Skip to content

පිරිමියකුගේ ගුද මාර්ගයේ හෝ කාන්තාවකගේ ගුද මාර්ගයේ හෝ සංසර්ගයේ නියැළුණු පුද්ගලයකු දෙස අල්ලාහ් කරුණා බැල්මෙන් නොබලයි

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

"පිරිමියකුගේ ගුද මාර්ගයේ හෝ කාන්තාවකගේ ගුද මාර්ගයේ හෝ සංසර්ගයේ නියැළුණු පුද්ගලයකු දෙස අල්ලාහ් කරුණා බැල්මෙන් නොබලයි."

«لَا يَنْظُرُ اللهُ إِلَى رَجُلٍ أَتَى رَجُلًا أَوِ امْرَأَةً فِي دُبُرٍ».

මෙය තිර්මිදී සහ අල් කුබ්රාහි අන් නසාඊ යන ඉමාම්වරුන් වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

පිරිමියකුගේ ගුද මාර්ගයේ හෝ කාන්තාවකගේ ගුද මාර්ගයේ හෝ සංසර්ගයේ යෙදෙන පුද්ගලයකු දෙස සැබැවින්ම අල්ලාහ් කාරුණික බැල්මෙන් නො බලන බව පවසමින් දැඩි සේ අනතුරු අඟවා ඒ ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කර සිටියහ. සැබැවින්ම එය මහා පාපයන්ගෙන් එකකි.

හදීසයෙන් උගත හැකි පාඩම්

පිරිමියෙක් පිරිමියකු සමග ලිංගික පහස විඳීම -සමලිංගික සේවනය- මහා පාපයන් අතරින් එකකි.

කාන්තාවකගේ ගුද මාර්ගයේ සංසර්ගයේ යෙදීමත් මහා පාපයන්ගෙන් එකකි.

(අල්ලාහ් නො බලන්නේය) එනම්: කාරුණික හා දයාබර බැල්මෙන් නොබලයි යන්නය. සාමාන්‍ය බැල්ම මින් අදහස් කරන්නේ නැත. හේතුව උත්තරීතර අල්ලාහ්ට කිසිවක් සැඟවෙන්නේ නැති බැවින් හා ඔහුගේ බැල්මෙන් කිසිවක් ඉවතට යන්නේ නැති බැවිනි.

මෙම ක්‍රියාවන් බරපතල දුෂ්ඨ හා මිනිස් සමූහයාට හානිදායක ක්‍රියාවන්ය. මිනිස් සමාජයේ සහජ ධර්මතාවට පටහැනි, මිනිස් පරපුර හීන කරන, විවාහක ජීවිතය දූෂිත කරන, සතුරුකම හා ක්‍රෝධය වපුරන, අපිරිසිදු තැන්හි වැටෙන කරුණු එහි ඇතුළත් වේ.

මූලාශ්‍ර

සුනන් අත් තිර්මිදි (2/ 457) (1165).

අල්-නසාඊ තුමාගේ සුනන් අල්-කුබ්රා (8/ 197) (8952).

තවත් බලන්න (6)

توضِيحُ الأحكَامِ مِن بُلوُغ المَرَام.

للبسام (5/ 347).

فتح ذي الجلال والإكرام بشرح بلوغ المرام.

لابن عثيمين (4/ 536).

تحفة الأحوذي بشرح جامع الترمذي.

للمباركفوري (4/ 276).