Skip to content
සූරා ලැයිස්තුව /

الحُجُرَات

الحُجُرَات is chapter 49 of the Quran and has 18 verses. This page presents it in full in the Uthmani script, with a verse-by-verse translation of its meaning.

18 වැකි සූරා අංකය 49
වැකියට යන්න
සිංහල · Mahir
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تُقَدِّمُواْ بَيۡنَ يَدَيِ ٱللَّهِ وَرَسُولِهِۦۖ وَٱتَّقُواْ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٞ

අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ඉදිරියේ අබිබවා නො යනු. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය.

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَرۡفَعُوٓاْ أَصۡوَٰتَكُمۡ فَوۡقَ صَوۡتِ ٱلنَّبِيِّ وَلَا تَجۡهَرُواْ لَهُۥ بِٱلۡقَوۡلِ كَجَهۡرِ بَعۡضِكُمۡ لِبَعۡضٍ أَن تَحۡبَطَ أَعۡمَٰلُكُمۡ وَأَنتُمۡ لَا تَشۡعُرُونَ

අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාගේ හඬ නබිවරයාගේ හඬට වඩා උස් නො කරනු. නුඹලා ඇතැමෙකු ඇතැමෙකුට සැරෙන් කතා කරනවාක් මෙන් ඔහුට හඬනගා සැරෙන් කතා නො කරනු. එවිට නුඹලා නො දැනුවත්වම නුඹලාගේ ක්‍රියාවන් නිෂ්ඵල වී යනු ඇත.

إِنَّ ٱلَّذِينَ يَغُضُّونَ أَصۡوَٰتَهُمۡ عِندَ رَسُولِ ٱللَّهِ أُوْلَٰٓئِكَ ٱلَّذِينَ ٱمۡتَحَنَ ٱللَّهُ قُلُوبَهُمۡ لِلتَّقۡوَىٰۚ لَهُم مَّغۡفِرَةٞ وَأَجۡرٌ عَظِيمٌ

නියත වශයෙන් ම අල්ලාහ්ගේ දූතයාණන් අබියස ඔවුන්ගේ හඬ පහත් කරන්නන් වනාහි තම හදවත් බිය බැතිමත්භාවය සඳහා පරීක්ෂාවට ලක් කළවුන් ඔවුහු ම ය. ඔවුනට සමාව හා මහත් වූ ප්‍රතිඵල ඇත.

إِنَّ ٱلَّذِينَ يُنَادُونَكَ مِن وَرَآءِ ٱلۡحُجُرَٰتِ أَكۡثَرُهُمۡ لَا يَعۡقِلُونَ

නියත වශයෙන් ම කුටිවලට පිටින් සිට නුඹව අමතන්නන් වනාහි ඔවුන්ගෙන් බහුතරයක් දෙනා වටහා නො ගන්නා අය වෙති.

وَلَوۡ أَنَّهُمۡ صَبَرُواْ حَتَّىٰ تَخۡرُجَ إِلَيۡهِمۡ لَكَانَ خَيۡرٗا لَّهُمۡۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ

තවද නුඹ ඔවුන් වෙත (නිවසින්) බැහැරව පැමිණෙන තෙක් නියත වශයෙන් ම ඔවුන් ඉවසා සිටියේ නම් එය ඔවුනට යහපත් වන්නට තිබුණි. තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහා කරුණාන්විත ය.