Skip to content

ගමනක දී උපවාසයේ නිරත වීම යහපත් කටයුතු අතුරින් නොවන්නකි

ජාබිර් ඉබ්නු අබ්දිල්ලා (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගමනක නිරත වී සිටියහ. එවිට එතුමාණෝ මිනිසකු වටා එක්රැස් වී සිටින පිරිසක් දුටුහ. ඔහුට හෙවණ ලබා දෙමින් තිබිණ. එවිට එතුමාණෝ "මේ කුමක් ද?" දැයි විමසූහ. ඔවුහු 'ඔහු උපවාසකරුවකු වේ." යැයි පැවසුවෝය. එවිට එතුමාණෝ ගමනක දී උපවාසයේ නිරත වීම යහපත් කටයුතු අතුරින් නොවන්නකි." යැයි පැවසූහ. තවත් ප්‍රකාශයක: "ඔබට අල්ලාහ් පිරිනමා ඇති සහනයන් පිළිපැඳීම ඔබ සතු වගකීමකි" යැයි පවසා ඇත්තාහ.

كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي سَفَرٍ، فَرَأَى زِحَامًا وَرَجُلًا قَدْ ظُلِّلَ عَلَيْهِ، فَقَالَ: «مَا هَذَا؟»، فَقَالُوا: صَائِمٌ، فَقَالَ: «لَيْسَ مِنَ البِرِّ الصَّوْمُ فِي السَّفَرِ»، وَفِي لَفْظٍ لِمُسلِمٍ: «عَلَيْكُمْ بِرُخْصَةِ اللهِ الَّذِي رَخَّصَ لَكُمْ».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගමනක නිරත වී සිටියහ. එවිට එතුමාණෝ මිනිසකු දුටුහ. ඔහු වටා මිනිසුන් එක්රැස් වී හිරු රෂ්මියෙන් හෙවණ ලබා දෙමින් සිටියහ. ඔහු අධික තිබහයකින් පසු විය. එවිට එතුමාණෝ ඔහුට කුමක් සිදු වී ඇත්තේ දැයි විමසූහ. ඔවුහු 'ඔහු උපවාසයේ නිරත ව සිටින අයෙකි' යැයි පැවසුවෝය. එවිට එතුමාණෝ 'ගමනක උපවාසයේ නිරත වීම යහපත් කටයුතු අතුරින් නොවන්නකි. ඔබට අල්ලාහ් ලබා දී ඇති අවකාශයන් (සහනයන්) පිළිපැඳීම ඔබ සතු වගකීමකි' යැයි පැවසූහ.

හදීසයෙන් උගත හැකි පාඩම්

ඉස්ලාමීය පිළිවෙත් පහසු කර තිබීම ගැන විස්තර කිරීම.

ගමනකදී උපවාසයේ නිරත වීමට අවසරය තිබෙනවාක් මෙන්ම උපවාසයෙන් මිදීමේ සහනය පිළිපැදීමට ද අවසරය ඇත.

ගමන දුෂ්කර නම් එවිට එම ගමනේ දී උපවාසයේ නිරත වීම පිළිකුල් සහගත ය. එය ජීවිතය විනාශ කරන තරමට දුෂ්කර වී නම් එවිට උපවාසයේ නිරත වීම හරාම් (තහනම්) වේ.

නවවි තුමා මෙසේ පවසයි: "ගමනේ දී ඔබ උපවාසයේ නිරත වීම යහපත් කටයුතු අතරින් නොවේ යන ප්‍රකාශයේ අදහස: 'එය ඔබට දුෂ්කර වූ විටෙක ඔබට හානියක් ඇති වනු ඇතැයි බිය වූ විටෙක ය. හදීසයේ සන්දර්භය අර්ථ නිරූපණය කරන්නේ මෙයයි."

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ තම සහගාමීන් ගැන සොයා බැලූ අතර ඔවුන්ගේ තත්වයන් පිළිබඳව විමසා සිටියහ.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (3/ 34) (1946).

සහීහ් මුස්ලිම් (2/ 786) (1115).

තවත් බලන්න (4)

تيسير العلام.

للبسام (ص327).

تنبيه الأفهام شرح عمدة الإحكام.

لابن عثيمين (3/ 433).