Skip to content

“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කිසිවිටෙක එතුමාණන්ගේ කුඩා දිව පෙනෙන තරමට මහා හඩින් සිනහසෙන්නෙකු ලෙස මා දැක නැත. එතුමා මද සිනහ පාන්නෙකු වූහ.”

මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:

“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කිසිවිටෙක එතුමාණන්ගේ කුඩා දිව පෙනෙන තරමට මහා හඩින් සිනහසෙන්නෙකු ලෙස මා දැක නැත. එතුමා මද සිනහ පාන්නෙකු වූහ.”

مَا رَأَيْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مُسْتَجْمِعًا قَطُّ ضَاحِكًا، حَتَّى أَرَى مِنْهُ لَهَوَاتِهِ، إِنَّمَا كَانَ يَتَبَسَّمُ.

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

"සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සිනහ වීමේ දී තම කුඩා දිව පෙනෙන තරමට මහා හඩින් සිනහ වී නැත" යැයි ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය දන්වා සිටියි. පොඩි දිව යනු යටි උගුරේ එල්ලී පවතින මාංශ කැබැල්ලය. නමුත් එතුමාගේ සිනහව මද සිනහවක් විය.

හදීසයෙන් උගත හැකි පාඩම්

අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) යමක් දැක සතුටු වූ විටෙක හෝ කැමති වූ විටෙක මද සිනහ පාන්නෙකු වූහ.

ඉබ්නු හජර් තුමා මෙසේ පවසා සිටියි:“එතුමාණන් සිනහ වන විට මහ හඬින් හා සම්පූර්ණයෙන් සිනා සෙන කෙනෙකු ලෙස මා නොදුටුවෙමි.“ යන්න එතුමියගේ අදහසයි.

අධික ලෙස සිනහවීම හා හඬ නගා සිනහවීම දැහැමියන්ගේ ගුණාංගයක් නොවේ.

අධික ලෙස සිනහවීම මිනිසෙකුගේ කීර්තිය සහ ඔහුගේ සහෝදරයන් අතර ඇති ගෞරවය විනාශ කරනු ඇත.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (8/ 24) (6092).

සහීහ් මුස්ලිම් (2/ 616) (899).