කාන්තාවන් අතරට පිවිසීම ගැන මම නුඹලාට අවවාද කරමි" යැයි පැවසූහ. එවිට අන්සාර්වරුන් අතුරින් වූ මිනිසෙකු අල්ලාහ්ගේ දූතයාණනි, "හම්වූ පිළිබඳ ඔබ කුමක් සිතන්නෙහි ද?" යැයි විමසුවේය. (එවිට) ‘හම්වු මරණය වේ" යැයි එතුමා පැවසුවේය
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උක්බත් ඉබ්නු ආමිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"කාන්තාවන් අතරට පිවිසීම ගැන මම නුඹලාට අවවාද කරමි" යැයි පැවසූහ. එවිට අන්සාර්වරුන් අතුරින් වූ මිනිසෙකු අල්ලාහ්ගේ දූතයාණනි, "හම්වූ පිළිබඳ ඔබ කුමක් සිතන්නෙහි ද?" යැයි විමසුවේය. (එවිට) ‘හම්වු මරණය වේ" යැයි එතුමා පැවසුවේය.
«إِيَّاكُمْ وَالدُّخُولَ عَلَى النِّسَاءِ» فَقَالَ رَجُلٌ مِنَ الأَنْصَارِ: يَا رَسُولَ اللَّهِ، أَفَرَأَيْتَ الحَمْوَ؟ قَالَ: «الحَمْوُ المَوْتُ».
පිටස්තර කාන්තාවන් සමග මිශ්‍ර වී එකට කටයුතු කිරීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. එතුමාණෝ: "කාන්තාවන් අතරට ඔබ පිවිසීම හා ඔබ අතරට කාන්තාවන් පිවිසීම ගැන ඔබ ප්‍රවේසම් වන්න" යැයි පැවසූහ. එවිට අන්සාරි පුද්ගලයකු: සැමියාගේ නෑයන් වන සැමියාගේ සහෝදරයා, ඔහුගේ සහෝදරයාගේ පුතා, ඔහුගේ මාමා හෝ ඔහුගේ මාමාගේ පුතුන්, ඔහුගේ සහෝදරියගේ පුතා වැනි විවාහ නොවු අය ඇයට විවාහ කරදීමට අනුමැතිය ඇති උදවිය ගැන ඔබේ අදහස කුමක්දැ?යි විමසා සිටියේය. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ මෙසේ පැවසූහ: "මරණය ගැන ප්‍රවේසම් වන්නාක් මෙන් ඔහු ගැන ද ඔබ ප්‍රවේසම් වන්න. එවැනි අය සමග තනිවීම දහම තුළ අර්බුද හා විනාශය ගොඩ නැගෙන්නට ඉඩ සලසනු ඇත. සැමියාගේ පියා හා ඔහුගේ දරුවන් හැර සැමියාගේ සෙසු ඥාතීන් විවාහ වීමේ හැකියාව ඇති බැවින් ඔවුන්ගෙන් වැළකී සිටීම වඩාත් උචිත ය. සැමියාගේ සමීප ඥාතීන් සමග තනිවීමේ අවස්ථා සෙසු අය සමග තනිවීමේ අවස්ථාවන්ට වඩා අධිකය. ඔවුන්ගෙන් ඇති වන හානිය සෙසු අයගෙන් ඇතිවන හානියට වඩා අධිකය. අර්බුද ඇතිවීමේ හැකියාව වැඩිය. ඊට හේතුව කිසිදු විරෝධයකින් තොරව ඔහුට එම කාන්තාව වෙත ළඟා වීමටත් ඇය සමඟ තනිවීමටත් ඉඩ අවස්ථා ලැබෙන බැවිනි. ඇයගෙන් එය වළක්වා ගත නොහැකි වේ. එහි දී නොසැලකිලිමත්භාවයෙන් යුතුව එසේ හුරු වීමෙන් මිනිසා තම සහෝදරයාගේ බිරිඳ සමඟ තනිව සිටින්නට ඉඩ සැළසෙයි. ඔහු මහරම් නොවන මිනිසා මෙන් නොව, ඔහු විසින් සිදුවන අශීලාචාරය හා දූෂණය අනුව ඔහු මරණයට සමාන වන්නේය. එහෙයින් සැබැවින්ම ඔහු ඉන් වැළකී සිටිය යුතු ය."
දුරාචාරයේ කඩතුරාව වැළැක්වීම සඳහා පිටස්තර කාන්තාවන් අතරට පිවිසීමේ හා ඔවුන් සමග තනිවීමේ තහනම.
කාන්තාවකට මහ්රම් නොවන සැමියාගේ සහෝදරයා හා ඔහුගේ ඥාතීන් අතරින් පිටස්තරයන් සම්බන්ධයෙන් වූ පොදු ප්‍රකාශයකි මෙය. තනිවීමේ හැකියාව ඇති අවස්ථාවන්හි එසේ පිවිසීම ගැන සැළකිලිමත් විය යුතුය.
නපුරකට වැටෙනු ඇතැයි යන බිය නිසාවෙන්, පොදුවේ වැරදි සිදුවිය හැකි තැන්වලින් දුරස්වීම.
නවවි තුමා මෙසේ පවසයි: භාෂා විශාරදයින්ගේ ඒකමතික අදහස වනුයේ 'හම්වු' නැතහොත් එහි බහුවචනය වන අහ්මා යන අරාබි පදයෙන් කාන්තාවකගේ ස්වාමිපුරුෂයාගේ පියා, ඔහුගේ බාප්පා හෝ මහප්පා, ඔහුගේ සහෝදරයා, ඔහුගේ සහෝදරයාගේ පුතා, ඔහුගේ මාමා හා එවැනි ඥාතීන්ය. එමෙන්ම අහ්තාන් යන අරාබි පදයෙන් බිරියගේ ඥාතීන් පිළිඹිබු වේ. තවද අස්හාර් යන අරාබි පදයෙන් අඹුසැමි දෙවර්ගයට අයත් ඥාතීන් පිළිඹිබු වේ.
හම්වු යන අය මරණයට සමාන කර ඇත. ඉබ්නු හජර් තුමා පවසා සිටිනුයේ, අරාබිවරු පිළිකුල් සහගත දෑ ගැන වර්ණනා කරනුයේ 'මව්ත්' හෙවත් මරණය යනුවෙනි. එසේ සමාන කිරීමේ ස්වරූපය නම්, සැබැවින්ම පාපයේ වැටුණේ නම් එය දහමේ මරණය යි. පාපෙය් වැටී ගල් ගසා මරා දැමීම අනිවාර්යය වූයේ නම් එය ජීවිතයේ අවසානයයි. ඊර්ෂ්‍යාව ඇයව දික්කසාද කිරීමට ඔහුව පෙළඹවූයේ නම් තම ස්වාමිපුරුෂයාගෙන් වෙන්වීම ඇයගේ විනාශයයි.
සහීහුුල් බුහාරි (7/ 37) (5232).
සහීහ් මුස්ලිම් (4/ 1711) (2172).
තවත් බලන්න (4)
الإلمام بشرح عمدة الأحكام.
لإسماعيل الأنصاري (2/ 69).
تيسير العلام شرح عمدة الأحكام.
لعبد الله البسام (ص589).