللهِ ﷺ مِنَ الْوَحْيِ الرُّؤْيَا الصَّالِحَةُ فِي النَّوْمِ، فَكَانَ لَا يَرَى رُؤْيَا إِلَّا جَاءَتْ مِثْلَ فَلَقِ الصُّبْحِ، ثُمَّ حُبِّبَ إِلَيْهِ الْخَلَاءُ، وَكَانَ يَخْلُو بِغَارِ حِرَاءٍ فَيَتَحَنَّث
- موسوعة الإيمانعن عائشة أم المؤمنين رضي الله عنها أنها قالت: أَوَّلُ مَا بُدِئَ بِهِ رَسُولُ اللَّهِ صلى الله عليه وسلم مِنَ الوَحْيِ الرُّؤْيَا الصَّالِحَةُ فِي النَّوْمِ، فَكَانَ لَا يَرَى رُؤْيَا إِلَّا جَاءَتْ مِثْلَ فَلَقِ الصُّبْحِ، ثُمَّ حُبِّبَ إِ
- نبراس طالب (4)1وَاللهِ مَا يُخْزِيكَ اللهُ أَبَدًا، إِنَّكَ لَتَصِلُ الرَّحِمَ، وَتَحْمِلُ الكَلَّ، وَتَكْسِبُ المَعْدُومَ، وَتَقْرِي الضَّيْفَ، وَتُعِينُ عَلَى نَوَائِبِ الحَقِّ