Skip to content

මා වෙත දිව්‍ය වැකි කිහිපයක් පහළ විය. එවන් හා සමාන දෙයක් කිසිවිටෙකත් දක්නට නොවීය. එය ආරක්ෂාව පතන පරිච්ඡේද දෙක ය

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තමන්ට ප්‍රකාශ කළ බව උා ඉබ්නු ආමිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

"මා වෙත දිව්‍ය වැකි කිහිපයක් පහළ විය. එවන් හා සමාන දෙයක් කිසිවිටෙකත් දක්නට නොවීය. එය ආරක්ෂාව පතන පරිච්ඡේද දෙක ය."

«أُنْزِلَ -أَوْ أُنْزِلَتْ- عَلَيَّ آيَاتٌ لَمْ يُرَ مِثْلُهُنَّ قَطُّ، الْمُعَوِّذَتَيْنِ».

මුස්ලිම් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තමන්ට ප්‍රකාශ කළ බව උක්බත් ඉබ්නු ආමිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ දන්වන ලදී: "මා වෙත දිව්‍ය වැකි කිහිපයක් මේ රාත්‍රියේ අල්ලාහ් පහළ කර ඇත. එවන් හා සමාන දෙයක් කිසිවිටෙකත් දක්නට නොවීය. -එය ආරක්ෂාව සම්බන්ධයෙන් අදහස් කෙරේ - එය මුඅව්විදතානි හෙවත් ආරක්ෂාව පතන පරිච්ඡේද දෙක ය. එනම්: 'කුල් අඌදු බිරබ්බිල් ෆලක්' යනුවෙන් කියැවෙන පරිච්ඡේදය හා 'කුල් අඌදු බිරබ්බින් නාස්' යනුවෙන් කියැවෙන පරිච්ඡේදයයි.

හදීසයෙන් උගත හැකි පාඩම්

මෙම සූරා දෙකෙහි අතිමහත් මහිමය පැහැදිලි කිරීම.

හිංසාවක් පීඩාවක් ඇතිවන සියලුම අවස්ථාවන්හි මෙම පරිච්ඡේද දෙක උසුරා ආරක්ෂාව පැතීමට උනන්දු කිරීම.

මූලාශ්‍ර

සහීහ් මුස්ලිම් (1/ 558) (814).

සුනන් අන් නසාඊ (2/ 158) (952).

තවත් බලන්න (1)

ذخيرة العقبى في شرح المجتبى (12/ 312).